IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ප්‍රභූ ආරක්ෂක රියේ ගැටුණු දෙන්නෙක් රෝහලේ

 

 

( වසන්ත චන්ද්‍රපාල)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක අංශයට යොදවා තිබු ආරක්ෂක අංශ රථයක යතුරු පැදියක් දමන පොලිස් වසමේ හෙළගම්පුරට හැරෙන හන්දිය අසලදි ගැටිමෙන් දෙදෙනෙකු තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබේ.

ප්‍රභු ආරක්ෂක රථය යතුරු පැදිය ඉස්සර කිරිමට යෑමේදි යතුරු පැදිය මාර්ගය දෙසට කැපීමත් සමගම  යතුරු පැදිය ප්‍රභු ආරක්ෂක රථයේ වැදි මෙම අනතුර සිදුව තිබේ.

පසුව එම රථයෙන්ම අනතුරට පත් පුද්ගයින් දෙදෙනා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබේ.ඉන් එක් අයෙකු අසාධ්‍ය තත්වයේ සිටින  අතර ඔහු  දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර කරමින් සිටි.

මෙම අවස්ථාවේ ප්‍රභු ආරක්ෂක අංශයේ රථය පැදවු පොලිස් සැරයන්වරයා දමන පොලිස් ස්ථානයෙන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට  ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.



අදහස් (5)

ප්‍රභූ ආරක්ෂක රියේ ගැටුණු දෙන්නෙක් රෝහලේ

ගමේ එකාලා Sunday, 15 September 2024 03:27 PM

පුතාණෝ ප්‍රභූවරයෙක් වෙන්නේ කොහොමද? නිධන් කඩපු, මධ්‍යම සන්ස්කෘතික අරමුදලෙන් ගසා කාපු කැසිනෝ කාරයින්ගේ පිහිටෙන් ඡන්ද ව්‍යාපාරේ කරන කෙනෙක්නේ...

:       10       55

SurainSunday, 15 September 2024 04:55 PM

මඩ ගැසිම හැර වෙන කීමට කිසිවක් නැති ඔබ පිළිකුල් මානසික ලෙඩෙක් නේද?

:       29       8

Prabha Sunday, 15 September 2024 04:42 PM

කාගෙන් ආරක්ෂා වෙන්නද මෙච්චර ලොකු ආරක්ෂාවක්...?

:       2       28

shantha Sunday, 15 September 2024 05:24 PM

තාත්තාගේ පුරුද්ද. ලොකු ප්‍රේමේගේ ආරක්ෂක රථවලට යටවෙලා කී දෙනෙක් මැරුණාද? දැන් මෙහෙම නම් වැරැදිලාවත් ජනාධිපති වුණොත් පාරේ යන ඔක්කොම යටකරයි. පොඩි ළමයෙකුගේ මොලයක් ඇති කෙනෙක් ජනාධිපති කරන්න රටේ මිනිස්සුන්ට පිස්සු නැහැ...!

:       2       25

සිල්වා Sunday, 15 September 2024 05:59 PM

මේවාගේ අනතුරු දිනපතාම සිදුවෙනවා. අනතුරට පත්වූ දෙපලට ඉක්මන් සුවය ලැබේවා.

:       3       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 664 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site