බස්නාහිර, සබරගමුව සහ  වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ  නුවරඑළිය  දිස්ත්‍රික්කවලත්  විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුව කියයි.

මෙම  ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

අනුරාධපුර සහ  මන්නාරම දිස්ත්‍රික්කවල වැසි  වාර කිහිපයක් ඇති වේ 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් රත්නපුර, හම්බන්තොට සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති විය හැකියි.