කොස්ගොඩ බියවැද්දූ කොල්ලකල්ලියක් මෙහෙයවූ නැන්දා -දුව අල්ලයි කොස්ගොඩ ඌරගස්මන්හන්දිය සහ අහුන්ගල්ල පොලිස් වසම්වල ජනතාව භීතියට පත්කරමින් කාලයක් තිස්සේ රාත්‍රී කාලයේ නිවෙස් කොල්ලකෑම් රැසක් සිදුකළ කොල්ලකල්ලියක් මෙහෙයවූ බව කියන කාන්තාවන් දෙදෙනෙකු සහ කොල්ලකල්ලියේ සාමාජිකයන්වූ තරුණයන් දෙදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි. 14 April 2024
ජෝ බයිඩ්න් - බෙන්ජමින් විනාඩි 25ක් කතා කරයි ඉරානයට පහර දීමට ඇමෙරිකාව කිසිසේත් සහාය ලබා නොදෙන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුට දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 14 April 2024
රිය අනතුරින් දෙකක් මරුට:දෙකක් රෝහලට කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද( 14 ) හාලිඇල ශ්‍රී වීර ශක්ති විනයාගර් කෝවිල අසලදී මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක හැපීමෙන් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී එහි රියදුරු හා තවත් ගැහැණු දරුවෙකු බරපතල තුවාල ලබා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය කියයි. 14 April 2024
මෙරට බිත්තර මිල යළි නඟි ආනයන ඉන්දියන් බිත්තර මිල අඩු කරන විට දේශීය බිත්තර මිල වැඩි කර ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 14 April 2024
අයියාගේ කෝපි පොලු පහරින් මල්ලි මරුට කෝපි පොල්ලකින් පහරදී සිය බාල සහෝදරයා මරණයට පත්කළැයි වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි. 14 April 2024
‘ඉරානය එක්ක ගැටුම් අවශ්‍ය නැහැ‘ ඉරානය, ඉරාකය, සිරියාව සහ යේමනයේ සිට ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන, මිසයිල දුසිම් ගණනක් විනාශ කිරීමට සහාය ලබා දුන්නත් ඉරානය සමග ගැටුමක් ඇති කර ගැනීමට ඇමෙරිකාවට අවශ්‍ය නොවන බව එරට ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා ප්‍රකාශ කළේය. 14 April 2024
ඊශ්‍රායලට එල්ල වූ ප්‍රහාරයේ සතුටට ටෙහෙරාන් හි පෙළපාලි ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට සතුට පල කරමින් ටෙහෙරාන් නුවර එක්සත් රාජධානි තානාපති කාර්යාලය, පලස්තීන චතුරස්‍රය ඇතුළු ස්ථාන කිහිපයකදී එරට ජනතාව පෙළපාලි පැවැත්වූහ. 14 April 2024
විශේෂ දුම්රිය සේවයක් අද අළුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද (14) දිනයේත් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි. 14 April 2024
පැහරගත් ‘ඒරිස්‘ ඉරානයට ය්‍රාතා කරයි ඊශ්‍රායලයට සම්බන්ධකම් තිබෙන බව පවසමින් ඉරාන නාවික හමුදා විශේෂ කාර්ය බළකාය විසින් අත්පත් කර ගනු ලැබූ පෘතුගාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වූ එම්.එස්.සී ඒරිස් ඉරානය බලා යාත්‍රා කරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 14 April 2024
පොරෝ පහරින් අයෙක් මරුට හුංගම ,රන්න වාඩිගල වලව්මහතාගේ ආර ප්‍රදේශයේදී පොරව කින්පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි හුංගම පොලිසිය පවසයි . 14 April 2024
සෞඛ්‍ය වාහන 679 ක් අතුරුදන් සෞඛ්‍ය අමාත්‍යාංශය සතු විවිධ වාහන 679 ක් ප්‍රමාණවත් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි පරිදි අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 14 April 2024
ඉස්සරහට යන්න පුළුවන් අලුත් වුනොත් විතරයි ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් අලුත් සිතිවිලි ඔස්සේ අලුත් අලුත් දෑ නිර්මාණය කරලීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 April 2024
තියුණු ආයුධයකින් ගෙල කපලා බලන්ගොඩ පෙටිටිගල ප්‍රදේශයේ දෙපිරික් අතර ඇති වු ආරවුලක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් පුද්ගලයකුගේ ගෙළ කපා ඝාතනය කර ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි. 14 April 2024
‘බඹරා‘ ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් මිද්දෙනිය උලහිටියාව ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇතැයි මිද්දෙනිය පොලිසිය පවසයි . 14 April 2024
