කුරුණෑගල හෙක්ටයාර 5514ක් යළි වගා කරන්න බෑ ආපදා තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 12729කට පූර්ණ හානි සිදුව තිබෙන අතර එයින් හෙක්ටයාර 5,514ක් යළි වගා කළ නොහැකි බව නිලධාරීහු කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවැසීය. ඉඩම් හෙක්ටයාර 7215 යළි වගා කළ හැකි මට්ටමේ පවතින බවද නිලධාරීහු එහිදී සඳහන් කළහ. 08 December 2025
වත්තේගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වහයි දිවයින පුරා ඇති වූ අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දැඩි ලෙස නායයෑමට ලක් වූ වත්තේගම ප්‍රාදේශිය රෝහල තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 08 December 2025
මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් නුවරඑළියේ පාරවල් හදන්න නුවරඑළිය දිස්ත්‍රික්කයේ හානියට පත් මාර්ග සහ බෝක්කු, පැති බැමි වල ප්‍රතිසංස්කරණ කටයුතු මේ වසර අවසන් වීමට පෙර අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 08 December 2025
චීන ආධාර රැගත් ගුවන් යානයක් කටුනායකට මහජන චීන ජනරජය විසින් පරිත්‍යාග කළ , මෙරට ආපදාවට පත් වී සිටින ජනතාව සදහා රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීන ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අද( 08) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 08 December 2025
වහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි නාමල් අගමැතිනියට ලියයි ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට වහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගෙන් ලිඛිත ඉල්ලීමක් කරයි. 08 December 2025
අනවසර ඉදිකිරීම් නවත්තන්න වෙනම නීති ගෙනෙයි ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන අතර ඊට එරෙහි වන නීති ශක්තිමත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 08 December 2025
මැතිසබේ මන්ත්‍රීලා විස්සකටත් ආපදාවෙන් කරදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් ගංවතුරින් සහ නායම්වලින් විවිධ කරදර සහ හිරිහැරවලට ලක්ව ඇති බව ආරංචි මාර්ගවලින් පැවසේ. 08 December 2025
ට්‍රම්ප්ගේ ආරක්ෂක උපාය මාර්ග පුටින්ගේ පැසැසුමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ජාතික ආරක්ෂක උපාය මාර්ගික වැඩපිළිවෙළ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පැසැසුමට හේතුවක් වී ඇත. 08 December 2025
නැ‘හිර පාසල් 221 කට හානි ජලගැලීම් හා සුළි කුණාටු තත්වයන් හේතුවෙන් නැගෙනහිර පළාතේ අධ්‍යාපන කලාප 17 න් 15 අයත් පාසල් 221 ක් හානියට පත්ව ඇතැයි නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා අද (08) පැවසීය . 08 December 2025
වැඩිහිටි ආරෝවෙන් මල්වතු ඔයේ සැඟවුණ මල් කැකුළු මව සමග මල්වතු ඔයට වැටුණු දරුවන් දෙදෙනාගෙන් දියණියගේ සිරුර ද සොයාගත් බව පොලිසිය කියයි. 08 December 2025
ඩුබායි පනින්න ගිය හීනටියෙ මහේෂ්ගේ ගෝලයෙක් මාට්ටු මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හීනටියෙ මහේෂ් නැමත්තාගේ අනුදැනුම මත අද (8) ඩුබායි රාජ්‍ය බලා පලා යෑමට සිටි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 08 December 2025
අකුණකින් නිවසක් ගිනිබත් වෙයි බලපිටිය බාහක්මණවත්ත පී.ආර්. ද සිල්වා මාවතේ නිවසකට ඊයේ (7) රාත්රියේදී අකුණු සැර වැදී එම නිවස ගිනි ගෙන ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි. 08 December 2025
පළාත් කිහිපයකට අදත් වැස්ස උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (08) රාත්‍රී කාලයේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි 08 December 2025
මාතර මාධ්‍යවේදියෝ ආපදා වූ මාධ්‍යවේදීන් සොයා යති මාතර මාධ්‍යවේදීයෝ සංවිධානය ගංවතුරින් ආපදාවට ලක් වූ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සොයා ඉකුත් දා ප්‍රදේශ කීපයක සංචාරය කළහ. 07 December 2025
බූස්ස බන්ධනාගාරයේ කලබලයක් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයාට රැඳවියන් දෙදෙනකු විසින් පහරදිමක් සිදු කර ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යලය පවසයි. 07 December 2025
ජනපති- අටමස්ථානාධිපති නාහිමි බැහැ දකී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමි බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය. 07 December 2025
