IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වැඩිහිටි දීමනාවට විද්ද ආණමඩු ප්‍රා.ලේ කාර්යාලයේ පහක් ගෙදර

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙ වැඩිහිටි දිමනා ලබා දිමේදි සිදුවු මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධව රාජ්‍ය පරිපාලන ස්දේශ කටයුතු අමාත්‍යාංශයෙ විමර්ශන ඒකකය හා ඒකාබද්ධ පැවැත්වු පරික්ෂණයෙන් පසුව ප්‍රධාන පරිපාලන නිළධාරිවරයා ඇතුළු පස් දෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිමට කටයුතු කළ බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී .හේරත් මහතා පවසයි.

2023 ජූලි හා අගෝස්තු මාසවල රජයෙන් ලබා දුන් වැඩිහිටි දිමනා ලබා දීමේදි එයින් රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් වංචා කිරිම සදහා සම්බන්ධව ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ මුල්‍ය කළමණාකරු හා අදාල විෂය භාර ලිපිකරුවන් හා ග්‍රාම නිළධාරීන් රැසකට චෝදනා එල්ල විය.

එහිදි මෙම මුල්‍ය වංචා හා අක්‍රමිකතාව සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් වරයාට 2024 මාර්තු මාසයෙ පළමුව පැමිනිලි ලැබි තිබු අතර ඔහු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ අභ්‍යන්තර විගණන අංශයට මෙහි පරික්ෂණ භාර දී ඇත.

අදාල කරුණු සම්බන්ධව විගණන කටයුතු සිදු කළ දිස්ත්‍රික් විගණන අංශය ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිළධාරි වසම් 15 කට ආසන්න සංඛ්‍යාවක පරික්ෂණ කටයුතු අරඹා අදාල වංචා සම්බන්ධව තොරතුරු අනාවර්ය කර ගෙන දිස්ත්‍රික් ලේකම් වරයාට වාර්තාවක් ලබා දී තිබුනී.

එම කරුණු සැලකිල්ලට ගත් දිස්ත්‍රික් ලේකම් වරයා මේ පිළිබදව රාජ්‍ය පරිපාලන හා ස්දේශ කටයුතු අමත්‍යාංශ ලේකම් වරයාට අදාල වාර්තාව යොමු කර තිබුනී.

අදාල පරික්ෂණ කටයුතු අවසන් කිරීමේන් පසු අමාත්‍යාංශ ලේකම් ප්‍රදිප් යසරත්න මහතා විසින් අදාල නිත්‍යානුකුල කටයුතු සිදුකරමින් ඉදිරි කටයුතු සදහා පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා මෙම මුල්‍ය වංචා සදහා පරික්ෂණ වලදි සනාථ වු නිළධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් වරයාට බලය පවරා තිබේ.

 



අදහස් (2)

වැඩිහිටි දීමනාවට විද්ද ආණමඩු ප්‍රා.ලේ කාර්යාලයේ පහක් ගෙදර

මිලින්ද Sunday, 15 September 2024 05:50 PM

පළමු ඡේදයේ කියනවා ප්‍රධාන පරිපාලන නිලධාරි කියලා දෙවැනි ඡේදයේ කියන්නේ මූල්‍ය කළමනාකරු කියලා, සාමාන්‍යයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ගණකාධිකාරි ළඟට මුදල් අංශයේ සිටින්නේ මුදල් සහකාර තමයි එහෙම තියෙද්දි මොකටද ප්‍රධාන පරිපාලන නිලධාරි කියලා වාර්තා කලේ කියලා අහන්න වෙනවා..

:       1       9

Senarath Monday, 16 September 2024 09:34 AM

අහිංසක මිනිසුන්ට දෙන සහනාධාරය හොරාකන මෙවැනි අමනයන්ට මේ දඬුවම මදි. ගෙදර යවලා මදි. හිරෙත් දාන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 664 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site