සංගීතඥ ආනන්ද පෙරේරා දිවි ගමනට සමු දෙයි මෙරට සංගීත ක්ෂේත්රයට ඉමහත් සේවාවක් ඉටුකළ අති දක්ෂ සංගීතඥයෙක් වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. 26 May 2024
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මිය යයි ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆැන්කොයිස් පැක්ටෙට් මහතා රාජගිරියේ පිහිටි සිය නිල නිවසේ මියගොස් සිටියදී සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි. 26 May 2024
ගාමිණි මාරපන දිවි ගමනට සමු දෙයි ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වූ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අභාවප්‍රාප්ත විය. 26 May 2024
දියණිය ගැන සචින් ආඩම්බරයෙන් සචින් තෙන්ඩුල්කාර් ලෝක පූජිත ඉන්දීය ක්‍රිකට් තරුවකි. තමන්ගේ ක්‍රිකට් ජයග්‍රහණ පසුපස තමන්ට සැමවිටම ශක්තියක් වූයේ තම බිරිඳ සහ දරු දෙදෙනා යැයි සචින් නිතරම පවසයි. 26 May 2024
රාහුල් සෝනියා ඡන්දය දාලා ඉන්දීය මහ මැතිවරණයේ සය වැනි අදියර ආරම්භ වූ අවස්ථාවේදී, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ සෙද්ශපාලන කණ්ඩායම ලෙස සැලකෙන ‘කොංග්රස්’ පක්ෂයේ හිටපු නායිකා සෝනියා ගාන්ධි සහ ඇගේ පුතු රාහුල් ගාන්ධි ඡන්දය ප්‍රකාශ කළහ. 26 May 2024
‘පැය 24ම බදු ගැසීමෙන් රටේ ප්‍රශ්ණ විසඳන්න බෑ‘ රටේ නිෂ්පාදකයාට, පාරිභෝගිකයාට, ආදායමට පවා බදු අය කරන බවත් රටේ ප්‍රශ්නවලට විසඳුම පැය 24ම බදු ගැසීම නොවන බවත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 26 May 2024
කුල දරුවන් 70 දෙනෙකු සසුන් ගත කෙරේ සම්බුද්ධ ශාසනයේ සහ අඅමරපුර භික්ෂු වංශයේ සුස්ථිරත්වය පිණිස ක්‍රියාත්මක කරනු ලබන ’’සසුන් කෙත අස්වද්දමු ’’ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ කුල දරුවන් 70 දෙනෙකු සසුන් ගත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති හා වැඩ බලන උත්තරීතර මහානායක අති පූජ්‍ය කරගොඩ ,උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමියන් ප්රමුඛ පාර්ශවීය මහානායක ස්වාමීන්වහන්සේලාගේ සහභාගිත්වයෙන් අද (26) කළුතර ඓතිහාසික බෝධි පරිශ්‍රයේදී පැවැත්විණි . 26 May 2024
සතියකදී කොළඹ ගස් 59 ක් කඩා වැටෙයි අධික සුළං තත්ත්වය හේතුවෙන් සතියක කාලයක් තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ගස් කඩා වැටීම් 59 ක් වාර්තා වී ඇතැයි කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවාය. 26 May 2024
රිය අනතුරින් අයෙක් මරුට:දහයක් රෝහලට පාදෙනිය අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව පාළුකඩවල හන්දිය අසල ප්‍රදේශයේ අද (26 ) සිදු වූ රිය අනතුරකින් එක් අයකු මිය ගොස් තවත් දස දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 26 May 2024
කැළණි -කලු ගංගාවල ජල මට්ටම ඉහළට කැළණි සහ කලු යන ගංගාවල ජල මට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමට ආසන්නව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 26 May 2024
ඝාතනය වූ පාතාලයකුගේ ගිනිඅවි උණ්ඩ වළදමා තිබියදී හමුවෙයි ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් පිස්තෝලයක් සහ උණ්ඩ රහිත මැගසිනයක් මතුගම නවුන්තුඩුව ප්‍රදේශයේ වැවක් අසල ගසක් යට වල දමා තිබියදී සොයා ගත් බව පොලිසිය පවසයි. 26 May 2024
සැකකරුගේ පා පහරින් පීසී රෝහලේ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ගල්ගමුව, නාන්නේරිය පොලිසියට රැගෙන යන අවස්ථාවේදී සැකකරු විසින් එල්ල කළ පා පහරකින් කොස්තාපල්වරයකුගේ ඇසකට තුවාල සිදුවී අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව නාන්නේරිය පොලිසිය පවසයි. 26 May 2024
ජනපති විග්නේෂ්වරන් බලන්න යයි රෝගාතුරුව පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නිවෙසට ගියේය. 26 May 2024
වෙසක් කලාපයට ගෙන ගිය රැඳවියා පලාගිහින් මොණරාගල, වැදිකුඹුර වෙසක් කලාපය වෙත රැගෙන ගොස් සිටි බන්ධනාගාර රැදවියකු නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බව මොනරාගල පොලිසිය පවසයි. 26 May 2024
වැස්සෙන් පවුල් 12,207 ක් පීඩාවට දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 18 ක පවුල් 12,207 කට අයත් පුද්ගලයින් 45,509 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. 26 May 2024
