
(පද්මසිරි ගාර්දියවසම් )
රුපියල් කෝටි ගණනක් වටිනා බව කියන අම්බර් කිලෝ 04 ග්‍රෑම් 10 ක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු හම්බන්තොට නගරයේදී අත් අඩංගුවට ගත් බව හම්බන්තොට මූලස්ථාන පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා මාතර - ගන්දර බටහිර සහ නාකුලුගමුව ගලගම ප්‍රදේශවල පදිංචි කරුවන් වෙති .
සැකකරුවන් ගෙන් එක් අයෙකු 45 හැවිරිදි ධීවරයෙකු වන අතර අනෙක් සැකකරු 34 හැවිරිදි ජායාරූප ශිල්පියෙකු වන බවද පොලිසිය පැවසීය .
අත් අඩංගුවට ගත් සැකකරුවන් අද (15) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ .
2025 දෙසැම්බර් මස 18
661
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්බර් ළඟ තබාගත් ධීවරයා-ඡායා ශිල්පියා අත්අඩංගුවට
de silva Sunday, 15 September 2024 08:30 AM
අම්බර් යනු තල්මහ විසින් පිටකරන අපද්‍රව්‍යයකි. මේක මත්ද්‍රව්‍යයක් නොවේ. අම්බර ලබාගන්න තල්මහ මරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බොහෝ දුරට මේවා මුහුදේ පාවෙනවා. එහෙම නැතිනම් වෙරළේ තිබෙනවා. අම්බර ළඟ තබාගෙන හිටියා කියලා නඩු දමලා කරදර කරන්නේ නැතුව අම්බර සොයාගත් කෙනෙකුට ඒවා අලෙවි කරලා රජයට යම්කිසි වැට් බද්දක් හෝ වෙනත් බද්දක් ලබාගන්න එක නේද කරන්න ඕනේ... නැතිනම් මේවා සොයාගන්න පුද්ගලයෝ ජාවාරම් කාරයෝ මාර්ගයෙන් විකුණා ගන්නා නිසා පෝසත් වෙන්නේ ජාවාරම් කාරයෝ...!
m. saman perera Sunday, 15 September 2024 10:53 AM
පුදුම රටක්, පොළවෙන් ගන්න මැණික් විකුණන්න පුළුවන් නම් මොහුගෙන් ගත්තු අම්බර් ළඟ තබාගන්න බැරිද?
රුචිර දුල්වන් Sunday, 15 September 2024 01:55 PM
අම්බර් යනු තල්මසුන්ගේ ශුක්‍රාණු හා බඩවැල්වල ස්‍රාවයක් ලෙස හටගන්නා ඉටි වැනි ද්‍රව්‍යයක් වන අතර එය ඉතාමත් ඉහළ මිලගණන් යටතේ නිෂ්පාදනය සුවඳ විලවුන් සඳහා භාවිතා කෙරේ. ඇත්තටම මුහුදෙන් රත්තරන් පාවෙලා ලැබෙනවා වගේ ධීවරයින්ගේ වාසනාවට ලැබෙන දෙයක් මිසක් ඔවුන් තල්මසුන් මරා සන්තකයේ තබාගත් දෙයක් නොවෙයි... පත්වන හැම රජයකින්ම දුප්පත්කම තුරන් කරන්න ධීවරයින්ට ඉන්ධන සහනාධාර සමුර්දි ආධාර එකී නොකී පුහු වැඩ කීයක්නම් කරනවාද...? ඒත් ඇත්තටම විය යුත්තේ ධීවරයාගේ වාසනාවට පාවෙලා ආපු මේ වටිනා වස්තුව රජයේ මැදිහත්වීමෙන් හොඳ මිලකට විදේශ වෙළෙඳපලේ ඩොලර් ලබාගතහැකි ක්‍රමයක් නිර්මාණය කර ඒ මගින් ඒ ධීවර පවුල් දෙකට දීම නෙවෙයිද..? එහෙම දුන්නා නම් ඒ පවුල්දෙක ඇතුලේ අනු පවුල් කීයක් දුප්පත්කමින් මුදවා ගැනීමට හැකියාවා තියෙනවාද...? පවුල් කීයක දරුවන්ගේ මූණුවල ලස්සන හිනාවක් සමග ලස්සන අනාගතයක් ඔවුන්ට උරුම වෙන්නේ නැද්ද...? බුද්ධිමත් ජනතාව හිතන්නට බාරයි...!