ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් "සම්පූර්ණයෙන්ම නිරායුධ කිරීම" සඳහා සාම සැලැස්ම යටතේ එකඟතාවකට එළඹී ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ගාසා තීරයේදී සම්පූර්ණයෙන්ම නිරායුධ වීමට අදාළ සාම සැලැස්මට තමන් එකඟ වූ බවත්, ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් ළඟදීම නිකුත් කරන බවත් හමාස් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසී (BBC) පුවත් සේවයට පවසා තිබේ. ඊශ්‍රායලය මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අදහසක් පළ කර නොමැත.
"නිරායුධ කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ" ඊශ්‍රායලය ගාසා තීරයෙන් ඉවත් වන බව පැවසූ ට්‍රම්ප්, මෙම එකඟතාව "අවසානයේදී නව පලස්තීන රජයක් යටතේ ගාසා තීරය පාලනය වීම සඳහා තැබූ තීරණාත්මක පියවරක්" ලෙස හැඳින්වීය.
එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් සකස් කළ ගාසා සටන් විරාම සැලැස්මේ දෙවන අදියරට හමාස් සංවිධානය නිරායුධ කිරීම ඇතුළත් වේ. එම දෙවන අදියරට ගාසා තීරය ප්‍රතිසංස්කරණය කිරීම ද ඇතුළත් වේ.
Truth Social හි සටහනක ජනාධිපති ට්‍රම්ප් මෙසේ පැවසුවේ නිරායුධකරණය අවසන් වූ පසු, ඊශ්‍රායල හමුදා ඉවත් වනු ඇති බවත් , ගාසා තීරය එහි පදිංචිකරුවන්ට සහ එහි අසල්වැසියන්ට ආරක්ෂිත වීම සඳහා වගකීම භාර ගැනීම සඳහා ජාත්‍යන්තර ස්ථායිකරණ බලකාය නව පලස්තීන පොලිස් බලකායක් සමඟ කටයුතු කරනු ඇති බවයි.
මේ සඳහා මැදිහත්කරුවන් වශයෙන් කටයුතු කළ ඊජිප්තුව, කටාර් සහ තුර්කියට ජනපතිවරයා ස්තූති කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලෝ කාවවත් විශ්වාස කරන්න බැහැ. කොච්චර කාලෙකට ඔය සාම ගිවිසුම හොඳින් පවත්වාගෙන යයිද දන්නේ නැහැ.
හමාස්ල එකඟවෙලා නෑ. අනික් පැත්තෙ අය විතරයි. හමාස් සහමුලින්ම මර්දනය කලයුතුයි.
ඔය කයිවාරුව නැති නම් පූච්චම ආවේ ට්‍රම්ප්ගේ මුඛයෙන් නම්, එය පිච්චියකටවත් විශ්වාස නොකළ යුතු ඕපාදූපයක් හැටියට හිතන්න. එයා දෙසා බාන කිසිදු දෙයක අගක් මුලක් නැත, හරයක් නැත... ඉරානයේ සාම සාකච්ඡා, යෝජනා ගැන මෑන් කොච්චර පච හැලුවත්, මාස පහකට පසුවත් සාමය පේන මානයකවත් නැත, ඇමරිකානු හමුදා ජයග්‍රහණය කරලත් නැත... මැද පෙරදිග ඇමරිකානු කදවුරුවලට දිනපතාම පාහේ ඉරාන මිසයිල, ඩ්‍රොන ප්‍රහාරත් පතිත වී අති දැවැන්ත පාඩු ට්‍රම්ප්ට ලබා දෙනවා... දැන් එයාගේ නවතම "තැටියේ" රසවත් බව විදගැනීමට සූදානම් වෙමු.
ඉරාන ආගමික ත්රස්තවාදීන්ගේ මුදල් සහ අවිආයුධ ආධාර ලබමින්, කලාපයේ සහ ඉන් ඔබ්බට ත්‍රස්තවාදී බලය පාවිච්චි කරන හමාස් සංවිධානය, "හමස් පෙට්ටියට" දමා හොඳින් වැසීමට පුළුවන් කෙනෙක් සිටිනවා නම්, මුළු ලොවම සාමකාමී වෙනු ඇත...