වැලිගම සභාපති ඝාතකයන් යතුරු පැදි දෙකකින් පළා ගිහින් වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා සිය රාජකාරී කාමරය තුලදී වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි වෙඩික්කරුවන් ඒ සදහා යතුරු පැදි දෙකක් භාවිතා කර ඇති බවට සී.සී.ටී.වී කැමරා දර්ශන ඔස්සේ තහවුරු කර ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි. 23 October 2025
විජය පුවත්පත් සමාගමට පරිසර සම්මාන පහක් ‘ජනාධිපති පරිසර සම්මාන -2025 ’ සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී උත්කර්ෂවත්ව අද පැවැත්විණි. 23 October 2025
කෘෂි පර්යේෂකයන්ට විශිෂ්ටතා සම්මාන ජාතික කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ 2023 සහ 2025 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (23) පස්වරුවේ පැවැත්විණි. 23 October 2025
ගිනිගත්හේනට සුළඟින් හානි ගිනිගත්හේන ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටීමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු විනාඩි කිහිපයකට ඇන හිට තිබුණි. 23 October 2025
කොබවක හිමිගේ ආරක්ෂාව ඉවත් කරලා? කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ගෙ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිළධාරීන් දෙදෙනා ඉවත්කොට එම නිළධාරින් දෙදෙනා කිරිවෙහෙර පහල මළුවට සහ ඉහල මළුවට යොදවා ඇතැයි වාර්තා වේ. 23 October 2025
දිනකට දුම්රිය වාර 15ක් අවලංගුයි දිනකට දුම්රිය වාර 10ත් 15ත් අතර සංඛ්‍යාවක් අවලංගු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පවසයි. 23 October 2025
ගිනි අවියක් කඩු දෙකක් තෝඩුවාවෙන් අල්ලයි විදේශිය රටක නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ විශේෂිත උණ්ඩ යෙදිය හැකි ස්වංක්රිය ගිනි අවියක් සහ තියුණු කඩු දෙකක් සිය නිවසේ තබා ගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව තොඩුවාව පොලිසිය කියයි. 23 October 2025
ස්වීඩන් කත රැඳවුම් බාරයට වලංගු වීසා කාල සීමාව අවසන්ව කතරගම පූජා නගරයේ රැඳී සිටි ස්වීඩන් ජාතික කාන්තාව වැලිසර විදේශක රැඳවීම් මධ්‍යස්ථානයේ ලබන 29 වැනි දා තෙක් රඳවා තබන්නැයි තිස්සමහාරාම මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු එන්.එච්.නිලක්ෂි කුරේ මහත්මිය නියෝග කළාය. 23 October 2025
සැක රියක් ගල්කිස්සෙන් අල්ලයි නීති විරෝධිව මෙරටට ආනයනය කර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙනස් කරමින් ව්‍යාජ ලියාපදිංචි සහතිකක් ගත්තේ යැයි කියන ජිප් රථයක් බාරයට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 23 October 2025
තුර්කි ශ්‍රී ලංකා තානාපති අක්තපත්‍ර දෙයි තුර්කි ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපති නිලූක කදුරුගමුව මහතා සිය අක්තපත්‍ර ලිපිය එරට ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් මහතාට පසුගියදා පිරිනැමුවේය. 23 October 2025
ආරක්ෂක නි.ඇමති ජනතාවගෙන් උදව්වක් ඉල්ලයි එදා ත්‍රස්තවාදය මර්දනය කිරීමට මහජන සහාය ලැබුණා සේ මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීමටත් මහජන සහාය අවශ්‍ය බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 October 2025
බැකෝ සමන්ගේ බස් දෙකක් අල්ලයි ඉන්දුනීසියාවේදී පසුගියදා අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයන් අතර සිටි ’’බැකෝ සමන්’’ නමැත්තාට අයත් අධි සුඛෝපභෝගී බස් රථ දෙකක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 23 October 2025
සෝමාවතියේ වෙඩි වැදුණු අලියාට ප්‍රතිකාර සෝමාවතී ජාතික වනෝද්‍යානයේ වෙඩි වැදුණු වන අලියකුට දින කිහිපයක් පුරා ප්‍රතිකාර සිදු කරන බව සෝමාවතිය අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි. 23 October 2025
ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සංශෝධනයට ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සඳහා සංශෝධන වලට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 October 2025
හොරෙන් ලංකාවට ආ විදේශිකයා පිටුවහල් කරයි කූඨ ලෙස සකස් කළ බ්‍රසීල ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන , මෙරටට ඇතුළු වීමට තැත් කළ සෙනගාල් ජාතිකයෙකු අද(23 ) ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ . 23 October 2025
