IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහ මැතිවරණ අපේක්ෂකයෙක් හදිසියේ මිය යයි

( රොමේෂ් මධුෂංක)

යාපනය දිස්ත්‍රීක්කයෙන් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් ඉදිරිපත්ව සිටි තරුණ අපේක්ෂකයෙක් ඇති වූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පැවසීය.

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සෙන්දිවේල් තිමිළණියන් නැමති අපෙක්ෂකයා මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් (තැපල් පෙට්ටියෙන්) වැල්වැටිතුරෙයි උඩුප්පිඩ්ඩි ආසනය වෙනුවෙන් තරඟ වැඳීම සඳහා අපෙක්ෂකත්වය ලබාගෙන තිබුණි.

කෙසේ වෙතත් දින 4 කට පෙර ඇති වූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන් යාපනය වැල්වැටිතුරෙයි රෝහලට ඇතුලත් කොට පසුව වැඩිදුර පතිකාර සඳහා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කොට තිබූ අතර පසුව එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලස මිය ගොස් තිබුණි.

මෙලෙස මිය ගිය අපෙක්ෂකයා මීට පෙර වැල්වැටිතුරෙයි නගරසභාවේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරඟ වැදී නගරික මන්ත්‍රීවරයෙකු වශයෙන්ද තේරීපත් වී දේශපාලනික කටයුතු සිදු කරමින් සිට ඇත.

 



අදහස් (0)

මහ මැතිවරණ අපේක්ෂකයෙක් හදිසියේ මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site