(ජේ. ඒ. එල්. ජයසිංහ)

රටට කළ සේවය ප්‍රමාණවත් මදි බව  දැනෙන නිසා ඉදිරියටත් තමන් ජනතාව සමග වැඩ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  ප්‍රකාශ කළේය.

හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට පැමිණි දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.  

හිටපු ජනාධිපති වරයා මෙසේද පැවැසීය.

මා කිසි විටකවත් දේශපාලනයෙන් සමු ගන්නේ නෑ. දේශපාලනයෙන් විශ්‍රාම යන්නෙත් නෑ. ජනතාව ඉදිරියේදී ඉල්ලන ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද ,ඔහු ජනතාව ඉල්ලන වෙලාවට ජනතාවට හඳුන්වා දෙනවා.