රම්බොඩ නායයාමකින් 14 දෙනෙක් මරුට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රම්බොඩ ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් පුද්ගලයන් 14 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 29 November 2025
ගිරිබාවේ 33ක් ගුවන් හමුදාව බේරා රාජාංගනය ගිරිබාව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් සිර වී සිටි පුද්ගලයන් 33 දෙනකු අද (29) උදෑසන ගුවන් හමුදාවට අයත් MI -17 හෙලිකොප්ටර් යානයක් මගින් බේරා ගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවසීය. 29 November 2025
කොටුව සිටි භික්ෂූන් වහන්සේ 450ක් බේරා ගැනෙති අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 22 හි පවුල් 6,881 ක පුද්ගලයින් 23,194 දෙනෙක් පීඩාවට පත්ව සිටීති. 29 November 2025
දෙස් විදෙස් ආධාර -බැංකු ගිණුම් අංක යාවත්කාලීන කරයි විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා නිකුත් කරන ලද බැංකු ගිණුම් අංක යාවත්කාලීන කර ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි. 29 November 2025
සෞඛ්‍ය ගැටලු ගැන අහන්න හදිසි ඇමතුම් අංකයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවතින ආපදා තත්ත්වය හමුවේ “ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය“ මේ වන විට පැය 24 පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇත. 29 November 2025
ඇමෙරිකාවෙන් කෝටි 62ක මුදල් දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහාය සැපයීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 62 ක් පමණ) මුදලක් ඇමරිකානු රජය වෙන්කර ඇතැයි මෙරට ඇමෙරිකානු තානාපතිනි ජුලී චංග් මහත්මිය අද (29) ප්‍රකාශ කළාය. 29 November 2025
රට පුරා හදිසි නීතිය පනවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දිවයින පුරා හදිසි නීතිය පනවනු ලැබ තිබේ. 29 November 2025
මහනුවර අතරමංව සිටි අයට දළදා මාලිගාවෙන් දැඩි ආපදා සහ ගංවතුර තත්තවයන් හේතුවෙන් මහනුවර නගරයේ සියලු සේවාවන් අඩපණ වී , ප්‍රවාහණ සේවාවන් සහ පානීය ජල සැපයුම් සේවා දින හතරක් තිස්සේ නතර වී විදුලිය විසන්ධි වී තිබීම නිසා ,සියලු ව්‍යාපාරික ස්ථාන ආපන ශාලා වැසී යාම හේතුවෙන් ජන ජීවිතය මුළුමනින්ම අඩපණ වී ඇතැයි නගර වැසියෝ පවසති . 29 November 2025
උඩුදුම්බර පිරස් ආධාර ඉල්ලයි: ආධාර දෙන්න පොලිසිය පාර කපයි උඩදුම්බර මැතිවරණ කොට්ඨාශයේ නායෑමෙන් අවතැන්ව සිටින ගංගොඩ ජනතාවට ආහාර ,පානීය ජලය ,බෙහෙත් ළදරු කිරිපිටි සනීපාරක්ෂක ද්‍රව්‍ය සීතලට භාවිතා කරන ඇඳුම් ,පැනඩෝල් සිද්ධාලේප අවශ්‍ය වී ඇතැයි කියති. 29 November 2025
මාලදිවයිනෙන් ඩොලර් 50,000 මුදල් ආධාර දැඩි අවදානම් තත්ත්වයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහාය වීම සඳහා ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් සහ ටූනා කෑන් පෙට්ටි 25,000 ක් ශ්‍රී ලංකාවට ආධාර ලෙස ලබාදෙන බව මාලදිවයින් රජය අද (29) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 29 November 2025
කුරුණෑගල තැන් දෙකක නාය යාමක්:20ක් අතුරුදන් කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ කඳු දෙකක් නාය යාමෙන් 20ක් පමණ අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ. 29 November 2025
කලාඔයේ සිරවූ බසයේ සිටි 67 දෙනාම බේරා ගැනෙති රාජාංගනය, කලා ඔය ප්‍රදේශයේ නිවසක වහලය මත රඳවා සිටි පිරිසෙන් 67 දෙනාම මේ වන විට බේරා ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය. 29 November 2025
ආපදාවෙන් මරණ 123 දක්වා ඉහළට අධික වැසි, තද සුළං සහ ගස් කඩා වැටීම අකුණු අනතුරු සහ ජල ගැලීම් ඇතුලු දිවයිනට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 123ක් දක්වා ජල ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 29 November 2025
ත්‍රිකුණාමල - මඩකළපු පාරත් වැහේ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ත්‍රිකුණාමලය - මඩකලපුව (A-15) ප්‍රධාන මාර්ගයේ වෙරුගල් ප්‍රදේශයෙන් අද (29) සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගියේය. 29 November 2025
ඉන්දියාවෙන් තවත් ආධාර යානයක් ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන් සඳහා ඉන්දීය රජය සහ එරට ජනතාව විසින් සිදු කරන ලද ආධාර රැගත් තවත් ගුවන් යානයක් පැමිණයේය. 29 November 2025