අද වහින පළාත් බස්නාහිර ,සබරගමු, දකුණ,මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් අම්මාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලටත් අද පස්වරු 2.00ට පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 April 2024
සිඩ්නි ප්‍රහාරකයා හඳුනා ගැනෙයි ඕස්ට්‍රේලියාවේ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි පළාතේ, සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ පිහි ප්‍රහාර එල්ල කරමින් 6 දෙනකු මරා දැමූ ප්‍රහාරකයා 40 හැවිරිදි ජොඑල් කවුචි නමැත්තා යැයි පොලිසිය පවසයි. 14 April 2024
ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක් මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊශ්‍රායලය වහා ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළේය. 14 April 2024
වැඩ ඇල්ලීම සහ ආහාර අනුභවය නැකත උදාවේ මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව වැඩ ඇල්ලීම සහ අනුභව කිරීමේ නැකැත මිට සුව මොහොතකට (12.06ට) උදා විය. 14 April 2024
ආහාර පිසීමේ නැකත උදාවේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව ආහාර පිසීමේ නැකැත මිට සුව මොහොතකට (11.06ට) උදා විය. 13 April 2024
සුබ අලුත් අවුරුද්දක් වේවා ලංකාදීප පාඨක ඔබ සැමට ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා. 13 April 2024
සිඩ්නි නුවර පිහි ප්‍රහාරයක් ඕස්ටේ්රලියාවේ සිඩ්නි නුවර ‘බොන්ඩි බීච්’ වෙරළ තීරය ආසන්නයේ සාප්පු සංකීර්ණයක සිදුවුණු පිහි ප්‍රහාරයකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 13 April 2024
පුණ්‍ය කාලය උදාවේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැතට අනුව පුණ්‍ය කාලය මීට සුව මොහොතකර පෙර උදාවුණි. එය අප්‍රේල් 14 වනදා අලුයම 3.29 දක්වා පවතින අතර අලුත් අවුරුද්ද අද රාත්‍රී 9.05ට උදාවේ. 13 April 2024
ජනපතිගෙන් දරුවන්ට අවුරුද්දට තෑගි මල්ලක් සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රට පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් සඳහා අවුරුදු ත්‍යාග පාර්සල් බෙදාදීම අද (13) දිවයින පුරා සිදු කෙරිණි. 13 April 2024
බ්ලූම්බර්ග්’’ රුපියල ගැන කියයි ශ්‍රී ලංකා රුපියල (LKR) 2024 වසරේ පළමු කාර්තුවේ දී ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහලම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත් වී ඇති බව බ්ලූම්බර්ග් (Bloomberg) වෙළඳපොළ දත්ත පෙන්වාදී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 13 April 2024
පැරණි කෝන්තරය ජිවිතයක් නැති කරයි පැරැණි කෝන්තරයක් මුල් කරගෙන ඇති වූ ආරවුලකදී තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තුවාල ලැබූ තිදෙනකු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයකු මියගොස් ඇතැයි මොරටුව පොලිසිය පවසයි. 13 April 2024
ජීඑල්ට පොහොට්ටුවෙන් විනය පියවර මහාචාර්ය ජී.එල් පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. 13 April 2024
වල් අලියා දරු පවුලක් රෝහලට යවයි දිඹුලාගල මගුල්දමන, නිවසකට 13 වෙනිද අලුයම වන අලියකු පහරදීමෙන් ,එම නිවසේ බිත්තියකට යටව තුවාල ලැබූ අවුරුදු අට සහ හතර වයසේ දුව සහ පුතා මෙන්ම අවුරුදු විසිහයක් වයසති මව තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බව,මනම්පිටිය පොලිසිය කියයි. 13 April 2024
කොළඹ - බෙලිඅත්ත දුම්රිය ගමන් නවතී දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව කළුතර දුම්රිය බලධාරියෙක් පැවසීය. 13 April 2024
අදත් සවස තදින් වැස්ස උතුරු සහ නැගෙනහිර පළාත්වලට සිහින් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 April 2024
හොර සල්ලි මැසිමක් සමඟ අයෙක් මාට්ටු ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරිමට යොදා ගන්නා ලද පරිගණකයක් ද රුපියල් 500,1000 සහ 5000 නොට්ටු මුද්‍රණය කිරිමට සුදානම්කර තිබු කඩදාසි තොගයක්ද සමග සැකකරුවකු ගාල්ල කොට්ඨාස අපරාධ විමරශණ අංශයේ නිලධාරින් විසින් අහංගමදි ඊයේ රාත්‍රි අත් අඩංගුවට ගෙන ඇත. 13 April 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026