පළාත් කීපයකට අද වැසි සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 November 2025
කෝටියක මාළු මා දැලක පැටලේ උඩප්පුවේ මාදැලකට රුපියල් කෝටියකට අධික වෙන්කඩ පරව් මාළු අස්වැන්නක් ලැබුණු බව ධීවරයෝ පවසති. 01 November 2025
පොලිස් රාජකාරියට බාධා කළ දෙමටගොඩ කතක් අල්ලයි රථ වාහන වරදකට මෝටර් රථයක් නවතා නීතිය ක්‍රියාත්මක කිරීමට යද්දී එය පැද වූ කාන්තාව ඇය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකුගේ නැගණිය බව පවසමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී පලායමින් සිටියදී මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි 01 November 2025
පත්මේගේ ගිනිඅවිය ළඟ තබාගත් කෝටිපතියා අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල් බද්දර පද්මේ නමැත්තාට අයත්ව තිබූ නවීන පන්නයේ පිස්තෝල ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි 01 November 2025
යතුරුපැදි-බස් අනතුරින් සරසවි සිසුවා මරුට මතුගම නෑබඩ පාර හොරණ මාර්ගයේ හිරිකැටිය හංදියේදි අද (1) උදෑසන යතුරු පැදියක් මාර්ගයේ ලිස්සා ගොස් පෞද්ගලික බස් රථයක ගැටී බස් රථයට යටවීමෙන් 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි. 01 November 2025
කන්දකැටියේ ඉස්කෝලයකට වනඅලි පහරදීමක් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කන්දකැපූඋල්පත ප්‍රාථමික විදුහලට අද (1) කඩා වැදුණු වන අලි රංචුවක් විදුහලේ ප්‍රධාන ගේට්ටුව දැන්විම් පුවරු කොන්ක්‍රීට් කනු වලට පහරදී කඩා බිද අලාභහානි සිදුකර ඇතයි කන්දකැටිය පොලිසිය පවසයි . 01 November 2025
වැලිකන්දේ අපවහන ඇළක කසිප්පු තොගයක් වටලයි ගම්මානයේ කසිප්පු ජාවාරම පිළිබඳ පොලිසිය දැනුවත් කලද ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් පොළොන්නරුව වැලිකන්ද කටුවන්විල මොහිදින් ජුම්මා පල්ලියේ සාමාජිකයන් ඇතුළු ගම්වාසීන් පිරිසක් ඒකාබද්ධව අද (1) සවස සිදුකළ මෙහෙයුමකදී ගම්මානයේ අපවාහන ඇලක සඟවා තිබූ කසිප්පු බැරල් තුනක් සිය බාරයට ගැනීමට කටයුතු කර තිබේ. 01 November 2025
පොලිසියේ තෑගි සිහිනය බොද වෙයි මත්ද්‍රව්‍ය සහ ගිනි අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අගය කරමින් රුපියල් කෝටි සීයකට වැඩි තෑගි මුදල් පිරිනැමීම රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය හේතුවෙන් මඟ නතරවී ඇතැයි වාර්තාවේ. 01 November 2025
රට රස්සා දෙනවා කියා කෝටි 74 කට පොලු රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් කෝටි 74 කට අධික මුදලක් වංචාකළ මහරගම පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකුට අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 01 November 2025
ලංකාවට මත්කුඩු ගේන කෙරුමෝ විසිපහක් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 25 දෙනෙකු හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය 01 November 2025
උසස් පෙළ පන්ති සම්මන්ත්රණ 4 වැනිදායින් පසු තහනම් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගයට අදාළ උපකාරක පන්ති සම්මන්ත්රණ හා වැඩමුළු පැවැත්වීම නොවැම්බර් 4 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 01 November 2025
උඩුගම ඉඩමකින් උණ්ඩ මතුවෙයි උඩුගම අළුත්වත්ත ප්‍රදේශයේ කුරුඳු ඉඩමක සඟවා තිබු ටී56 ජීව උණ්ඩ 45ක් අද දහවල් සොයාගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 01 November 2025
ලොකුම ඡායාරූපකරණ ප්‍රදර්ශනයට මාධ්‍ය ඇමැති යයි මෙරට විශාලම ජායාරූපකරණ උපාංග වෙළෙඳ ප්‍රදර්ශනය වන Sony Alpha Festival 2025 නැරඹීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී විය. 01 November 2025
අලුත් ලංකාව නිර්මාණය වුණාද? අද රටේ ක්‍රියාත්මක වන්නේ සංවර්ධන සංස්කෘතිය නොව පාතාල සංස්කෘතිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 01 November 2025
