පළාත් කීපයකට පොඩි වැස්සක් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 October 2025
මණ්ඩලේ 2000ක් වන්දි ලබා ගෙදර යන්න සූදානම් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයෙන් වන්දි ලබා ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යෑම සඳහා 2000 කට අධික සේවක පිරිසක් ඉල්ලුම් කර ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. 29 October 2025
විදුලි ඇමති - ලේකම් සීතය යුද්ධය අවසන් බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර පැවැති සීතල යුද්ධය නිමා කරමින් විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කා ර් යාලයේ අධ්යක්ෂ ජනරාල් ධූරයට නැවත වතාවක් පුබුදු නිරෝෂන් මහතා පත්කර තිබේ. 29 October 2025
සෙව්වන්දිට නීති පොත දුන් නීතිඥවරියත් කොටුවෙයි පාතාල කල්ලි නායක ගනේ මුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමට නීතිඥ වෙස් ගෙන පැමිණි ඉෂාරා සෙව්වන්දි නමැත්තියට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දුන් බව පැවසෙන නීතිඥවරියක් ඊයේ (28) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය. 29 October 2025
දියණිය දීනූ රන් පියාණන්ට පළඳවයි ඉන්දියාවේදී පැවැති 2025 ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදී දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස කිරුළු සාෆියා යමික් ක්‍රීඩිකාව පිළි ගැනීමේ උත්සවයක් ඇය උපන් මහනුවර කටුකැලේ සිය ගම් ප්‍රදේශයෙදී අද පැවැත්විණි. 28 October 2025
’ යුරෝපීය සංචාරකයින් වැඩි කරගන්න රජය මැදිහත් වෙනවා’ යුරෝපීය රටවලින් සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට රජය මැදිහත් වන බවත්, ඒ සඳහා ප්‍රවර්ධන වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවත් වැඩබලන කැබිනට් ප්‍රකාශක විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. 28 October 2025
‘සුදු අලි’’ ගොඩනැගිලි වලින් වැඩක් ගන්න යයි රජයේ විවිධ ආයතන සතු ඌන උපයෝජිත හෝ අර්ධ වශයෙන් නිම කර ඇති ගොඩනැගිලි හා ඉදිකිරීම් ඵලදායි කටයුතු සඳහා යොදා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 October 2025
තිස්ස අත්තනායකගේ නඩුවට දින දෙයි සමගි ජන බලවේගය පක්ෂ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සිදුකළ අසත්‍ය ප්‍රකාශයකින් සිය කීර්තිනාමයට සිදුවූ හානියට රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය වරිය ගොනු කළ නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය දෙසැම්බර් මස 2 දා සිදුකිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු යූ.එස්.කේ.කේ වැරණියගොඩ මහතා දින නියම කළේය. 28 October 2025
තරුණ ඇමති තරුණ සේවා ප්‍රගතිය බලන්න යයි ජාතික තරුණ සේවා සභාවේ වසරේ ගෙවී ගිය කාලයේ සිදු කළ ව්‍යාපෘතීන් හි ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයක් මහරගම ජාතික සේවා සභාවේදී අද(28) පැවැත්විණි. 28 October 2025
බහු මාධ්‍ය සැපයුම් මධ්‍යස්තානය ඇමතිගේ නිරීක්ෂණයට වේයන්ගොඩ දුම්රිය ස්ථානය, සහ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් ගබඩා භූමිය උපයෝගී කරගනිමින් කොළඹ වරාය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ යෝජිත බහු මාධ්‍ය සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක ප්‍රවාහන හා මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි. 28 October 2025
ඇමති බංගලා 4ක් මහාධිකරණවලට හිටපු ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාවිච්චි කළ කොළඹ රජයේ නිවාස හතරක මහාධිකරණ හතරක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ. 28 October 2025
භූ විද්‍යා-පතල් කාර්යාංශයට වැටලීම් ඒකකයක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහා ඉතාමත් ඉක්මනින්ම විමර්ශන හා වැටලීම් ඒකකයක් ස්ථාපිත කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 28 October 2025
‘‘ලසාගේ‘‘ වෙඩික්කරු අත්අඩංගුවට ගත් නිලධාරීන් ගැන විමර්ශනයක් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු යැයි සැක සහිත පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ විමර්ශනය සිදුවූ අවස්ථාවේ ඒ හා සබැඳි නිලධාරීන්ට විරුද්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් මහතා කොළඹදී පැවසීය. 28 October 2025
