
( විමුක්ති සංජය පෙරේරා )
මහියංගණය - බදුල්ල ප්‍රධාන මාර්ගයේ මහියංගණය රජමහා විහාරස්ථානයට නුදුරින් ඇලෑවේල ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයේ නවතා තිබු ත්‍රීරෝද රථයක පිටුපස ගැටීමෙන් සිදුවු අනතුරින් තරුණියක මියගොස් තවත් තිදෙනකු රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.
මරණයට පත්ව ඇත්තේ රිදීමාලියද්ද 12 කණුව ඌරණිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම් හිමන්ෂි සෙව්වන්දි (24) හැවිරිදි අවිවාහක තරුණියකි.
එම තරුණිය බැලීම සඳහා අද (16) මනාල මහතෙකු නිවසට පැමිණීමට නියමිතව තිබු අතර එම අවස්ථාව සදහා නිවසට අවශ්‍ය බඩු රැගෙන ඒම සදහා තම පියා මව සහ නැගණිය සමඟ මහියංගණය නගරයට ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටි අවස්ථාවේ මෙසේ අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබු අනෙක් තුන්දෙනාගේ තත්වය බරපතල බවත් 15 හැවිරිදි දැරියක් බදුල්ල මහා රෝහලට මරුකර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.



COMMENTS
මෙවන් ව්‍යසනයක් තුරන් කිරීමට වෙනත් ක්‍රමයක් නොවේද? මේ දැරියගේ තත්ත්වය ඉතා ශෝචනීයයි. මොනවා කිව්වත් මොනවා කළත් කසාද බඳින්න ඉන්න මේ අහිංසක කෙල්ලට පණ දෙන්න කිසිම ශරීරයකට බැහැ. මෙම ව්‍යසනයට මගක් සොයා දෙන ලෙස මම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. මෙම ආපසු හැරවිය නොහැකි ජීවිත හානිය පිළිබඳ පවුලේ අයට අපගේ හෘදයාංගම ශෝකය...
මේ නොහික්මුණු ක්‍රියා නිසා අහිංසක ජීවිත කීයක් නිකරුණේ විනාශ වෙනවද?
අසරණ ජීවිත...
ඉතාමත් කණගාටුයි දැඩි දඩුවම්මේ දිය යුතුයි අනතුරු කරන උන්ට