තිස්ස ජාජබ පෙලපාළිය විසුරුවයි තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ නිවෙස්වලට අත් පත්‍රිකා බෙදා හැරීමට පෙළපාළියේ ගමන් ගත් බව කියන ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් දෙසීයක පමණ පිරිසක් ඊයේ (16) විසුරුවා හැරි බව තිස්සමහාරාම පොලිසිය පවසයි. 17 September 2024
අදත් වැසි වාර කිහිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 September 2024
රූපෙන් ලොවම දිනූ තිලිණි එයි ඉන්දුනීසියාවේ පැවති Miss International - 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිනි කුමාරි අද දින දිවයිනට පැමිණියාය. 17 September 2024
වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිනී විජේරත්න මහත්මිය දඹුල්ලේ පැවති සමගී ජන බලවේගයේ රැළියේ වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කළාය. 16 September 2024
පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක් පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ පුවතක් පන්නල පොලිසියෙන් වාර්තා වේ. 16 September 2024
ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු හය දෙනෙකු ප්‍රශ්න කිරිම සදහා විභාග දෙපාර්තමේන්තුව විසින් සිය බාරයට ගෙන තිබේ. 16 September 2024
ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේ අද (16) උදෑසන පැමිණිල්ලක් කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 16 September 2024
ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක් පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට ආසන්න භූමි ප්‍රමාණයක කුඹුක්, බක්මී ඇතුළු වටිනා ගස් වර්ග කපා විශාල දැව සංහාරයක් සිදුකර ඇති බව පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීහු සඳහන් කරති. 16 September 2024
ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත. 16 September 2024
ඡන්ද පොළේ කලබල කළහොත් වෙඩි ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස්දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවසීය. 16 September 2024
මැතිවරණ ලොක්කෝ නිරීක්ෂකයන් හමුවෙති ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී හෙට (17) පැවැත්වේ. 16 September 2024
කළුතර ශීතකරණ අළුත්වැඩියා මධ්‍යස්ථානයක ගින්නක් කළුතර උතුර ගාලුපාරේ ශීතකරන සහ රෙදි සෝදන මැෂින් අළුත්වැඩියා කරන මධ්‍යස්ථානයක ගින්න හටගෙන තිබේ. 16 September 2024
දුම්රිය ධාවනය තව දුරටත් ප්‍රමාදයි මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබියදී රාගම දුම්රිය ස්ථානයේදී අද (16) පෙරවරුවේ පීලි පැනීමකට ලක්වූ දුම්රිය පස්වරුව දක්වා ඉවත්කිරීමට නොහැකි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 16 September 2024
ප්‍රතිපත්ති ප්‍රකාශය නොගත්තැයි කනේ පහර ප්‍රධාන පක්ෂයක අත්පත්‍රිකාවක් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ ආධාරකරුවෙකුට නාවලපිටිය ආසන සංවිධායකවරයෙකු පහරදෙන අයුරු එම වෙලදසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබුණි. 16 September 2024
ගගන සංචාරකයෝ ආපසු එති ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ. 16 September 2024
ලයිසන් නැතුව කාර් පැද්ද හිමිනමක අත්අඩංගුවට වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි. 16 September 2024
බෙන්තොටදී දුම්රියට අයෙක් බිළි කොළඹ ගාල්ල මහා මාර්ගයේ බෙන්තොට දුම්රිය හරස් පාර අසල දුම්රිය මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු අද (16)දහවල් ධාවනය වූ බෙලිඅත්ත - කොළඹ සීඝ්‍රගාමී දුම්රියේ හැපීමෙන් මියගිය බව බෙන්තොට පොලීසිය කියයි. 16 September 2024
’’වත්කම’’ ඉල්ලා මන්ත්රීලාට සිහිකැඳවීම් ලිපි පහක් මන්ත්‍රීවරුන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ගෙන්වා ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් වත්කම් බැරකම් ප්‍රකාශ වහාම භාරදෙන ලෙස දන්වමින් මන්ත්‍රීවරුන්ට එක දිගට සිහිකැඳවීමේ ලිපි පහක් යවා ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කළේය. 16 September 2024
’’අපට මිත්‍රශීලී රටවල සහය තිබෙනවා’’ බිඳ වැටුණු මෙරට ආර්ථිකය නැවත ගොඩනැඟීමට පසුගිය දෙවසර තුළ රජය ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන්, රට ඉදිරියට ගෙන යාමේ ගමනට ඉන්දියාව, ජපානය ඇතුළු සියලු මිත්‍රශීලි රටවල සහාය හිමිව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 16 September 2024
පල්ලෙකැලෙන් රැඳවියෙක් පනී වසර 11 ක් පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ රදවා සිටි රැදවියකු අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය පවසයි. 16 September 2024
උ‘ මැ පළාත් සභාවේ වාහන 29ක් අස්ථානගතවෙලා උතුරු මැද පළාත් සභාවට අයත් වාහන 19 ක් සහ යතුරුපැදි 10 ක් අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය විසින් මෙම වසරේ නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළිදරව් කර ඇත. 16 September 2024
‘උදාගම්මාන යුගය යළි අරඹනවා‘ පසුගිය වසර කිහිපය තුල අඩපණ කොට තිබෙන නිවාස ව්‍යාපෘති ආරම්භ කොට නව උදාගම්මාන ඇතිකරන යුගයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව සමගි ජන බලාවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 16 September 2024
දියේ ගිලී තරුණයෙක් මරුට අනුරාධපුර විජය පුර ප්‍රදේශයේ පදිංචිව සිටි සිය නැන්දාගේ අවමගුල් උත්සවය සඳහා සහභාගී වීමට, අහංගම ප්‍රදේශයේ සිට පැමිණි තරුණයෙකු, අවමගුල් උත්සවයේ අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දිය නෑමට ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 16 September 2024
ගැටුම මරණයෙන් කෙළවර වෙයි වඳුරව ප්‍රදේශයේ අසල්වැසි නිවැසියන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසු එක් පුද්ගලයකු බරපතල තුවාල සහිතව මියගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි. 16 September 2024
තනි රෝදයෙන් සෙල්ලම් දැමු 12 ක් අත්අඩංගුවට සමාජ මාධ්‍ය ජාලයේ ටික් ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12 ක් යතුරුපැදි 18 ක් සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 16 September 2024
මහව පීලි පනී - දුම්රිය ධාවනයට බාධා මහව සිට කොළඹ කොටුව දක්වා ධාවන වූ සීග්‍රගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී පිලී පැනීමකට ලක්වීමෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ සියලු ගමනාගමන කටයුතු ඇනහිට ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 16 September 2024
තැනින් තැන අදත් වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 September 2024
හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රදේශයකටය. එහෙයින්, ජීවිත හානි හෝ දේපළ හානි හෝ සිදු නොවුණි. 16 September 2024
‘යාගී’ මියන්මාරයට: 100 ක් මරුට ‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ. 16 September 2024
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026