බසය පෙරැළී 5කට තුවාල යාපනය කොඩිකාමම් සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් නෙල්ලිඅඩි ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් එහි ගමන්ගත් 5 දෙනෙකුට තුවාල සිදුව ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය පවසයි. 02 November 2023
උඩරට දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයේදී විශාල ගසක් අද (01) රාත්‍රී කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. 01 November 2023
දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අද (1) සමත් විය. 01 November 2023
කොළඹ බස් මංතීරුව හෙට සිට සති දෙකක් කොළඹ කලාපයේ බස් රථ ප්‍රමුඛථා මංතීරු වැඩ සටහන අද සිට 14 දා දක්වා සති දෙකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ . 01 November 2023
කාන්තාවන්ට හොඳටම උගන්වන්න යයි කාන්තා අධ්‍යාපනයට වැඩි අවධානයක් ලබාදීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වීම, නිෂ්පාදන ධාරිතාව වර්ධනය වීම මෙන්ම ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ඉහළ යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසිය. 01 November 2023
මැදරට දේශපාලකය හොරෙන් ගෙනා ජිප් රියක් අල්ලයි මධ්‍යම පළාතේ ප්‍රබල දේශපාලනඥයකු නීති විරෝධීව මෙරටට ආනයනය කළ රුපියල් කෝටි 1 1/2 අධික වටිනා සුඛෝපභෝගී ජිප් රථයක් රුපියල් කෝටියකට අලෙවි කිරීම සදහා මෙරටට වාහන ගෙන්වා අලෙවි කරන ප්‍රධාන පෙළේ වාහන අලෙවි ප්‍රදර්ශනාගාරයක හිමිකරුවෙක්ට අයත් නාරාහේන්පිට සුපිරි මහල් නිවාස සංකීර්ණයක රථගාලක නවතා තිබියදි පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය අද (1) අත්අඩංගුවට ගනු ලැබ ඇත. 01 November 2023
පානදුරේ ළමා නිවාසයකින් තිදෙනකු පැන ගිහින් පානදුර වලාන ප්‍රදේශයේ පවත්වාගෙන යන බාලිකා නිවාසයක ගැහැනු ළමයින් තිදෙනකු අද පස්වරුවේ පලාගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි. 01 November 2023
පොකිරිස්සන් ළඟ තබාගත් දෙදෙනාට ඇප තහනම් කාල සිමාවේ පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ පහක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සංජය එල්.එම්. විජේසිංහ මහතා අද (01) නියෝග කළේය. 01 November 2023
පිටදූවේ සිරිධම්ම හිමිට මල්වතු විහාරයෙන් තරයේ අවවාද පිටිදූවේ සිරිධම්ම හිමියන් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් සිදු කිරීමෙන් වළකින ලෙස මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් ප්රමුඛ කාරක සංඝ සභාව දැඩි ලෙස අවවාද කළ බව එම පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් අද (01) ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අවධාරණය කළේය. 01 November 2023
අකුරණ නගරය අදත් ජලයෙන් යටවෙයි මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ සිට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටවිය. 01 November 2023
තවත් පනත් කෙටුම්පත් දෙකකට කතානායක සහතිකය පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ තවත් පනත් කෙටුම්පත් දෙකකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සඳහන් කළේය. 01 November 2023
අයවැය විවාදය දින 26ක් අයවැය විවාදය දින 26 ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 01 November 2023
කෘෂි-වැවිලි විදෙස් ආධාර ව්‍යපෘතිවලට ’’උකුසු ඇස්’’ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ව්‍යාපෘති සියල්ලම විශේෂ විමර්ශනයකට ලක් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. 01 November 2023
කෘෂි-වැවිලි විදෙස් ආධාර ව්‍යපෘති වලට ’’උකුසු ඇස්’’ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ව්‍යාපෘති සියල්ලම විශේෂ විමර්ශනයකට ලක් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. 01 November 2023
බාල බෙහෙත් ගෙන් වූ සමාගමේ ලොක්කා රිමාන්ඩ් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වූයේ යැයි කියන සමාගමේ ප්‍රධානියා ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද නියෝග කළාය. 01 November 2023
ක්ෂුද්‍ර මූල්‍ය ණයකරුවන් ආරක්ෂා කිරීමට අධිකාරියක් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් ජනතාවට ආරක්ෂාව සැපයීමේ අරමුණින් එම ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ නියාමන අධිකාරිය පිහිටුවීම සඳහාවූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. 01 November 2023
