(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අපරාධයකට යොදා ගැනීමේ අරමුණින් ග්‍රීස් තවරා හොඳින් ආවරණය කර වළදමා තිබූ නවීන පන්නයේ ටි 56 ගිනි අවියක් වැලිකන්ද සෝමාවතිය රක්ෂිතයට යන මාර්ගයේ මයිල ගසක් අසල වළදමා තිබියදී සොයා ගත්බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන්කරයි.

සොයාගත් එම ගිනි අවියේ හඳුනා ගැනීමේ අංක මකාදමා තිබූ බවද පොලිසිය කියයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ බුද්ධි ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අදාළව විමර්ශන ඒකක (05) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මදුක භාෂිත රසාංජන නිලධාරියා ඇතුළු කණ්ඩායමක් මඩකලපුව ප්‍රදේශයේ ආනන්ද කුලම රක්ෂිතයේ සෝදිසි කිරීම සඳහා ලබාගත් වරෙන්තුවක් අනුව එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කෙරිණි.

කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් කිසියම් අපරාධයක් සිදුකිරීම සඳහා නැවත ගොඩ ගැනීමේ බලාපොරොත්තුව ගිනි අවියට ග්‍රීස් තවරා පොලිතින් කොළවලින් හොඳින් ආවරණය කර මෙ ස්ථානයේ ඉතා සුරක්ෂිතව වළඳමා තිබූ බව පොලිසිය කියයි.