IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මේ අවුරුද්දේ ළමා අම්මලා 2000ක්

(සුජිත් හේවාජුලිගේ )

බාල වයස්කාර ගැහැණු දරුවන් 2000ක් මේ වසරේ ගෙවී ගිය කාලයේදී මවුවරුන් බවට පත්ව ඇතැයි වාර්තා වන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  උදය කුමාර අමරසිංහ මහතා පැවසීය.

මේ අතර බාල වයස්කාර ගැහැණු දරුවන් දස දෙනකු පසුගිය නොවැම්බර් මාසයේදී ගැබ් ගෙන ඇතැයිද පොලිස් වාර්තා අනුව පෙනී යන බව  අමරසිංහ මහතා සඳහන් කළේය.

බාල වයස්කාර ගැහැණු දරුවන් මවුවරුන් බවට පත්වීම බරපතල සමාජ සහ නීතිමය ගැටලුවක් බවට පත්ව ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.



අදහස් (8)

මේ අවුරුද්දේ ළමා අම්මලා 2000ක්

Kudapana Tuesday, 19 December 2023 02:33 PM

සමහරක් අම්මලා අප්පලා තමන්ගෙ බේරුමට වැඩිවියට පත්වුනාම අතීතයේ මිනිස්සු වගේ කොල්ලෙක් සොයාදීලා කෙල්ල උගේ ගෙදරට යවනවා හරියට අවුරුදු 16 ක් පසුවූ දවස වෙනවිට බඩකුත් උස්සාගෙන විවාහ රෙජිස්ට්‍රාර් ළගට ගොස් විවාහය ලියාපදිංචි කරනවා එහෙම වෙනකොට ළමා අපයෝජනයක් වෙනවා ඇත්තටම මේවට ප්‍රතිකර්ම නොකර ඔය ප්‍රශ්න විසදන්න බැහැ මෙහෙම වුනාම පියාටත් කෙල්ලගෙ සැමියාටත් දඩුවමක් දෙනවා නම් ඕවා ටිකක් අඩුකරන්න පුළුවන් වේවි

:       5       8

Dr. Vajira Fernando. Tuesday, 19 December 2023 03:02 PM

ළමයින්ට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා දීම මෙයට ඇති එකම පිළියමයි. එහෙත් කුහක සංස්කෘතිකවාදීන් සෑම විටම එයට එරෙහි වීම නිසා දිනෙන් දින මේ තත්තවය උග්‍ර වෙනවා.

:       3       19

Kumara Tuesday, 19 December 2023 03:04 PM

ලෝකය අධ්‍යාපනයත් සමග ඉදිරියට යද්දී හණමිටි කරගහගෙන අපි ගල් යුගයට යනවා.

:       1       11

හේමන්ත Wednesday, 20 December 2023 01:10 AM

ලිංගික අධ්‍යාපනයක් දුන්න කියලා මුන්ගේ මෝල් අමාරුව නැතිවෙනවද. ඕවා කරන්න කව්රුවත් උගන්නන්න ඕනේ නෑ. සත්තුන්ගේවත් නැති විකුර්තියක් මිනිස් වරිගයට තියෙන්නේ ඒකයි ප්‍රශ්නේ.

:       2       1

සුබද්‍ර Wednesday, 20 December 2023 07:25 AM

ළමයින්ට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීමට ගත් උත්සහ වලදි එවට විරුද්ධව කටයුතු කරපු කහ වස්ත්‍ර හැන්දගත් පිරිසත් මෙවට වග කිවිය යුතුයි!

:       1       2

ගුරුදෙගුරු අත්තනායක Wednesday, 20 December 2023 01:19 PM

සුබද්‍ර ඔබ කියන ආකාරයට මොන ආකාරයේ ලිංගික අධ්‍යාපනයක් ගැනද ඔය කියන්නේ. දැන් ඔය බාල වයස් ළමයි ඔබ කියන අධ්‍යාපනය නැතුව හැමදේම හරියටම කරගෙන කරදරයකින් තොරව ළමයිනුත් බිහිකරලා තියෙන්නේ. තවත් මොනවාද මේ අයට උගන්නන්න හදන්නේ... පිළිසිඳ ගත් ළමයා විනාශ කරලා දාන හැටිද? නැත්නම් උපත් පාලන ක්‍රම භාවිතා කරලා ළමයි ඇති නොවෙන ආකාරයට ඔය වැඩේම කරගෙන යන හැටිද..? දැන් ළමයි ළඟ නැත්තේ සදාචාරය. මේ විභාග පාස් වෙන්න විතරක් උගන්නන්න ක්‍රමයකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ළමයි හැදුවත් මේ ළමයි විභාගනම් හොඳට පාස් ඇති. එහෙනම් මොකෝ නේද...?

:       4       0

සුබද්‍ර Friday, 22 December 2023 06:39 AM

ගුරුදෙගුරු අත්තනායක වෙත. හරි හමන් ලිංගික අධ්‍යාපනය මොකද්ද කියලා දන්නෙ නැති හින්ද තමා ඔහොම මොඩ කතා කියන්නෙ. මොකද්ද ඔය කියන සදාචාරය? ඔය කියන්නෙ හැම ගැහාණු ළමයටම යකඩ යට අන්දුම් අන්දලා එවයෙ යතුර බාරකරුවන් ගාව තියාග්න්න කියන එකද? වැඩිහිටියෙක් ළමයාව දූෂණා කරන්න එනකොට මොකද්ද වෙන්නෙ යන්නෙ කියල කිසි අදහසක් නැති ළමයට වෙන දෙයක් වෙන්න කියල බලන් ඉන්න කියන එකද? ළමයි නොලැබෙන කොට ගැණිව කපුවෙක් එක්ක බුදි කරවන එකද? කව්ද කිව්වෙ ලිංගික අධ්‍යාපනය දෙන්න කියල විභාග පාස් කරන්න? ඉගෙන ගන්නවා කියන්නෙ විභාග පාස් කරන එක විතරද ? හරි හමන් ලිංගික අධ්‍යාපනයෙ අරමුණ වෙන්නෙ හරි සදාචරයක් හදා ගන්න ඔන හෙතුව පැහැදිලි කරන එක. උබලා වගෙ ගොන් හැත්ත තමා අධ්‍යාපනය කියන එකෙ තෙරුම වත් නොදන්න පොතෙ ගුරලා කියන්නෙ.

:       0       4

අපකීර්ති වර්ණකුලසූරිය Friday, 12 January 2024 09:16 AM

සුබද්‍රගෙ අබද්‍ර වචණ වලට ගුරුදෙගුරු අත්තනායකගෙ හිත සලිත වෙලා වගෙ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site