පේරාදෙණිය කළු පාලම ගැන හෙට තීරණයක් පේරාදෙණිය පාලම අලුත්වැඩියා කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවට නිරීක්ෂණය වන නමුත් හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පැවසීය. 07 December 2025
අයි.එම්.එෆ් ණය පමාවක් ගත යුතුමයි ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත සහ ව්‍යාපාර නැවත සවිබල ගන්වන තුරු 2028 ණය ගෙවීම කල් දමා ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 07 December 2025
මහියංගන රෝහලේ පරිගණක ඒකකය යථා තත්වයට ගංවතුරට හසුව අක්‍රිය වී තිබූ මහියංගන රෝහලේ සියලු පරිගණක උපාංග නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව මහියංගන රෝහල් ආරංචි මාර්ග පැවසීය . 07 December 2025
කඩුගන්නාව පාර 24 පැයේම අරී වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබූ මහනුවර කොළඹ ඒ 01 මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස නැවත වාහන ගමනාගමනයට විවෘත කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්රකාශයෙක් පැවසීය. 07 December 2025
මහියංගන - මහනුවර මාර්ගය විවෘත කරයි නායයාම් ගල් පර්වත පෙරළීම් හේතුවෙන් අවහිර වූ මහනුවර - මහියංගන 18 වංගු මාර්ගයේ සියලු බාධා ඉවත් කර රථ වාහන ධාවනය සඳහා විවෘත කළ බව ප්‍රවාහණ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය. 07 December 2025
බඩු කොල්ල කෑවොත් වැඩ වරදී ආපදාවට ලක්වූ පුද්ගලයින්ට ලබාදීමට රැගෙන යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ අතරමගදි බලහත්කාරයෙන් පැහැර ගැනීම වලක්වන්නැයි පොලිස්පතිවරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී ඇත. 07 December 2025
ඉතාලියේ ලංකික සමාජ ක්‍රියාකරුවකු ආධාරත් කොල්ල කාලාලු ශ්‍රී ලංකාවේ අවතැන් වූවන්ට සහන සැලීමට යැයි පවසා ඉතාලියේ සිටින සමාජ ක්‍රියාකරුවකු රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් (යුරෝ 6500) වංචා කර ඇතැයි ඉතාලියේ එම පරිත්‍යාග ශීලිහු චෝදනා කරති. 07 December 2025
කාන්තන්කුඩි ජනතාව වියලි ආහාර දෙති මඩකලපුව කාන්තන්කුඩි ප්‍රදේශයේ පිරිසක් එකතු කරගත් වීයලි ආහාර ද්‍රව්‍ය තොගයක් පොළොන්නරුව මනම්පිටිය, දිඹුලාගල, ඇතුළු අවට ගම්මානවල ගංවතුරින් අවතැන්වූවන් සඳහා බෙදා දීම සඳහා එම ද්‍රව්‍ය ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලා ලංකාර නාහිමියන්ට පරිත්‍යාග කළේය. 07 December 2025
හෝර්ටන් තැන්න සංචාරකයන්ට විවෘතයි හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානය මාර්ග අද සිට දෙස් විදෙස් සංචාරයකයන් සදහා පමණක් විවෘත වන බව හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය භාරකාර එම්. එම්. කේ. මොරතැන්න මහතා පැවසීය. 07 December 2025
’’ෆැක්ටරි’’ 500ක් ගංවතුරේ ගංවතුර සහ නාය යෑම් විපතින් දිවයින පුරා විවිධ කර්මාන්ත ඇතුළු නිෂ්පාදන ආයතන පන්සීයකට ආසන්න ප්‍රමාණයක් විවිධ ආපදාවන්ට ලක්ව ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 07 December 2025
ආපදාවට සහන සලසන්න ඇමෙරිකා යානා දෙකක් එයි ශ්‍රී ලංකාවේ පසු ආපදා තත්වය කළමනාකරණය කිරීම සදහා මෙරට තුළ භාණ්ඩ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සපයන්නන් ප්‍රවාහනය කිරීම සදහා ඇමෙරිකානු ගුවන් හමුදාව සතු සී.- 130 හර්කියුලීස් ගුවන් යානා දෙකක් අද (7) පස්වරුවේ කටුනායක ගුවන් හමුදා කදවුර වෙත ළගා විය. 07 December 2025
‘ කුෂ්‘ සමඟ දෙන්නෙක් ගුවන්තොටේදී අල්ලයි රුපියල් විසි පන් කෝටි අසූ නව ලක්ෂ අසූ හතර දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු අද(07 ) දහවල් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 07 December 2025
ශ්‍රීපාද වන්දනා කරුවන්ට හැටන් පාර සීමා කරයි 2025 - 2026 ශ්‍රී පාද වන්දනා වාරයෙදි හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කරන බැතිමතුන් සහ දෙස් විදෙස් සංචාරකයන්ට ඉදිකටුපහණෙන් ඉහළට කරුණා කිරීමට සිමාවන් පනවා ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් සමිර ගම්ලත් මහතා පැවසීය. 07 December 2025
මුළු අනුරාධපුරේටම හෙට වන විට විදුලිය දෙන්න පුළුවන් හෙට දිනය වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම ලබාදෙන්නට හැකි බව විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අද(7) පැවසීය. 07 December 2025
දඹුල්ලෙත් යතුරු පැදියක් ගිනි ගනී අඹු සැමි යුවළක් ගමන් ගත් යතුරුපැදියක් දඹුල්ල කණ්ඩලම මාර්ගයේ සිසිරවත්ත හන්දියේ ප්‍රදේශයේදී ගිනිගෙන විනාශ වී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි... 04 March 2026