වැලිගම ප්‍රා.සභාපති ඝාතනයට රජය වගකිව යුතුයි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනයට රජය සෘජුවම වගකිවයුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (23) චෝදනා කළේය. 23 October 2025
සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේම ගෙදරකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහල් 16 කින් යුතු නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ පළමු අදියර ඉදිකිරීම් මෙම වර්ෂයේ නොවැම්බර් මස අවසන් වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 23 October 2025
බැකෝ සමන්ගේ බිරිය යළි රිමාන්ඩ් මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ බිරිඳ වන සාජිකා ලක්ෂාණී ගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 23 October 2025
කිඹුල් පහරින් අයෙක් මරුට බොරලැස්ගමුව, දිවුල්පිටිය, සූරියමල් මාවතේ ඇවිදින මංතීරුවට යාබද වැවේ තිබී කිඹුල් ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි සැලකිය හැකි පුද්ගල මළසිරුරක් අද ( 23) හමුවූබව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. 23 October 2025
ගිනි අවියක්-කඩු සමඟ අයෙක් අල්ලයි විදේශිය රටක නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ විශේෂිත උණ්ඩ යෙදිය හැකි ස්වංක්රිය ගිනි අවියක් සහ තියුණු කඩු දෙකක් සිය නිවසේ තබා ගෙන සිටි සැකකරුවෙක් තොඩුවාව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් බක්මිවලාගාර ප්‍රදේශයේදි අද (23) පෙරවරුවේදි අත් අඩංගුවට ගනු ලැබිය. 23 October 2025
’’විපක්ෂය පැත්තේ පුටු වල ඉත්තෑවො ඉන්නවා’’ පාර්ලිමේන්තුවේ විපක්ෂය පැත්තේ පුටුවල ඉත්තෑවො ඉන්නවාදැයි සැකයක් තිබෙන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 23 October 2025
මං මැරුවොත් හොල්මනක් වෙලා පලි ගන්නවා ඇමතිතුමා පුළුවන් නම් අපි මරන්න හොල්මනක් වෙලා හරි ඇවිත් අපි පලි ගන්නවා යැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 October 2025
පාතාලයට සම්බන්ධ දේශපාලකයන්ගේ නම් පාර්ලිමේන්තුවට තවදුරටත් විමර්ශන කර පාතාලයට සම්බන්ධ දේශපාලකයන් පාර්ලිමේන්තුවට හෙළි කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 October 2025
ඝාතන අනුමත කරන ඇමති එක්ක එකට ඉන්න ලැජ්ජයි ඝාතන සාධාරණීකරණය කරන ඇමති කෙනෙක් එක්ක පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්න ලැබීම ගැන ලැජ්ජාවට පත්වෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. 23 October 2025
දුම්රියට අලුත් ඩ්‍රයිවර්ලා රොත්තක් දුම්රිය දෙපාර්තමේන්තුවට තවත් දුම්රිය රියදුරන් එකසිය හැට දෙදෙනෙකු ලබන මාසයේදී බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 23 October 2025
මහ මුහුදේ කරන වැරදි වලටත් දඬුවම් කරන්න පනතක් එයි විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත (මහ මුහුදේදී අන්තරායදායක ඖෂධ වර්ග ජාවාරම් කිරීම තහනම් කිරීම) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 October 2025
මහඉලුප්පල්ලම නගරයට අලි ඇවිත් මහඉලුප්පල්ලම නගරයේ ප්‍රධාන මාර්ගයට අද(23) උදෑසන කඩා වැදුණු වන අලි දෙදෙනෙකු නිසා එම ප්‍රෙද්ශයේ ජනතාව භීතියට පත්ව තිබිණි. 23 October 2025
මොන්ටිසෝරිවලට ලබන වසරේ සිට එකම විෂය මාලාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ පාර්ලිමේන්තුවේ දී රැස් විය. 23 October 2025
විපක්ෂයෙන් කළු පටි විරෝධයක් වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයට විරෝධය පළ කරමින් විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ සිටින අයුරු දැකගත හැකිවිය. 23 October 2025
කොරියා රැකියා විභාග වලට ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානයක් දකුණු කොරියාවේ රැකියා සදහා අවශ්‍ය භාෂා ප්‍රවිනතාවය උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන පහසුකම් වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ. 23 October 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025