
(ගයාන් සුරියආරච්චි)
ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සදහා රුපියල් 5000 බැගින් අවට පදිංචි නිවැසියන්ට බෙදාදුන් බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මුතූර් පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 26 ක කින්නියා ප්‍ර දේශයේ පදිංචි ව්‍යාපාරිකයකු බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණය ඉලක්ක ගත කරමින් සැකකරු පෙරිය මුල්ල පාලම අසල පුද්ගලයකුගේ නිවෙසේ මුදල් බෙදාදීමක් සිදුකර බවට මුතූර් පොලිසිය ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිදුකළ විමර්ශනවලින් අනතුරුව නිවෙසේ සිටි සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සදහා අවට පදිංචි පුද්ගලයන්ට රුපියල් 5000 බැගින් බෙදාදී ඇති අතර එම ප්‍රදේශයේ වෛද්‍යවරයකු ඉදිරියේදී දේශපාලනට පිවිසීම අරමුණු කරගෙන ජනාධිපති අපේක්ෂවරයා ප්‍රවර්ධනය කර ඇති බව අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
664
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දය ගන්න 5000 බෙදූ ව්‍යාපාරිකයා අල්ලයි
ගමේ එකාලා Sunday, 15 September 2024 03:37 PM
පගාව දීලා බලෙන් ඡන්දේ ගන්න හිතාගෙන වෙන්ඩැති. මුදලට යට නොවී, නිවැරැදි තීන්දුවක් ගැනීමට මොලේ පෑදේවා.!