දෙදරු පියා බසයට බිලි අනුරාධපුර සිට මහනුවර බලා ධාවනය වු ලංගම බස්රථයකට යටවි අද(12) යතුරුපැදි කරුවෙකු ජිවිතක්ෂයට පත්වී ඇතැයි නාඋල පොලිසිය කියයි. 12 February 2024
ජනපති තරුණ බලකාය හමුවී ඡන්දෙ ගැන කතා කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් තරුණ බලකාය අතර හමුවක් පිටකෝට්ටෙි සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවැත්විණි. 12 February 2024
රෆා නගරයට දිගින් දිගටම ඊශ්‍රායාල හමුදාව පහර දෙයි ගාසා තීරයේ, දකුණු දෙසින් පිහිටි, රෆා නුවර, හමාස් සටන්කාමීන්ට පහර දී, සටනකාමීන්ගේ ග්‍රහණයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් දෙදෙනකු මුදාගත් බව ඊශ්‍රායල හමුදාව පැවැසීය. 12 February 2024
ගසට මුත්‍ර කළැයි පොලිසියේ 6ක් අයි.පී.ට නෙළලා බම්බලපිටිය පොලිස් පරීක්ෂක භෝජනාගාරයේ ප්‍රධාන ගේට්ටුව අසල ගසකට මුත්‍ර කිරීමට ගිය පොලිස් පරීක්ෂකවරයෙකුට තදබල ලෙස පහර දුන්නේ යැයි කියමින් පොලිස් පරීක්ෂකවරයෙකු පැමිණිල්ලක් සිදු කර ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි. 12 February 2024
පිය පුතු වලියෙන් ඇඟිලි දෙකක් - කණක් අහිමි වෙයි පල්ලම විල්පොත ප්‍රදේශයෙ සාදයකින් පසු පිය පුතු දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමකින් පියාගේ කනක් කැපි ගොස් ඇති බවත් පියා එල්ල කල ප්‍රහාරයකින් පුතාගේ ඇගිලි දෙකක් කැපි එල්ලෙමින් මුන්දලම රෝහලට ඇතුලත් කිරීමේන් පසු හලාවත මහ රෝහලට වැඩි දුර ප්‍රථිකාර සදහා මාරු කර යවා තිබු බව පල්ලම පොලිසිය කියයි. 12 February 2024
මෝදකයට හයිරන් එපා ආයුර්වේද වෛද්‍ය ක්රමයේ භාවිත වන මදන මෝදකය යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගැනීමෙන් තම වෛද්‍ය ක්‍රමය ගැන වැරදි ප්‍රතිරූපයක් ගොඩනැගෙන බව දේශීය වෛද්‍යවරු පවසති 12 February 2024
හිටපු අගමැති නව ජනපති ෆින්ලන්ත ජනාධිපතිවරණය ඊයේ (12) පැවැත්විණි. ‘නැෂනල් කොන්සවර්ටිව්’ පක්ෂ සන්ධානයට නායකත්වය දුන්, එරට හිටපු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ස්ටබ් එයින් ජයග්‍රහණය කළේය. ඒ, සියයට 51 ක ඡන්ද ප්‍රතිශයක් ද හිමිකර ගනිමිනි. 12 February 2024
විදුලි බිලේ සහනය 20 ප්‍රකාශයට? විදුලි ගාස්තු සහනය ලබන 20 වැනිදා ප්‍රකාශයට පත් කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය 12 February 2024
ජනාධිපති සමාජ සාධාරණත්වය කණපිට හරවලා ජනාධිපතිවරයා සමාජ සාධාරණත්වය කනපිට හරවමින් විපක්ෂයට ආණ්ඩුවට එකතු වෙන්නැයි ආරාධනා කිරීම විහිලු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. 12 February 2024
මෛත්‍රී ඇමරිකා යයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමරිකාව බලා අද අලුයම පිටත්ව ගියේය. 12 February 2024
පොහොර ණයෙන් ලොකු කොටසක් ගෙවයි වසර පහක් තිස්සේ නොගෙවා තිබු පොහොර ණය මිලියන 23,000කින් සියයට 93ක් ගෙවා දැමූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 12 February 2024
අතරමග නැවතුන නිවාස වැඩ අරඹන්න මුදල් දෙයි වැඩ අවසන් නොකර අතරමඟ නවතා දමා ඇති නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට ප්‍රතිපාදන දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. 12 February 2024
විද්‍යාපිඨවලට සිසුන් බඳවා ගැනීම ඔන් ලයින් කරන්න යයි ජාතික අධ්‍යාපන විද්‍යාපිඨ සදහා සිසුන් ඇතුළත් කිරීම මාර්ගගත (online) ක්‍රමයට පමණක් ඉදිරියට සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි. 12 February 2024
පොල් ගසෙන් වැටී සිව්දරු පියා මරුට තම ගෙවත්තේ පොල් ගසකට නැග ගෙඩි කඩමින් සිටි සිව්දරු පියෙකු ගසෙන් වැටී මියගොස් ඇතැයි මැදගම පොලීසිය පවසයි. 12 February 2024
නවාස් ෂරීෆ් - බිලාවල් බූතෝ සාකච්ඡා දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරමින්, එකමුතු වී නව සන්ධාන රජයක් පිහිටුවීමේ අරමුණින්, පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායක නවාස් ෂරීෆ් සහ පාකිස්තාන ජනතා පක්ෂයේ නායක බිලාවල් බූතෝ අතරේ සාකච්ඡා පැවැත්විණි. 12 February 2024
පාරේ වී වේලමින් සිටි ගොවියා යතුරුපැදියට බිලි යාපනය කොඩිකාමම් පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ මාක්කිරායි ප්‍රදේශයේදී අද (12) උදෑසන සිදුවූ අනතුරකින් මාර්ගයක වී වේලමින් සිටි ගොවියෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩ පොලීසිය පවසයි. 12 February 2024
