ගිනි අවි උණ්ඩ පාරේ වැටිලා ගාල්ල මහමෝදර රෝහල අසල වැකුණගොඩ මාර්ගයේ තිබි ටී.56 උණ්ඩ 15ක සහ උණ්ඩ කොපු හතරක් අද පෙරවරුවෙ සොයාගත් බව ගාල්ල පොලිසිය පවසයි. 10 October 2025
හිටපු ඇමති දෙන්නෙක්ගේ විෂය පථ වෙනස් වේ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව අමාත්‍යවරු දෙදෙනෙකුගේ විෂය පථයන් වෙනස් වී ඇත. 10 October 2025
උදෑසන කෑම කෑ දරුවන් හැටක් ලෙඩ වෙලා පාදුක්ක වටරැක කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන්ට ඇති වූ අසාත්මිකතාවයක් මත දරුවන් හැටකට ආසන්න පිරිසක් පාදුක්ක ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බව පාදුක්ක පොලිසිය පවසයි. 10 October 2025
අලුත් පහකට නියෝජ්‍ය ඇමති ධුර කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස් දෙනෙක් අද නියෝජ්‍ය අමාත්‍ය ධුර වල දිවුරුම් දුන්හ. 10 October 2025
මෙන්න වෙනස් වූ අමාත්‍යවරු නව කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ ඉදිරියේ දිවුරුම් දුන්නේය. 10 October 2025
සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි නැගෙනහිර, මධ්‍යම,ඌව,දකුණු සහ සබරගමුව පළාත්වලත් පොලොන්නරුව,මුලතිව කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමන පසු තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 10 October 2025
මිරිහාන පිහිණුම් තටාක සිද්දියට හතක් අත්අඩංගුවට මිරිහාන ස්ටැන්ලි මාවත හෝටලයක පිහිනුම් තටාකයක ගිලී මිය පස් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් දරුවා ඉගෙනුම ලබන පෙර පාසලේ සහකාර විදුහල්පතිවරයා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. 10 October 2025
එජාපෙ එක්ක පොදු ගමනකට සජබ අනුමැතිය සජබ නායකත්වය යටතේ එජාප සමඟ පොදු ගමනකට සමුගි ජනබලවේග කෘත්‍යාධිකාරී මණඩලයේ අනුමැතිය ලැබුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මෙම අනුමැතිය ලැබුණු බව ප්‍රේමදාස මහතා සඳහන් කළේය. 10 October 2025
දෙවන කාර්තුවේ රාජ්‍ය සේවකයන් ලක්ෂ 2කින් පහත වැටිලා මෙම වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව දෙවැනි කාර්තුවේ දී මෙරට පුද්ගලික අංශයේ සේවකයන් පිරිස ඉහළ යද්දී, රාජ්‍ය අංශයේ සේවකයන් පිරිස ලක්ෂ 2කින් පමණ පහළ වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ. 09 October 2025
උසස් පෙළ සිසුන්ට චක්‍රලේඛයක් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීම සඳහා පහසුකම් සහිත දිස්ත්‍රිකයක පිහිටි පාසලක සිට දුෂ්කර දිස්ත්‍රික්කයකට අයත් පාසලකට සිසුන් ඇතුළත් කිරීම සඳහා කරනු ලබන ඉල්ලීමකදී එම සිසුවා දුෂ්කර දිස්ත්‍රිකයේ පාසල වෙත තාවකාලිකව අනුයුක්ත කිරීමට විධිවිධාන සලසමින් අධ්‍යාපන ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 09 October 2025
’’ලංකාව අයි.එම්.එෆ් වහලෙක් විය යුතු නෑ’’ ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වහලෙක් විය යුතු නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කොළඹ දී අද (9)පැවසූහ. 09 October 2025
මහනුවර දරුවන් දෙදෙනෙක් අතුරුදන් මහනුවර තැන්කුඹුර ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු අතුරුදන් වී ඇති බවට කාන්තාවක මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 09 October 2025
නිවිතිගල සමූපේ බලය විපක්ෂයට සීමාසහිත නිවිතිගල විවිධ සේවා සමුපකාර සමිතියේ පාලනය සමගි ජන බලවේගය සහ පොදු ජන එක්සත් පෙරමුණ එක්ව සමගියෙන් පිහිටුවීය. 09 October 2025
’’පාතාලේ අක්මුල් නවතින්නෙ කාල්ටන් එකේ’’ පාතාලේ අග මුල හොයන කොට අක්මුල් ගිහින් නවතින්නෙ කාල්ටන් එකේ බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 October 2025
නව රාත්‍රී පූජාවක් මැති සබයේ ලංකාවේ බහු ආගමික සහජීවනය සංකේතවත් කෙරෙන නවරාත්‍රී පූජෝත්සවය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණ 09 October 2025