ධීවරයන්ට සුභ ආරංචියක් ධීවර ජනතාව වෙනුවෙන් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය නොවැම්බර් මාසයේදී හදුන්වා දෙන බව විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය 01 November 2025
’’මන්ත්‍රීවරුන් කීපදෙනෙකුට පිස්තෝල දුන්නා’’ තර්ජන ඇති මන්ත්‍රීවරුන් කීප දෙනෙකුට පිස්තෝල ලබා දී ඇති බව කතානායක ජගත් වික්‍රමරත්න මහතා පවසයි. 01 November 2025
හෙදියන්ගේ නිල ඇඳුමේ වෙනසක් නෑ හෙදියන්ගේ නිල ඇඳුමේ වෙනසක් නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 01 November 2025
චන්ද්‍රිකා නිල නිවසින් යන්න බඩු අස් කරයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කොළඹ නිදහස් මාවතේ පිහිටි නිල නිවසින් ඉවත්වීම සඳහා බඩු මුට්ටු ඉවත් කරගනිමින් සිටින්නීය. 01 November 2025
අලුත් නි. ඇමතිලා හය දෙනාත් මැතිසබේ තෙල් එපා කියති මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලබාදෙන ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත. 01 November 2025
විපක්ෂයේ මන්ත්‍රීලා විස්සක් පිස්තෝල ඉල්ලති පාතාල ක්‍රියාකාරකම් සහ රටේ ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙන තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝල වහාම නිකුත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසි දෙනෙකු පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 01 November 2025
අම්බලුවාවේ කෝටි 18ක දූෂණ එළියට: කෝටියක කළුගල් බිමට පෙරලලා ඓතිහාසික ගම්පොළ අම්බුලුවාව ජෛව විවිධත්ව ගම්මානයේ පසුගිය කාලය පුරා රුපියල් කෝටි 18 කට ආසන්න බරපතළ ආකාරයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුව ඇති බවට විගණන වාර්තාවක සඳහන්වේ. 01 November 2025
වැලිගම ඝාතකයන් ආ යතුරු පැදිය හමුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත කුලසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බව කියන යතුරු පැදිය කතරගම බුත්තල පාරේ 16 කණුව අසල කැලයේ දමා ගොස් තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් සොයාගනු ලැබීය . 01 November 2025
කැසට් යන්ත්‍රය ශබ්දයෙන් දැම්මැයි පිහියෙන් ඇණ මරලා කැසට් යන්ත්‍රයක් අධික ශබ්දයෙන් දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත තරුණයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව බුලත්කොහු පිටිය පොලිසියය පවසයි. 01 November 2025
අදත් පායන දවසක් සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 November 2025
රට ගිය දොස්තරලා ආවොත් හිටපු ශ්‍රේණියම දෙයි විවිධ හේතූන් මත මෙරට රාජ්‍ය සේවය අතහැර විදෙස් ගත වූ විශේෂඥ වෛද්‍යවරුන්ට නැවැත සේවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විදේශගතව සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. 31 October 2025
පෙට්‍රල් රුපියල් 5කින් පහළට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කළ බවත් ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූ බවත් නව මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්‍රී නිවේදනය කළේය. 31 October 2025
ලලිත් පතිනායක පරිපාලන තනතුරින් ඉවතට? ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් පරිපාලන තනතුරෙන් ඉවත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. 31 October 2025
වාණිජ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට ඇප නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව රුපියල් කෝටි 9 කට අධික වටිනාකමින් යුත් තාවකාලික ගබඩා 50 ක් සීමා සහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙනුවෙන් ආනයනය කර රජයට පාඩු කළේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය . 31 October 2025
නියෝජ්‍ය කතානායකත් මැතිසබේ තෙල් එපා කියයි නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව එහි මූල්‍ය අංශයට ලිඛිතව දැනුම්දී ඇත. 31 October 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025