
(අංජුල මහික වීරරත්න)
ස්විස්ටන්ලන්තයේ ජිනීවා හී දී පසුගිය 16වන දින ආරම්භ වී පුරා දින 7ක් පැවති 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව නිමාවට පත්විය.
“One world for Health” යන තේමාව මුලික කරගනිමින් පැවති මෙම ලෝක සෞඛ්‍ය සමුළුව තුළින් ශ්‍රී ලංකාවට ද සෞඛ්‍ය ක්ෂේත්රයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවස්ථාවන්, නව සබඳතා සමඟ ඇගයීම් රැසක් හිමිවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
79 වන ලෝක සෞඛ්‍ය සමුළුව රටවල් 194 ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විවිධ සංවිධාන වල නියෝජිතයින්, නිරීක්ෂකයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මැයි 19 වන දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමුළුව අමතනු ලැබීය.
79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දෙන ප්‍රමිතීන්ට අනුකූලව සහ ගෝලීය උපදේශන කමිටු නිර්දේශයන්ට අනුකූලව මහජන සෞඛ්‍ය ගැටළුවක් වූ මවගෙන් දරුවාට HIV සහ උපදංශ (Syphilis) සම්ප්‍රේෂණය වීම මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් නොවන මට්ටමට අවම කරමින් එම තත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම තුළින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය අත්කරගත්තා වු ප්‍රගතිය අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරටට ඇගයීම් සහතික පත්‍රයක් ප්රදානය කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd