15ක් බිලි ගත් ඇල්ලේ බසය හොර පාරේ ගිය එකක් පහළොස් දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරටපත් බස් රථය පොදු ප්‍රවාහනය සඳහා ලියාපදිංචියෙන් ඉවත් වූ එකක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය 06 September 2025
O.I.C 4ක් සාමාන්‍ය රාජකාරිවලට මහියංගණය ,මීගමුව බඩල්ගම ,කුලියාපිටිය කඳානේගෙදර සහ රත්නපුර පනාමුර පොලිස් ස්ථානාධිපති තනතුර දැරූ නිලධාරීන් සිව් දෙනා සාමාන්‍ය රාජකාරී සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර යවා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 06 September 2025
වීසා නැති ශ්‍රී ලාංකික 5000ක් ඊශ්‍රායලයේ විසා බලපත් නොමැති ශ්‍රී ලාංකිකයන් පන්දහසක් පමණ ඊශ්‍රායලයේ රැඳී සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවැසිය. 06 September 2025
පංචිකාවත්තේ වෙඩි තැබීමක් මරදාන, පංචිකාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව මරදාන පොලිසිය පවසයි. 06 September 2025
ග්‍රෑන්ඩ් පාස් වෙඩි තැබීමක්: අයෙක් මරුට ග්‍රෑන්ඩ් පාස් මහවත්ත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. 06 September 2025
නාමල්ගේ පද්මේ කතාවට මහජන ආරක්ෂක ඇමතිගෙන් පිළිතුරක් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලකරුවන් සමග සබඳතාවක් තිබුණා නම් එය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ හෘද සාක්ෂිය එය හොඳාකාරවම දන්නවා ඇති යැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 05 September 2025
ඇල්ලේදී ජීවිත බේරන්න කළ මෙහෙවරට නාමල් හිස නමයි ඇල්ල අනතුරේදී ජනතාවගේ ජීවිත බේරා ගැනීමට දායක වූ සියලු දෙනා පෙන්වූ මනුෂ්‍යත්වයේ උත්තරීතර බවට තම හෘදයාංගම ගෞවරය පිරිනමන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 05 September 2025
පාරේ යන මිනිසුන්ගේ ගිණුම්වලින් සල්ලි ඇද්ද පි.සී මාට්ටු කොළඹ ප්‍රදේශයේ ස්ථාන තුනකදි සිවිල් පුද්ගලයන් කිහිප දෙනකුද සමග එක්වී මාර්ගයේ ගමන් කරන පිරිස් නවතා පරීක්ෂා කර ඔවුන්ගේ ජංගම දුරකථනවල අන්තර්ජාල බැංකු සේවා මගින් සිය ගිණුම්වලට බලහත්කාරයෙන් මුදල් බැරකර ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු ඊයේ (4) සැකපිට අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය සඳහන් කරයි. 05 September 2025
ඇල්ලේ අනතුර ගැන ජනපති ඇතුළු රජයේ සංවේගය ඇල්ල බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සියලුදෙනාගේ පවුල් වෙත ජනාධිපතිවරයා ඇතුළු රජයේ සංවේගය පළ කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ජාතික මීලාද් - උන් - නබි සැමරුම් උත්සවය අමතමින් පැවසීය. 05 September 2025
උණුසුම් කාලගුණය ගැන අවධානයෙන් ඉන්න මෙරටට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ ප්‍රදේශ රැසක ජනතාව හෙට (6) දිනයේ අවධානය යොමුකළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 September 2025
අරුණගේ විශ්වාසභංගය: ලේකම්වරුන්ගෙන් වාර්තාව කතානායකට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ලේකම්වරුන්ගේ මතය ඇතුළත් වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ඊයේ ( 4) බාරදී ඇත. 05 September 2025
අයිස් ෆැක්ට්‍රියේ කෝටි 250ක අමුද්‍රව්‍ය මිද්දෙණියෙන් ගොඩ ගනියි ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී අත්අඩංගුවට ගත් කෙහල්බද්දර පද්මේ විසින් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සඳහා රැගෙන ආ බව කියන රුපියල් කෝටි 250 ක් පමණ වටිනා රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ වත්තක වළඳමා තිබියදී සොයා ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි 05 September 2025
රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා සභාවෙන් ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) හිටපු තරග තීරකවරයෙක් වන රොෂාන් මහානාම මහතා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. 05 September 2025
ඇල්ල අනතුරෙන් මියගිය අයකුට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 10ක් ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදුවූ මාරක බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබේ. 05 September 2025
වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය සිසුවෙක් මරුට වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය, මහනුවර ප්‍රධාන පෙලේ පිරිමි විදුහලක සිසුන් තිදෙනෙකු දියේ ගිලී ඇති අතර ඉන් සිසුන් දෙදෙනෙක් බේරාගත් බවත් එක් සිසුවෙක් මරණයට පත්ව ඇති බවත් තෙල්දෙණිය පොලිසි පවසයි. 05 September 2025
අගමැතිනි-ඉතාලි විදේශ නි.මහලේකම් හමුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් Maria Tripodi මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 05 September 2025
