ඊශ්‍රායල ජාතිකයන්ට හදිසි දුරකතන අංකයක් ඊශ්‍රායල ජාතිකයන්ට හදිසි අවශ්‍යතාවකදී දැනුම්දීම සදහා දුරකතන අංකයක් පොලිස් මූලස්ථානය හදුන්වාදී ඇත. 24 October 2024
ගිනි අවි කම්හලක් මාතරින් අල්ලයි මාතර මාලිම්බඩ ප්‍රදේශයේ නිවසක ඉතා රහසිගත ලෙස පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදන කම්හලක් වටලා රිවෝල්වර තුනක් සමග පුද්ගලයන් තිදෙනකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 24 October 2024
නාමල් CIDයෙන් පිටව යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය. 24 October 2024
ඊශ්‍රායල ජාතිකයෝ 22ක් පිටව යති ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා මෙරටට පැමිණ සිටි ඊශ්‍රායල ජාතිකයන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් අද (24) දින අලුයම පිටත්ව ගොස් තිබේ. 24 October 2024
තක්සේරු නොකළ කෞතුක මැණික් 271 ක් වසර 60 ක් බැංකුවක ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ භූ විද්‍යා අංශයට අයත්ව ලංකා බැංකුවේ මෙට්‍රොපොලිටන් ශාඛාවේ තැන්පත් කර ඇති මැණික් ගල් 271 ක වර්තමාන වටිනාකම තක්සේරු කිරීමට මේ දක්වා පියවර ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය 2023 වසරට අදාලව කෞතුකාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වූ විගණන වාර්තාවක් මගින් අනාවරණය කරයි. 24 October 2024
නාමල් CIDයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (24) පෙරවරුවේ කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි 24 October 2024
රිය අනතුරින් දෙදරු පියා මරුට අනුරාධපුර පුත්තලම මාර්ගයේ අන්දරවැව ගලයාය මන්සංධියට නුදුරින් අද (24) ත්‍රී රෝද රථයක් හා වෑන්රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයකු මියගොස් පාසල් දරුවන් තිදෙනකු තුවාල ලබා ඇතැයි නොච්චියාගම පොලීසිය පවසයි. 24 October 2024
ඩයනාට එරෙහිව නඩුවේ සාක්ෂි විභාගයට දින දෙයි ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව රහස් පොලිසිය විසින් පැවරු නඩු හතෙහි සාක්ෂි විභාගය පෙබරවාරි 06 වැනි දින සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(24) නියෝග කළේය. 24 October 2024
ටාර්සන් නළු රොන් එලි සමුගනී 1960 දශකයේ, ‘ටාර්සන්’ රූපවාහිනී ටෙලි කතා මාලාවේ ටර්සන් චරිතයට පණ දුන් ඇමෙරිකන් නළු රොන් එලි දිවි ගමන අවසන් කළේය. ඔහුගේ වයස අවුරුදු 86 කි. 24 October 2024
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් දැලේ ගම්පොළ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා පුද්ගලයෙකුගෙන් අල්ලස් ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ . 24 October 2024
මැතිවරණ පෝස්ටර් ඇලවූ තිදෙනෙක් අත්අඩංගුවට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ ප්‍රබල දේශපාලකයකුගේ දියණියකගේ මැතිවරණ ප්‍රචාරණ පෝස්ටර් අලවමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි . 24 October 2024
මහ මැතිවරණ අපේක්ෂකයෙක් හදිසියේ මිය යයි යාපනය දිස්ත්‍රීක්කයෙන් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයෙන් ඉදිරිපත්ව සිටි තරුණ අපේක්ෂකයෙක් ඇති වූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පැවසීය. 24 October 2024
හිටපු පා.ම. පෞද්ගලික ලේකම් පැහැරගත් 5ක් අත්අඩංගුවට ඉඩම් ආරවුලක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු පැහැරගෙන ගොස් පහරදී මුදල් සහ රන්මාලයක් කොල්ල කෑ බව කියන එකම පවුලේ මව පියා දුව ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කඩුගන්නාව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. 24 October 2024
මැතිසබා ලොක්කෝ ජිනීවා සමුළුවට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) 149 වැනි සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර සහ කාර්යමණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහත්ම මහත්මීහු සහභාගී වූහ. 24 October 2024
අදත් තනින් තැන වැසි බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 October 2024
තුර්කි අභ්‍යවකාශ ආයතනයට ත්‍රස්ත ප්‍රහාරයක් තුර්කි රජයට අයත්, අන්කාරා අගනුවර පිහිටි, තුර්කි අභ්‍යවකාශ ආයතනයේ මූලස්ථාන ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. 24 October 2024
ආරක්ෂක ලේකම්ගේ නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා පෙත්සමක් පෞද්ගලික ආරක්ෂාව සඳහා මිලදීගෙන ඇති තම ගිනි අවි භාරදෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා කර ඇති නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යවසායක ‘ඇවේන්රා’ සමූහ ව්‍යාපාරයේ අධිපති දිනේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 30 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය. 23 October 2024
නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අයගේ පෙත්සම් විසි වේ ඉදිරි මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග වැදීමට ස්වාධීන කණ්ඩායමක්ද, කෑගල්ලදිස්ත්රික්කය වෙනුවෙන් ‘ප්රජාතන්ත්රවාදී ජනතා හඬ’ දේශපාලන පක්ෂයද කුරුණෑගල,පුත්තලම සහ බදුල්ල දිස්ත්‍රික්ක වෙනුවෙන් ‘සිංහල දීප ජාතික පෙරමුණ’ද ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් ගත්තීරණ අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබු පෙත්සම් සම්බන්ධයෙන් නොතිසි නිකුත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රතික්ෂේප කළේය. 23 October 2024
හොරෙන් යවන්න හැදූ තඹ රේගු දැලේ ජලනල උපාංග, හොංකොං දේශයට යවන බව බව පවසමින් රුපියල් කෝටි පහකට ආසන්න තඹ ටොන් 23,000 ක් නැව්ගත කිරීමට සූදානම් කර තිබියදී රේගු නිලධාරීන් විසින් අද (23) අත්අඩංගුවට ගනු ලැබීය. 23 October 2024
මහවැව සාප්පු සංකීර්ණයේ ගින්නක් මහවැව නගරයේ රෙදිපිලි වෙළදසැලක ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් එම සාප්පු සංකීර්ණයේ තවත් වෙළඳෙසැල් කිහිපයක් ද අද(23)වැනි දින රාත්‍රියේ විනාශ වී ඇතැයි මහවැව පොලිසිය කියයි. 23 October 2024
පොල් ගන්න පෝලිම් පොල් වගා කිරීමේ මණ්ඩලය ජංගම අලෙවි රථ මඟින් අඩු මුදලකට පොල් විකිණීමේ වැඩසටහනක් අද (23) සිට ක්‍රියාත්මක කළේය. 23 October 2024
කෙහෙළියගේ නම ගැලවෙයි මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලයේ පිහිටි කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස් එස්.බී.එස්. අභයකෝන් මහතා පියවර ගෙන තිබේ. 23 October 2024
තරුණයන් දෙදනෙක් වැලකූ මහා දුම්රිය අනතුර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වස්කඩුව ප්‍රදේශයේ අද(23) රේල් පීල්ලක් පිපිරීමෙන් සිදුවීමට ගිය මහා අනතුරක් ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකුගේ දැනුවත් කිරීමෙන් වලක්වා ගත් බව වාද්දුව දුම්රිය මාර්ග අංශය සදහන් කරයි. 23 October 2024
රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන තීරණය වහා ක්‍රියාත්මක කරනු මුදල් ඇමති ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 23 October 2024
‘බුද්ධි තොරතුරු අනුව විශේෂ ස්ථානවල ආරක්ෂාව තර කළා ‘ මැද පෙරදිග යුද වාතාවරණය ආරම්භ වීමත් සමඟ 2024 ඔක්තෝබර් මාසය ආසන්නය වනවිට, ත්‍රස්තවාදී කණ්ඩායම් වලින් ශ්‍රි ලංකාවටත් යම් තර්ජනයක් ඇති විය හැකි බවට බුද්ධි අංශවලට ලද තොරතුරු අනුව පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආරක්ෂක කවුන්සලයෙන් ගත් තීරණය මත ශ්‍රී ලංකාවේ විදේශීය කණ්ඩායම්වලටත් යම් ප්‍රහාරයක් ඇති වේ යැයි කියන සැකය අනුව විශේෂ ස්ථාන සඳහා ආරක්ෂාව තරකර කිරීමට කටයුතු කර ඇති බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වික්‍රමසූරිය මහතා අද( 23 ) 23 October 2024
ඔන් මැක්ස් විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි නියෝග ජනතා මුදල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන තෙක් බලා නොසිට කඩිනමින් විමර්ශන අවසන් කර සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (23) රහස් පොලිසියට නියෝග කළේය. 23 October 2024
සංචාරකයන්ගේ ආරක්ෂාවට කෙටි දුරකතන අංකයක් සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම සඳහා මූලික පියවරක් ලෙස අද සිට 1997 විශේෂ කෙටි දුරකතන අංකය හඳුන්වා දී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 23 October 2024
ජේ ශ්‍රී රංගාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීමට සිද්ධියට සම්බන්ධ යයි සැක කෙරෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා ට පූර්ව ඇපයක් නියම කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (23) ප්‍රතික්ෂේප කළේය. 23 October 2024
ජොන්ස්ටන් ලබන 30 තෙක් රිමාන්ඩ් කොටස් එකලස් කළ වාහනයක් සන්තකයේ තබාගෙන පරිහරණය කරන ලදැයි කියන සිද්ධියකට අදාලව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනානාදු මහතා ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියම කළාය 23 October 2024
ඊශ්‍රායල ජාතිකයන්ට එරටින් අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් තිබෙන බැවින් ඇතැම් සංචාරක ස්ථානවලින් වහාම ඉවත්වන්න යැයි ඊශ්‍රායල ජාතිකයන්ට එරට ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුම් දීමක් කර ඇත. 23 October 2024
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026