’’සිමෙන්ති’’ ඉඩමක් වරායට කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩම් අක්කර 23 පර්චස් 12ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරීමට රජය තීරණය කර ඇත. 10 April 2024
තහනම් යතුරුපැදියක කොටස් ප්‍රවාහනය කළ පීසී අත්අඩංගුවට මෙරට පැදිම තහනම් කර ඇති අධි ධාරිතාවකින් යුතු 1000 CC වර්ගයෙ යතුරුපැදියක කොටස් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු මුල්ලේරියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 10 April 2024
යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට මුලතිව් මුල්ලිවයික්කාල් මාමුනේ දී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මුල්ලියාවේලි පොලිසිය සදහන් කරයි. 10 April 2024
අභියාචනා සැලකීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභින් වැඩිවෙයි අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. 10 April 2024
හිටපු මැකෝගෙන් පෝස්ටර් විරෝධයක් නාම යෝජනා බාර ගෙන ආණ්ඩුවේ බලපෑම මත කල් තබා ඇති නගර සභා -පාදේශීය සභා ජන්ද විමසීම ප්‍රමාද කිරීම ඒකාධිපති කමයට අත වැනීමක් යැයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය නිවෙස ඉදිරිපිට දැන්වීම් එල්ල සිය විරෝධය එල්ල කළේය. 10 April 2024
එතරින් ඇවිත් ගම හරහා දුවති විදෙස් සංචාරකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති බක්මහ උළෙලක් අකුරලදී පැවැත්විණි. ඊට සහභාගී වූ විදෙස් තරුණ තරුණියන් පිරිසක් ගම හරහා දීවිමේ තරගයට සහභාගි වූයේ මේ අයුරිනි. 10 April 2024
හාල්-එළවළු සැපයුම ඕනවටත් වැඩියි සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට අවශ්‍ය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ සහල්, එළවළු, බිත්තර, කුකුළු මස් හා පලතුරු කිසිදු හිඟයකින් තොරව සැපයීමට හැකි ව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 10 April 2024
පොහොට්ටුවට වෙට්ටු දාපු අයට බකට්ටුවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැර ගොස් සමග ජන බලවේගය සමඟ සම්බන්ධවූ මන්ත්‍රීවරුන් හය දෙනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ බලය පක්ෂයේ විනය මණ්ඩලයට ලබාදීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළේය. 10 April 2024
අඟුණකොලපැලැස්සේ රැඳවියෙක් පැන ගිහින් හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියෙකු බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි . 10 April 2024
අපරාධ කල්ලි සාමාජිකයෙක් කඩු,බෝම්බ සමඟ මාට්ටු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන දැනට ඩුබායි රාජ්‍යට පලා ගොස් සඟව සිටින වැල්ලේ සාරංග යන අයගේ ගෝලයෙක් හොරායින්, කඩු දෙකක් හා මෙරට නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමග අත් අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි. 10 April 2024
ප්‍රදේශ කිහිිපයකට හිරු මුදුන්වෙයි නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 April 2024
යුද හමුදා නිල ඇඳුම් ඇතුළු ආයිත්තම් තොගයක් සමඟ දෙකක් අල්ලයි හමුදාවෙන් පලා ගිය සෙබලෙකු ලෙස තිරප්පනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සෙබලෙකුගේ නිල ඇඳුම් කට්ටල තොගයක් ඇතුළු ආයිත්තම් තොගයක් පනාගොඩ යුද හමුදා කඳවුරෙන් හොර රහසේ පිටමංකර දකුණු පළාතට රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් මාළිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි. 09 April 2024
ශ්‍රීලනිප මූලස්ථානයට තවත් ඉබ්බෙක් කොළඹ 10 ටී බි. ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථාන ගොඩනැගිල්ල හිමි කාටදැයි යන ප්රශ්නය අද දිනයේ නැවතත් මතු විය. 09 April 2024
කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් නිවෙසකට ප්‍රෙටල් බෝම්බයක් කෝටිපති ඇඟලුම් ව්‍යාපාරිකුට අයත් අතුරුගිරිය ගල්වරුසාව පාරේ පිහිටි නිවසකට කිසියම් පුද්ගලයකු විසින් අද (09) දින සවස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 09 April 2024
‘උත්සව සමයේ අනතුරු අවම කරගන්න‘ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත්වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 09 April 2024
තැපෑල අප්‍රේල් 12 ත් වැඩ අප්‍රේල් 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදිනත් රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 09 April 2024
වතුඅධිකාරිවරයෙක් ඇතුළු තුනක් පැහරගත් හතරක් මාට්ටු යටියන්තොට හල්ගොල්ලවත්ත වතුයායේ සහකාර වතු අධිකාරීවරයෙකු ඇතුළු තිදෙනකු පැහැරගෙන ගොස් අසපුවක රඳවාගෙන පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පාරම්පරික වෛද්‍යවරයෙක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු අඩංගුවට ගත් බව යටියන්තොට පොලිසිය කියයි. 09 April 2024
සිරකරුවන් 779 කට ජනපති සමාව සිරකරුවන් 779 දෙනකුට ජනාධිපති සමාව ප්රදානය කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 09 April 2024
ශ්‍රීපාදය නැග වාර්තාවක් තබයි පැය 23 විනාඩි 46 ක් තුල මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාදය කරුණා කර සෙරන්ඩිප් ගිනස් වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නාවික හමුවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා අද පස්වරුවේ සමත්විය. 09 April 2024
ප්‍රදර්ශනයකදී වු අනතුරකින් සිසුන් දෙදෙනා රෝහලේ පාදුක්ක ප්‍රදේශයේ පාසලක පැවැති ප්‍රදර්ශනයක් සදහා ඉදිරිපත් කර තිබූ කුඩා මෝටර් රථයකට සමාන නිර්මාණයක් ධාවනය කිරීමට යාමේදී එය අනතුරට ලක් වීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු පාදුක්ක පුාදේශීය රෝහලට ඇතුලත් කල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. 09 April 2024
ආබාධිත රණවිරුවන්ට විද්‍යුත් යතුරු පැදි ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 09 April 2024
සිංහල අවුරුද්දට පාසල් හෙට සිට දින 14 නිවාඩු 2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙටින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 09 April 2024
භාණ්ඩ නවයකට මිල පරාසයක් උත්සව සමයේ ජනතාවට වඩාත් පහසුදායි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ නවයක මිල පරාස ඉදිරිපත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කළේය. 09 April 2024
පමුණුව ජනතාවගෙන් පිරී ඉතිරී යයි සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව මේ දිනවල රෙදිපිළි සහ ඇඳුම් මිලදී ගැනීමට දැඩි උනන්දුවෙන් කටයුතු කරති. 09 April 2024
පාස්පෝට් කන්තෝරුවේ cctv කැමරා ගබඩාවේ දිරලා ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සවිකිරීම සඳහා මිලදීගෙන ඇති සීසීවී කැමරා සවි නොකර වසර හයක් තිස්සේ ගබඩාවක විනාශ වෙමින් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 09 April 2024
ගෙවීමේ පදනමට වෛද්‍ය ශිෂ්‍යයන් ගන්න කැබිනට් අනුමැතියක් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත ශිෂ්‍යයන් ඇතුලත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 April 2024
වන නිලධාරීන්ට පහරදුන් අයෙක් අත්අඩංගුවට අම්පාර වන අඩවි බලප්‍රදේශයට අයත් උහන ආදල්ඔය ගම්මානයේ නීති විරෝධී මස් ජාවාරමක් වැටලීමට ගිය අම්පාර වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීන්ට පහරදී තුවාල සිදුකළ 09 April 2024
ආහාර ද්‍රව්‍ය සඳහා ප්‍රකාශිත මිලක් තෝරා ගත් ආහාර ද්‍රව්‍ය කීපයක් සඳහා ප්‍රකාශිත මිලක් නියම කිරීමට කැබිනට් මණ්ඩලයේ සැලකිල්ල යොමුව තිබේ. 09 April 2024
ඡන්ද ඇපය වැඩි කරයි මැතිවරණ සඳහා වන ඇප මුදල් තැන්පත් ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 April 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026