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් මත්ද්‍රව්‍ය-ජංගම දුරකතන සොයාගනී කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී ස්මාට් අත් ඔරලෝසුවක් , ජංගම දුරකථන තොගයක් සහ විවිධ මත්ද්‍රව්‍ය හමුවී ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 05 September 2025
වැඩ වල ප්‍රගතිය අහන්න දිසාපතිලා ජනපති කාර්යාලයට කැඳවයි සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්රතිලාභ සමාජයේ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා රජයේ ප්රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ආරම්භ කිරීම සහ මේ වන විටත් ක්‍රියාත්මක රජයේ ප්රමුඛ සංවර්ධන වැඩසටහන් වල දිස්ත්‍රික් මට්ටමේ ප්‍රගති සාමාලෝචනය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 05 September 2025
ඇල්ල බස් අනතුර ගැන මහින්ද දුක් වෙයි මුළු රටේ ම ජනතාව සංවේගයට පත් කළ ඇල්ල බස් අනතුරට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් අතිශය කණගාටුවට පත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 05 September 2025
තැපෑල ජනතාවට සමීප කරන්න සියලු දේ කරනවා තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු අඩුපාඩු කඩිනමින් සකසා ජනතාවට වේගවත් පහසු විශ්වාසදායී තැපැල් සේවාවක් රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා රජය පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍යා නලින් ද ජයතිස්ස මහතා ඊයේ (04) ගලේවෙල දී පැවසීය. 05 September 2025
සීඅයිඩියේ පැමිණිලි කඳු ගැහිලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව හැටදහසක් දක්වා ඉහළ ගොස් ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 05 September 2025
පොලිසියේ කැබ් රථය සොරාගෙන ගිය සිද්ධියට පීසී අත්අඩංගුවට තිස්සමහාරාම පොලිසියේ කැබ් රථයක් සොරාගෙන යාම සම්බන්ධයෙන් එම කැබ් රථ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 05 September 2025
‘කුෂ්‘ සමඟ විදේශිකයා ගුවන්තොටේදී අල්ලයි රුපියල් දස කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු අද(05) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 05 September 2025
බස් අනතුරින් මියගිය අය අතර තංගල්ල න.ස ලේකම් ඇතුලු සේවකයින් 12ක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කණුව ප්‍රදේශයේ සිදු වූ විනෝද චාරිකා බස් රථ අනතුරින් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුලු කාර්ය මංඩලයේ 12 දෙනකු සිටින බව ඇල්ල පොලිසිය පවසයි . 05 September 2025
හදවත රකින බේතක් ගේන්න ප්‍රසම්පාදනය දෙයි ටෙනෙක් විප්ලේස් එන්නත් මිලිග්‍රෑම් 40න් වයල් 30,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 September 2025
පද්මේගේ අයිස් ෆැක්ටරියේ පාකිස්තානුවොත් වැඩ කරලා කෙහෙල්බද්දර පද්මේ නුවරඑළියේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයයේ පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකුද සේවය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 05 September 2025
ඇල්ලේ ප්‍රපාතෙට කඹෙන් බැස්ස ආමි දෙන්නෙක් අනතුරක තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් ගමන් ගත් විනෝද චාරිකා පෞද්ගලික බස් රථයක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී ඊයේ (4) රාත්‍රි ප්‍රපාතයකට පෙරලීයාමෙන් තුවාල ලැබූ තුවාලකරුවන් බේරා ගැනිමට කඹ ආධාරයෙන් ප්‍රපාතයට බැසීමට ගිය යුද හමුදා නිළධාරින් දෙදෙනකු ලිස්සා ඇද වැටී තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව ඇල්ල පොලිසිය පවසයි . 05 September 2025
බසය ප්‍රපාතයට පෙරැළිමට පෙර ජීප් රියකත් ගැටිලා ඇල්ල රාවණා ඇල්ල 15කණුව ප්‍රදේශයේදී 15 දෙනෙකුට මරු කැදවමින් 18 කට තුවාල සිදුවූ තංගල්ල නගර සභා සේවක පිරිස ගමන් ගත් විනෝද චාරිකා පෞද්ගලික බස් රථය ප්‍රපාතයට පෙරැළී යාමට සුළු මොහොතකට පෙර ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයකද ගැටී පසුව බස් රථය මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටේ ගැටී අඩිදහසක පමණ ප්‍රපාතයට පෙරැළී ගොස් ඇතයි ඇල්ල පොලිසිය පවසයි . 05 September 2025
අතීතේ අතුරුදන් වූවන් හොයන්න 75ක අනුමණ්ඩලයක් අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරන පැමිණිලි පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 September 2025
අද කාලගුණය ඌව පළාත , අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල අද (05) ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 September 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025