ඉල්ලීමක් කළොත් වාහනයක් දෙනවා...
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂක නිලධාරීන්ගේ පාවිච්චිය සඳහා ලබාදී තිබූ ආරක්ෂක රථ වාහන සහ අනෙකුත් දේ රජයට භාර දී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් කළහොත් නැවතත් සලකා බැලිය හැකි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.