දේශීය ආදායම් පනතට සංශෝධන
දේශීය ණය ප්රශස්ත කරන ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා සේවක අර්ථසාධක අරමුදල ,සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, විශ්‍රාම වැටුප් අරමුදල හෝ පාවිච්චි කර මුදල් සහ ඒ හා සමාන අරමුදල් විසින් භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් උපයනු ලබන ආදායම මත වන ආදායම් බදු අනුපාතය වෙනස් කිරීම පිණිස 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට අදාල සංශෝධනය හඳුන්වාදීම සඳහා 2023.6.28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.