ආදායම් නිලධාරිනිය ලාච්චුවට සුද්දයක් දීලා බදුල්ල මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රථ වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ නිළධාරිණිය විසින් රථ වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කර අය කරන මුදල් ඌව පළාත් සභා ගිණුමට බැර නොකර වංචා සහගතව සොරා ගෙන ඇතැයි මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි . 28 October 2025
ලසන්ත ඝාතනයට අනුබල දුන් තුනක් රිමාන්ඩ් වැලිගම ප්‍රාදේශිය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර (සජබ) මහතාට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට ආධාර අනුබල දුන්නැයි සැක පිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු අනිද්දා දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා අද නියෝග කළේය. 28 October 2025
කෙහෙළියගේ විජේරාමේ ගෙදර මහාධිකරණයකට නව අධිකරණ ස්ථාපිත කිරීම සඳහා ඉඩ පහසුකම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 October 2025
මහ බැංකුවේ ව්‍යවහාර මුදල් වැඩ දියුණු කරන්න ආයතනයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීම පිණිස ආයතනයක් තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 October 2025
පාර්ලිමේන්තුව වෙනස් කරන සිතියම කතානායකට පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය ප්‍රතිව්‍යුගත කිරීමේ මූලික කටයුතු මේ වනවිට අවසන් කර එම කමිටු වාර්තාව කථානායක ජගත් වික්‍රමරත්න මහතාට භාර දී ඇත. 28 October 2025
ඩීසල් නැව් තොග පහක් ගන්න සම්පාදනය සිංගප්පූරුවට ඩීසල් බැරල් 1,400,000+/-5% නැව් තොග 5ක ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 October 2025
නැගෙනහිර හදන්න ඉන්දියාවෙන් මිලියන 2,371ක් ඉන්දියානු බහු ආංශික ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 October 2025
රාජ්‍ය අංශයේ පුරප්පාඩු ගණන් හිලව් කැබිනට් මණ්ඩලයට රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 October 2025
සත්ත්ව නිෂ්පාදන - සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්යක්ෂ පත් කරයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 October 2025
හයිවේ නීතියක් දැඩි කරයි අධිවේගී මාර්ග වල ධාවනය කරනු ලබන වාහන වල ගමන් ගන්නා මගීන් විසින් ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් මෝටර් වාහන පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 October 2025
ඇමැති චන්දනට සම්මානිත මහාචාර්ය පදවියක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතාට සම්මානිත මහාචාර්ය පදවියක් පිරිනමා ඇත. 28 October 2025
හලාවත රෝහලට අලුත් එළියක් පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රජයේ රෝහල වන හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අතරමඟ නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත කඩිනම්න් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 28 October 2025
පුතාගේ පොරෝ පහරින් මව අවසන් ගමන් යයි මැදවච්චිය,ඉසෙන්බැස්සගල ප්‍රදේශයේ නිවසකදි සිය පුත්‍රයා විසින් 81 හැවිරිදි සිය මවට පොරොවකින් පහරදි ඝාතනය කොට ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි. 28 October 2025
ශීත ඍතුවට නව ගුවන් සේවයක් ලෝකයේ එළඹෙමින් තිබෙන ශීත ඍතුවත් සමග ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කාළසටහනකට අනුව ධාවනය වන (Seasonal Schedule Flight)’’ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ (Edelweiss) ප්‍රථම මංගල ගුවන් යානය (Inogaral Flight) අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. 28 October 2025
ඝාතන තුනකට සම්බන්ධ තිදෙනකු අ‘පුරදී අල්ලයි දකුණු පාළාතේ සිදු කළ ඝාතන තුනකට සම්බන්ධ වෙඩික්කරුවෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු රුපියල් ලක්ෂ 25කට වැඩි හෙරොයින් මත්කුඩු සමඟ, අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 28 October 2025
මැතිසබේ කුස්සියේ විරෝධයක් පාර්ලිමේන්තුවේ වැටුප් තල ප්‍රතිව්‍යුහ ගතකරණයේදී තමන් නොසලකා හැර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවකයෝ පිරිසක් ඊයේ විරෝධතාවයක නිරතවූහ. 28 October 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025