කොළඹ මහ නගර සභාව කෝටි 367ක් වැටුප් ගෙවලා
කොළඹ මහ නගර සභාවේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා පසුගිය වසරේ (2024) රුපියල් මිලියන 3,668 ක් හෙවත් රුපියල් කෝටි 367 කට ආසන්න මුදලක් වැයකර ඇති බවත් මෙම වසරේ (2025) අගෝස්තු මස දක්වා මාස අට තුළදී සේවකයන්ටෙ වැටුප් ගෙවීමට රුපියල් මිලියන 2,645 ක් හෙවත් රුපියල් කෝටි 265 කට ආසන්න මුදලක් වැයකර ඇති බව එම නගර සභාව පැවසීය.