ඉන්දියාවෙන් ගලවා ගැනීමේ කණ්ඩායමක් පැමිණේ ඉන්දීය ’’ ගලවා ගැනීමේ හමුදා භටයින් ’’( National Diffence Relief Force ) රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. 29 November 2025
බදුල්ලේ 24300ක් අවතැන් කඳවරුවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අද 29 දින වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 6112ක පුද්ගලයින් 24300ක් බලපෑමට ලක් වූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවසීය. 29 November 2025
ගම්පහ තැනින් තැන යටවේ දින කිහිපයක සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගම්පහ නගරය ආසන්නයෙන් ගලා බසින අත්තනගලු ඔය සහ ඌරුවල්ඔය ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරය ඊයේ රාත්‍රියේ සිට ජලයෙන් යට වෙමින් පවතී. 29 November 2025
නිකවැරටියේ හතරක් හෙලිකොප්ටරයකින් මුදා ගනියි නිකවැරටිය ප්‍රදේශයේ අවතැන්ව සිටි ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු පාලවිය කඳවුරෙන් පිටත් වූ Bell–412 හෙලිකොප්ටර් යානය මගින් මුදා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත අද (29) උදෑසන යොමු කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 29 November 2025
මාතලේ මරණ 10යි: දෙකක් අතුරුදන් මාතලේ දිස්ත්‍රික්කයේ පැවැති කාලගුණික තත්ත්වය හේතුවෙන් ගත වූ පැය විසි හතර කාලයේ පුද්ගල මරණ දහයක් වාර්තා වී පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව පුද්ගලයන් 1040 ක් අවතැන්ව ඇතැයි මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම් .එස් .කේ වික්‍රමනායක මහතා පැවසීය. 29 November 2025
කන්ටේනර් පරීක්ෂණ; රේගු ලොක්කන් ඉවත් කරන්න කියයි කොළඹ වරායෙන් කන්ටේනර් 323 ක් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට පෙර එවැනි සිද්ධියක් නොවූ බවට සුදුහුණු ගෑ බව කියන රේගු අධ්යක්ෂ ජෙනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු ප්‍රධානීන් එම තනතුරු වලින් වහා ඉවත් කළ යුතු බව ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු විශේෂ කාරක සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා ප්රමුඛ රජයෙන් ඉල්ලීමක් කරති. 29 November 2025
එගොඩ කැලණිය පන්සලත් යටවෙලා කැලණි ගඟ පිටාර ගැලීමෙන් මේ වන විට කැලණි ගඟ දෙපස පහත් බිම් රැසක පිටි නිවාස විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන තහවුරු කරයි. 29 November 2025
දිවයින පුරා පුද්ගලයන් 156,806 ක් අවතැන් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පුද්ගලයන් 156,806 ක් අවතැන් වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 29 November 2025
ගුවන් හමුදාව ජීවිත බේරා ගැනීමේ රටපුරා මෙහෙයුම් නිකවැරටිය ප්‍රදේශයේ අවතැන්ව සිටි හිමිනමක ඇතුළු පුද්ගලයන් 04 දෙනකු ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් අද (29) උදෑසන බේරා ගත් බව ගුවන් හමුදාව පවසයි. 29 November 2025
කලාඔයේ සිර වී සිටි 40ක් බේරා ගැනෙති රාජාංගනය, කලා ඔය ප්‍රදේශයේ නිවසක වහලය මත රඳවා සිටි පිරිසෙන් 40 දෙනකු මේ වන විට බේරා ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය. 29 November 2025
කොළඹ - මහනුවර මාර්ගයත් යක්කලින් යටවේ කොළඹ මහනුවර මාර්ගයෙ යක්කල මහවිට ප්‍රදේශයෙන් මේ වන විට සම්පූර්ණයෙන්ම යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 29 November 2025
පූනාගල පවුල් 58 ඉවත් කරයි හල්දුම්මුල්ල පූනාගල එල්. එල්. ජී. කොටසේ හදිසියේ මතුවූ නායයාමේ අවදානමක් හේතුවෙන් එහි පදිංචි පවුල් දාහතරක් අද 29 අලුයම ඉවත් කර ගත් බව හල්දුම්මුල්ල ප්‍රදේශීය ලේකම් කේ. ඒ. ජී. ප්‍රියංගිකා මහත්මිය කීවාය. 29 November 2025
මාතලේ මරණ 10 යි අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මාතලේදිස්ත%ික්කයේ 10 දෙනෙකු මියගොස් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව මාතලේ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයා පවසයි. 29 November 2025
ඉන්දියාවෙන් ටොන් අසූවක ආධාරයක් ලංකාවේ විපතට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග රැගත් ගුවන් යානයක් අද(29) අලුයම මෙරටට ළඟා වූ බව ජනාධිපති කාර්යාලය පවසයි. 29 November 2025
හෙට ලංකාදිප පත්‍රය නෑ හෙට සෙනසුරාදා දින ලංකාදිප පත්‍රය මුද්‍රණය නොවන බව සියලු පාඨකයනට දැනුම් දෙන්නෙමු. 29 November 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026