(යොහාන් භාසුර)
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්‍ෂණයෙන් ක්‍රියාත්මක වන ‘යුක්තිය’ පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහයෙුම යටතේ පසුගිය පැය 24 තුළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත සැකකරු ලැයිස්තුවේ සිටි සැකකරුවන් 169 ක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.
මෙම සමස්ත මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 2,166 න් සැකකරුවන් 66 කට රැඳවුම් නියෝග ගෙන විමර්ශන කරන බවත් සැකකරුවන් 14 ක් සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බවත් එම අමාත්‍යංශය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් 226 ක් පුනුරුත්ථාපනයට යොමු කළ බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය.
එම මෙහෙයුම්වලදී හෙරොයින් කිලේ 1 යි ග්‍රෑම් 370 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 556 ක්, ගංජා කිලෝ 7 යි ග්‍රෑම් 800 ක්, මාවා නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 3 ක් යි ග්‍රෑම් 500 ක් සහ මත්පෙති 1,075 ක් අත්අඩංගුවට ගත් බව කියන මහජන ආරක්‍ෂක අමාත්‍යංශය බුත්තල ප්‍රදේශයේ අක්කර 5 ක ප්‍රදේශයක ගංජා වගාවක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විශේෂ සැකකරු ලැයිස්තුවේ 169 ක් ‘යුක්තිය’යෙන් මාට්ටු