ශෂීන්ද්‍රට උදවු කළ හානිපූර්ණ කාර්යාලයේ හිටපු ලොක්කියක් අත්අඩංගුවට
අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා වන්දි නියම කිරීමේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමග කුමන්ත්‍රණය කළේ යැයි කියන හානිපූර්ණ කාර්යාලයේ එවකට වැඩ බලන අධ්යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සභාව මගින් අද අත්අඩංගුවට ගැනිණි.