
(සුමිත් පොතුපිටිය)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වස්කඩුව ප්‍රදේශයේ අද(23) රේල් පීල්ලක් පිපිරීමෙන් සිදුවීමට ගිය මහා අනතුරක් ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකුගේ දැනුවත් කිරීමෙන් වලක්වා ගත් බව වාද්දුව දුම්රිය මාර්ග අංශය සදහන් කරයි.
කළුතර දෙස සිට කොළඹ දෙසට දුම්රිය ධාවනය වන ඉහළ මාර්ගයේ සැතපුම් 25 යි දම්වැල් 20 දරණ ස්ථානයේ රේල් පීල්ල අගල් අටක පමණ කොටසක පිපිරීමක් දුටු වස්කඩුවේ තරුණයන් දෙදෙනකු ඒ බව කළුතර උතුර සහ වාද්දුව දුම්රිය ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
අලුත් වැඩියාව සිදුකරන කාලය තුලදී මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඉහළ දුම්රිය මාර්ගය පැයකට වැඩි කාලයක් වසා දැමීමටද පියවර ගෙන තිබේ.
එම තරුණයන් දෙදෙනාගේ දැනුවත් කිරීම මෙන්ම වාද්දුව දුම්රිය ස්ථානාධිපති යූ අයි පී රුද්‍රිගු මහතාගේ ක්ෂණික ක්‍රියාත්මක වීමෙන් සිදුවීමට ඉඩ තිබූ දුම්රිය අනතුරක් වැලකී ගිය බවද දුම්රිය ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එවැනි හොඳ දේ අගය කළ යුතුයි. ඔවුන්ට ත්‍යාග පිරිනමා මාධ්‍ය මගින් ප්‍රචාරය කළ යුතුයි.
රේල් පීලි පුපුරන කතා මීට පෙර අසා නැත. දැන් දැන් මිලයට ගන්නා පීලි වල තත්ත්වය බාලද, ප්‍රමිතිය පරික්ෂා කරනවද යන්නත් සොයා බැලිය යුතුයි. අපේ පරණ පිලි විකුනන්නේ නැතිව තව තවත් පාවිච්චි කිරීම ගැනත් සලකා බලන්න. පිලි හැටියටම භාවිතා කල නොහැකි වුවත් දුම්රිය ස්ථානවල වෙනත් සිවිල් ඉංජිනේරු වැඩ සඳහා හෝ යොදා ගත හැකියි. හොඳ වානේ.
ඉතාම විශිෂ්ට සේවාවක් . ඒ තරුණයන් දෙදෙනාටමත්, ස්ථානාධිපති වරයාටත් සියලු දෙනා වෙනුවෙන්ම ස්තුතියි.
තරුණයන් දෙදෙනාගේ නම් දාන්න තිබුනානේ මාස්ටර් ගේ නම දැම්මා වගේ ?
ඇගයීමට ලක් විය යුතු අය .තෑගි දෙන්න ඕනේ
සත්‍යයේ වීරයන් කවදාවත් නම් හෙලිකරන්නේ නෑ.
බුද්දිමත් තරුණයෝ දෙන්නටම බොහොම පින් කරපු ක්‍රියාවට .ස්තූතිය පුදකරනවා .