බෙහෙත් හදිසියේ මිලදී ගැනීම නවතී ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම නතර කිරීමට සෞඛ්‍ය හා කර් මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (1) පියවර ගත්තේය. 01 November 2023
දිනේෂ් ෂාෆ්ටර් මරා දමලා ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති කළ පීඩනයක් හේතුවෙන් සිදුවූ අපරාධයක් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය එම මරණ පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අද (31) ප්‍රකාශ කළාය. 01 November 2023
මහල් නිවාස අයිතිය සින්නක්කරව දෙන්න කැබිනට් පත්‍රිකාවක් මහල් නිවාස වල පදිංචිව සිටි මුල් අයිතිකරුවන්ගේ දරුවන් වෙත ඒවායේ සින්නක්කර අයිතිය පැවරීමට ඇති හැකියාව සොයා බලන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 01 November 2023
බෙහෙත් ගන්න ගිය මව වන අලි පහරින් මරුට සිය පුත්‍රයා සමග යතුරු පැදියෙන් ප්‍රතිකාර ගැනිම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යමින් සිටි 50 හැවිරිදි මවක් නිරාවිය ප්රදශයේදි වන අලියෙකුගේ පහර කෑමට ලක්ව අද (01)දින මියගිය බව තිරප්පනේ පොලිසිය කියයි. 01 November 2023
සෞඛ්‍යයට කෝපා අනුකමිටුවේ අප්‍රසාදය දූෂණ වංචා සහ අක්රමිකතාවලට වගකිවයුතු සෞඛ්‍යය සේවකයන්ට දැඩි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනය ගැන කරුණු සොයා බැලීමට පත් කෙරුණු රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනු කමිටුව දැඩි අප්‍රසාදය පළ කළේය. 01 November 2023
ගුවන් සේවයට ටෙන්ඩර් කැඳවයි ශ්‍රීලංකන් ගුවන් සේවයට ආයෝජකයකු සොයා ගැනීම සඳහා (ප්‍රතිව්‍යුහගතකරණය) ටෙන්ඩර් කැඳවා ඇත. 01 November 2023
වෘත්තීයවේදීන්ගේ විරෝධතාවෙන් කොටුව අවට මාර්ග තදබදයක් කරුණු 5 ක් මුල් කරගනිමින් දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් කොළඹ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද(31) පැවැත්වූ බව ලංකා විදුලි සේවක සංගමය ප්‍රකාශ කළේය. 01 November 2023
දුම්රිය සැප පෙට්ටියේ තඹ කම්බි කැපූ අයෙක් මාට්ටු දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ නවතා තබන ලද පළමු පන්තිය වායුසමීකරණය කරන ලද දුම්රිය මැදිරියක විදුලි ජනක යන්ත්‍රයට සවිකර ඇති තඹ කම්බි මීටර් 1008 කපා සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි 01 November 2023
අනතුරින් දෙදරු පියා මරුට මිතුරා ගේ විශ්‍රාමික සාදයට ගොස් යලි රැකියා ස්ථානය කරා පැමිණෙමින් සිටි දෙදරු පියෙකු සේවය කරන කර්මාන්ත ශාලාව ඉදිරිපිටදි කන්ටේනර් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය කියයි 01 November 2023
ඉරාන ක්‍රියාකාරිනිය බන්ධනාගාරයේ සිට ලිපියක් යවලා මෙම 2023 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ, ඉරාන මානව ක්රියිකාරිනී නර්ගේස් මොහොමදී, තෙහෙරාන් අගනුවර එවින් බන්ධනාගාරයේ සිට, රහසේ නොබෙල් කමිටුවට ලිපියක් යවා සාම ත්‍යාගය පිරිනැමීම සම්බන්ධයෙන් ස්තුති කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 01 November 2023
පොලීස් අණ නොතැකූ උද්ඝෝණයේ 6 ක් අත්අංඩගුවට අනීතික විදුලි බිලට එරෙහිව සංවිධාන කිහිපයක් එක්ව අද( 1) දිවුලපිටිය නගරයෙන් ආරම්භ කල පාගමන නගර සීමාවේදීම නතර කිරීමට පොලිසිය පියවරගත් අතර භික්ෂූන් වහන්සේ නමක කාන්තාවක ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. 01 November 2023
වර්ජන නිසා සංචාරකයන් නාවොත් පඩි වැඩි කිරීම ප්‍රශ්නයක් වෙයි වැඩ වර්ජන නිසා විදෙස් සංචාරක පැමිණීම අඩු වුවහොත් එය රජයේ සහ පෞද්ගලික අංශයේ යෝජිත පඩි වැඩි වීමට බලපෑමක් එල්ල කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 01 November 2023
ලතින් රටවලින් ඊශ්‍රායලයට විරෝධයක් ‘ජබාලියා’ සරණාගත කඳවුරට එල්ල කළ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ලතින් ඇමෙරිකා රටවල් ඊශ්‍රායලයට විරෝධය දක්වමින්, ඊශ්‍රායලයේ සිටින ඔවුන්ගේ තානාපතිවරුන් යළි ගෙන්වා ගැනීමට තීරණය කර තිබේ. තානාපතිවරුන් ගෙන්වා ගැනීමට තීරණය කළ ලතින් ඇමෙරිකානු රටවල් වන්නේ බොලිවියාව, කොලොම්බියාව සහ පේරු රාජ්‍යයයි. 01 November 2023
සුව සේවකයෝ වැඩ වර්ජනයක ඉල්ලීම 10 ක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද(01) උදෑසන දිවයින පුරා රෝහල් වල සංඛේතාත්මක වැඩ වර්ජනයක් ආරම්භ කළේය. 01 November 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026