ක්වාසි උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ දික්කසාදය හා දික්කසාද තීන්දු ප්‍රකාශය දීමට කාන්තාවකගෙන් රුපියල් 4,,500ක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී උඩතලවින්න ක්වාසි උසාවියේ විනිසුරුවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ක්වාසි උසාවිය තුළදීම අත්අඩංගුවට ගන්නා ලදී. 26 May 2024
කොළඹ- බදුල්ල විශේෂ දුම්රිය දෙක තෙවැනි දිනටත් නවතී කොළඹ හා බදුල්ල, බදුල්ල හා කොළඹ අතර ධාවනය කෙරෙන රාත්‍රී විශේෂ දුම්රියයන් තුන්වන දිනටත් අද (26) අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමෙන්තු උසස් නිලධාරියකු පැවසීය. 26 May 2024
‘සටන් පාඨ ගුරුවරුන් සිසුන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා‘ අතීතයේ යාපනයේ පැවති ’’යාපනය ගුරු සිරිත’’ රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ඒ අධ්‍යාපන ක්‍රමය නැවත ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 26 May 2024
මංගල උත්සවයේ හබය රෝහලෙන් කෙළවර වෙයි මංගල උත්සවයකදී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඇතිවූ ගැටුමකින් අද (26) හල්දුම්මුල්ල කිරවනාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනකු බරපතල තුවාල ලබා හල්දුම්මුල්ල දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දියතලාව මූලික රෝහලට මාරුකර යවා ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය පැවසීය. 26 May 2024
දිල්ලි ළමා රෝහලේ ගින්නට 6 ක් බිලි දිල්ලියේ ළමා රෝහලක නොමේරූ ළඳරු ඒකකයක, ගින්නක් හට ගත්තේය. ගින්නට අලුත උපන් බිලිඳුන් 7 දෙනකු හසුවී මියගිය බව පැවැසෙයි. 26 May 2024
කෝටි 50ක අම්බර සමඟ ධීවරයා මාට්ටු දුර්ලභ තල්මසුන්ගේ වමනය බවට හඳුන්වන අම්බර කිලෝග්‍රෑම් තිහක් සමඟ බේරුවල කරදගොඩ ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකු බේරුවල වෙරළ ආරක්ෂක බුද්ධි නිලධාරියෙකුගේ තොරතුරක් මත බේරුවලපොලිසිය මගින් අද (26) අත්අඩංගුවට ගත් බව කියයි. 26 May 2024
හෙරොයින් විකිණු සුරාබදු නිලධාරියාට වැඩ වරදී හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි බව කියන සුරා බදු නිලධාරියකු සහ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකරුවෙකු ඇතුළු පස් දෙනෙකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 26 May 2024
ලොකුම සන්ධානය හදන්නේ අපි ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් ශ්‍රී ලංකාවේ ලොකුම හා ශක්තිමත්ම සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ කරගනිමින් ආරම්භ කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 26 May 2024
ගුජරාටයේ ගින්නට 24 ක් බිලි ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ, පරිගණක වීඩියෝ ක්‍රීඩා සඳහා තරුණ තරුණියන් නිතර ගැවසෙන ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවී මියගිය ගණන 24 කි. 26 May 2024
මන්ත්‍රීකම ගහල ගියත් ඩයනා ගත්තු තීරණ වලංගුයි ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධූරය අහෝසි කෙරුණද ඇය මන්ත්‍රීවරියක ලෙස ගත් තීරණ කිසිවක් අහෝසි නොවන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති. 26 May 2024
පිහි පහරින් තරුණයා මරුට වෙසක් සිරි නැරඹීම සඳහා පිරිසක් සමඟ යමින් සිටි පුද්ගලයකුට ඔරුගොඩවත්ත බේස්ලයින් මාර්ගයේදී පිහියකින් ඇන ඝාතනය කල පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 26 May 2024
විදුලිසැර වැදී එක්දරු පියා මරුට වෙසක් කූඩුවකට විදුලිය ලබා ගැනීමට යාමේදී විදුලිය සැර වැදීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි. 26 May 2024
මස්සිනාගේ පිහි පහරින් මස්සිනා මරුට යාපනය තාවඩි ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ තරුණයෙකු මියගොස් ඇති බව චුන්නාකම් පොලිසිය සදහන් කරයි. 26 May 2024
නිධානයේ මැණික් කෝටි14කට විකුණන්න ගිහින් නිධානයකින් ගත් බව කියන මැණික්ගල් 14 ක් රුපියල් කෝටි දහ තුන හමාරකට අලෙවි කිරීමට සුදානම් වු කාන්තාවක් ඇතුළු පුද්ගලයන් හය දෙකු කටුගස්තොට පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 26 May 2024
උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම උඩරට මාර්ගයේ සියලු දුම්රියන් අද (26) උදෑසන සිට සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 26 May 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026