පන්නිපිටියේ ඇඟලුම් කම්හලක ගින්නක් පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ හඳුන්කූරු නිෂ්පාදන ආයතනයක් හා ඇඟලුම් කම්මලක් පවත්වාගෙන යන ස්ථානයක මීට ස්වල්ප මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇති බව මහරගම පොලිසිය පවසයි. 12 February 2024
‘යුක්තිය’ අදත් 625ක් අල්ලයි ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 625 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 12 February 2024
කනිෂ්ඨයන්ට පහරදුන් ජ්‍යෙෂ්ඨයන් හතක් මාට්ටු ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දිමෙිි සිද්ධිය සමිබන්දයෙන් එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පැවැසීය. 12 February 2024
සිංහල වෛද්‍යවරු යුක්තියෙන් ඉල්ලීමක් කරති යුක්තිය මෙහෙයුම යටතේ මෝදක සහ කාමේෂ්වරී යන ඖෂධ අත්අඩංගුවට ගැනීම ආයුර්වේදයට කරන අයුක්තියකැයි ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා පැවසීය. 12 February 2024
සාජන්ට වෙඩි තබා පැන ගිය සැකකරු මාට්ටු මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී ජංගම මුර සංචාරයක නිරතව සිටි සාජන්වරයකුට වෙඩි තබා පළා ගිය සැකකරු අද සවස බිංගිරිය ප්‍රදේශයේදී අනියම් බිරිය සමග තීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 12 February 2024
මීගොඩ ආර්ථිකය වහයි මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොළ වෙළෙඳ සලකට ගිනි අවි රැගෙන කඩා වැඳුණු දෙදෙනකු එහි සේවිකාවකට වෙඩි තබා ඇය සතුව තිබූ රුපියල් 45.000ක මුදලක් පැහැර ගැනිමත් සමග තමන් ආරක්ෂිත බව පවසමින් එහි වෙළෙන්දෝ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමූහ. 12 February 2024
මෝටර් රථය යතුරු පැදි තුනක පස් දෙනකු යටකරයි:තරුණයෙක් මරුට රත්නපුර නගරයේදී මෝටර් රථයක් හා යතුරු පැදි තුනක් එකිනෙක ගැටිමෙන් තරුණයකු මියගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියය. තුවාල ලැබූ තරුණයන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. 12 February 2024
රජකාලේ පාරක් අම්පාරෙන් මතු වේ අම්පාර ඉකුත් දා ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව සමග දීඝවාපි ඔලුවිල් මාර්ගයේ කඩාගෙන ගිය ස්ථානයකින් ඓතිහාසික ගල් අතුරන ස්ථානයක් හමුවි තිබේ. 11 February 2024
කොස්තාපල් යතුරු පැදි අනතුරින් මරුට හලාවත පොලිස් කොඨඨාශයේ පොලිස් රථවාහන ඒකකයේ රාජකාරි කරමින් සිටි තරුණ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව පල්ලම නගරයේ දී බෝක්කුවක ගැටි හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇතැයි පල්ලම පොලිසිය කියයි. 11 February 2024
ඔන්ලයින් පනතේ කොටසක් ’’රිවර්ස්’’ විවිධ පාර්ශ්වවල විරෝධතා සැලකිල්ලට ගෙන මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ (ඔන්ලයින් ) වෙනස් කරේ. 11 February 2024
ජාජබ අ‘පුර කාන්තා සමුළුව කතුන්ගෙන් පිරේ ජාතික ජනබල වේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සමුළුව අද එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදි පැවැත්වුණි. 11 February 2024
ශ්‍රී ලංකා පිල ලකුණු 308 ක් රැස්කරයි ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 308 ක් රැස් කළේය. 11 February 2024
‘‘පාසල් දරුවන් මත් කරන අයගැන විමසිල්ලෙන් සිටින්න‘‘ පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා ගැනීම ඉලක්ක කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංවිධනාත්මකව කරගෙන යන කටයුතු පිළිබඳ සිහිබුද්ධියෙන් යුතුව විමර්ශන කරන්නැයි මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය පොලිස් නිලධාරීන්ට අවවාද කළාය. 11 February 2024
ළමා අපයෝජකයකුට සමාව දුන් හංගේරියා ජනපතිත් ගෙදර යයි ළමා අපයෝජන කිහිපයක් සිදුකළ වරදකරුවකුට එම සිදුවීම් සැඟවීමට උදව් කළ පුද්ගලයකුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන ජනතා විවේචන දිනෙන් දින වැඩි වීම හේතුවෙන් තමන් සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව හංගේරියානු ජනාධිපති කැටලින් නොවැක් මහත්මිය ප්‍රකාශ කළාය. 11 February 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026