පොලිස් කොමිසම රකින විවාදය හෙට ජාතික පොලිස් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය තහවුරු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව මැදිහත්වීම සඳහා වූ සභාව කල්තැබීමේ විවාදය හෙට ( 10) ප.ව 3.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වේ. 09 October 2025
අවුරුදු තුනකින් නාගරික ගෙවල් පන්දාහක් ඉදිරි වසර තුන ඇතුළත නාගරික ජනතාවට ගෙවල් පන්දාහක් හදන්න බලාපොරොත්තු වෙන බව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 October 2025
නවක හෙද හෙදියෝ 294 ක් පත් වෙති නවක හෙද හෙදියන් 294 දෙනකු සෞඛ්‍ය සේවාවට ඇතුලත් කර ගැනීමට රජය තීරණය කර ඇත. 09 October 2025
පළාත් සභා ඡන්දෙ තියනවා මැතිවරණ වලින් පැනලා යන්න ආණ්ඩුවට කිසිම උවමනාවක් නැති අතර ඉදිරියේ දී පළාත් සභා මැතිවරණය පවත්වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූය මෙනවිය පාර්ලිමේන්තුවේදී කීවාය. 09 October 2025
කීරි සම්බා රටින් ගේන්න වුනොත් ගේනවා යම් කෙටි කලක් සඳහා කීරි සම්බා ආදේශන සහල් ආනයනය කරන්න වුනොත් එය කරන්නට සිදු වෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 09 October 2025
ආණ්ඩුව කළ එක විගණනයක් තිබේ නම් කියන්න ආණ්ඩුව පත්වී වසර ඇතුළත කළ එක විගණන පරීක්ෂණයක් රටට හෙළි කරන්න්නැයි අභියෝග කරන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 October 2025
ආණ්ඩුව අයි.එම්.එෆ් රූකඩයක් ආණ්ඩුව අයි.එම්.එෆ් රූකඩයක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 October 2025
හපුතලේ තේ කම්හළක විරෝධතාවක් හපුතලේ කහගොල්ල වත්ත තේ කර්මාන්ත ශාලාව වසා දැමීමට ගෙන තිබෙන බව කියන තීරණයට විරෝධය පා කහගොල්ල වත්තේ කම්කරුවන් විශාල පිරිසක් අද (09) දහවල් හපුතලේ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයට කහගොල්ල ප්‍රදේශයේදී පැමිණ දැවැන්ත විරෝධතාවක නිරත වූහ. 09 October 2025
දියගම ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂක පත් කරයි දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂක (ව්‍යාපෘති පාලන හා නඩත්තු) ජනරාල්වරයා වශයෙන් මේජර් ජෙනරාල් ටී. සී. හරස්ගම මහතා පත් කර ඇත. 09 October 2025
මුහුදෙන් ආ පරවියන් සමඟ දෙන්නෙක් අල්ලයි ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් සිටි පරවියන් තොගයක් සමඟ දෙදෙනකු නාවික හමුදා විසින් අත් අඩංගුවට ගෙන ඉදිරි පරික්ෂණ සඳහා කන්දකුලිය වනජීවි කාර්යාලයට අද(9 ) භාර දී තිබේ. 09 October 2025
සැප්තැම්බර් මස අලුත් වාහන 49,000ක් පාරට දාලා නව මෝටර් රථ 49,000 කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය සැප්තැම්බර් මස ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පැවසීය. 09 October 2025
කොළඹින් ඇරැඹෙන දුර ගමන් බස් වල පැටිකිරිය සොයයි කොළඹ බැස්ටියන් මාවතෙන් ගමන් අරඹන දුර ගමන් බස් සේවා වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ. 09 October 2025
ඒ.කේ.ඩී සහ ජනාධිපති කියන්නේ දෙන්නෙක්ද? ඒ.කේ.ඩී සහ ජනාධිපති කියන්නේ දෙන්නෙක්දැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:- (ස.ජ.බ) මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය. 09 October 2025
කොළඹ වරායට කෝටි 3200 ක ලාභයක් කොළඹ වරාය මෙම වසරේ (2025) පළමු මාස 8 තුළ රුපියල් බිලියන 32.2 ක ක් හෙවත් රුපියල් කෝටි 3200 කට අධික ශුද්ධ ලාභයක් ලැබූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. 09 October 2025
IMF පස්වැනි සමාලෝචනයට කාර්යමණ්ඩල එකඟත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ පස්වැනි සමාලෝචනය පිළිබඳව කාර්යමණ්ඩල එකඟත්වයකට පැමිණි බව එම අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානීන් එවන් පැප ජෝජියෝ මහතා අද (09) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 09 October 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025