(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීම සම්බන්ධව වරදකරු වී පසුව නිදහස ලැබූ වී.ශ්‍රීහරන් නොහොත් මුරුගන් ඔහු ඉල්ලා ඇති පරිදි එක්සත් රාජධානියට පිටුවහල් කර නොහැකි බවත් ඔහුව පිටුවහල් කර හැක්කේ ශ්‍රී ලංකාවට පමණක් බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය මුදුරාසි මහාධිකරණයට ඊයේ(18) දැනුම් දුන්නේය.
එයද කළ හැක්කේ චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය අවසර ලබා දෙන්නේ නම් පමණක් බවද විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරියා අධිකරණයේදී ප්‍රකාශ කළේය.වී.ශ්‍රීහරන් එක්සත් රාජධානියට පිටුවහල් කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී නිලධාරියකු මාර්ගයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය මෙම කරුණු අධිකරණයට දැනුම් දුන්නේය.
ඩී.ක්‍රිෂ්ණකුමාර් සහ පී.ධනබාල් යන මහත්වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනිණ.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් එල්.සුන්දරේසන් ප්‍රකාශ කර සිටියේ මුරුගන්ව එක්සත් රාජධානියට පිටුවහල් කිරීමට නියෝගයක් ලබා දුන්නහොත් එය නරක පූර්වාදර්ශයක් විය හැකි බවත් එවිට නීති විරෝධීව ඉන්දියාවට ඇතුලුවන පුද්ගලයන් සියලු දෙනා ඔවුනට කැමති රටවලට පිටුවහල් කරන ලෙස ඉල්ලමින් පෙත්සම් ගොනු කරනු ඇති බවත්ය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජිව් ඝාතකයා ලංකාවට හැර වෙනත් රටකට පිටුවහල් කරන්න බෑ