ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ තෙමස් පූර්ණයට ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටුවයි කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක සහ හුණුපිටිය ගංගාරාමාධිපතිව වැඩ විසූඅපවත් වී වදාළඅපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ නිමිත්තෙන් උන්වහන්සේගේ නමින් ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටු විමට විහාරස්ථ දායක සභාව තීරණය කර ඇත 25 October 2024
යුරෝපා සංගම් තානාපතිවරු ජනපති හමු වෙති සංචාරකයන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ලංකා රජය සියලු පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno) මහතා ප්රමුඛ යුරෝපා සංගමයේ (EU) තානාපතිවරු හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(25) පැවසීය. 25 October 2024
ඉරාන තානාපති ජනපති හමු වෙයි ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් (Dr. Alireza Delkhosh) මහතා අද (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. 25 October 2024
දේශපාලනය ගැන ජනතා විශ්වාසය අඩුවෙලා දේශපාලනය ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳව ජනතා විශ්වාසය මේ වනවිට සියයටවිස්සක් දක්වා අඩුවී ඇතැයි අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.. 25 October 2024
නවසීලන්ත සංචාරකයන් 50000ක් ගේන්න තානාපතිගෙන් පොරොන්දුවක් වසරකට නවසීලන්ත සංචාරකයන් පනස්දහසක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා සහාය ලබාදෙන බව නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ අද (25) පැවසීය. 25 October 2024
ආරක්ෂාව ගැන ගුවන් සේවා සමාගමෙන් නිවේදනයක් ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 25 October 2024
බණ්ඩාරවෙල පාරට ගසක් කඩා වැටී ගමනාගමනයට බාධා පස්සර ඇල්ල හරහා බණ්ඩාරවෙල මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේදී මාර්ගයට විශාල ගසක් අද (25) පස්වරුවේ කඩා වැටීමෙන් රථ වාහන ධාවනයට බාධා සිදුව ත්‍රීරෝද රථයකටත් අලාභහානි වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 25 October 2024
සහල් මිලට කඩිනම් විසැඳුම් දෙන්නැයි ජනපතිගෙන් උපදෙස් සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට අද උපදෙස් දුන්නේය. 25 October 2024
ජොන්ස්ටන් බලන්න මහින්ද වැලිකඩ එයි ලියාදිංචි නොකළ වාහනයක් පරිහරණය කිරීමේ චෝදනාවට රිමාන්ඩ් බන්ධනාගරගත කර සිටින පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයට අද (25) පෙරවරුවේ පැමිණීයේය. 25 October 2024
දෙමටගොඩදී දුම්රියේ ගැටී සිසුවෙක් මරුට මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රියෙන් වැටී පාසල් සිසුවකු මියගොස් ඇති බව දෙමටගොඩ පොලිසිය පවසයි. 25 October 2024
මියන්මාරයේ හිර වූ ලාංකිකයන් බේරා ගන්න සාකච්ඡාවක් මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මියන්මාර තානාපතිනී මාලර් තන් ටයික් (Marlar Than Htaik ) මහත්මිය සමඟ සාකච්ඡා කළේය. 25 October 2024
විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරුයි මෙරටට පැමිණ සිටින සංචාරකයන් ඇතුළු සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතා හමුවේ පැවසීය. 25 October 2024
දුම්රිය සේවකයන් දිරිමත් කරන්න අලුත් වැඩක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් දිරිමත් කිරීම සඳහා දුම්රිය සේවකයන්ට තම නිවාසය සහ සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසර පතක් ලබාදීමට ප්‍රවාහන,මහාමාර්ග ,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. 25 October 2024
වැසිකිලි පිරිසිදු කළ දරුවන් 22ක් රෝහලේ බලන්ගොඩ නගරයේ පාසලක දරුවන් පිරිසක් අද (25) දා පාසලේ ඇති වැසිකිළි පිරිසිදු කිරීමෙන් පසු ඇති වූ සංකුලතාවයන් සහ ක්ලාන්තය තත්ත්වයන් හේතුවෙන් දරුවන් 22 කු බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. 25 October 2024
පොලිසියට බයේ දුවපු අයෙක් වැටී මරුට තිස්සමහාරාම කච්චේරියගම ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් නිදන් හාරමින් සිටින බවට තිස්සමහාරාම පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (24) දා එම ස්ථානය වැටලූ අවස්ථාවේදී එහි සිටි සැකකරුවන් පලාගොස් තිබූ අතර එක් සැකකරුවකු බිම වැටී සිටියදී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව තිස්සමහාරාම පොලිසිය පවසයි. 25 October 2024
මඩකලපුව අධිකරණයේ බෝම්බ බියක් මඩකලපුව අධිකරණ ගොඩනැගිලි පරිශ්‍රයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යන බවට ඊයේ (24) රාත්‍රියේ ලැබුණු දුරකථන ඇමතුමක් මත ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක විධිවිධාන යොදා ඇතැයි පොලීසිය කියයි. 25 October 2024
පොල් හිඟය යට ගේම් එකක් රටේ පොල් හිඟයට හේතුව බහුජාතික සමාගම් පොල් සංවර්ධන අධිකාරියේ දූෂිත නිලධාරීන් පිරිසක් සමඟ එකතු වී රටේ පොල්, පොල් කිරි සහ පොල් පිටි වශයෙන් රට පටවමින් කරන ගේම් එක යැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය. 25 October 2024
ගාසා තීරයට සටන් විරාමයක් ඕනෑ - චීන ජනපති බ්‍රික්ස් නායකයන්ට කියයි ගාසා තීරයේ පුළුල් සටන් විරාමයක් ඇති කළ යුතු බවත්, පලස්තීනයේ සහ ලෙබනනයේ දුක්ඛිත තත්ත්වයන් අවසන් කළ යුතු බවත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පැවසීය. 25 October 2024
සම්පන්දන්ගේ බංගලාව 17 රජයට හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතා ඔහු මිය යෑමට පෙර පාවිච්චි කළ විපක්ෂ නායක රජයේ බංගලාව ලබන මස 17 වැනිදා රජයට බාරදෙන බව සම්පන්දන් මහතාගේ දියණිය අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයට ලිපියකින් දැනුම්දී ඇත. 25 October 2024
වැලි ට්‍රැක්ටරයට යටවී රියදුරු මරුට සෙල්ලකතරගම දඹෙි ප්‍රදේශයේ වැලි පැටවූ ට්‍රැක්ටර් රථයකට යටවී අද (25 ) එහි රියදුරා මියගොස් ඇතැයි කතරගම පොලීසිය කියයි. 25 October 2024
විදුලි බිල අඩු කිරීමේ යෝජනාව උපයෝගිතා කොමිසමට විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොම්සමට ඉදිරිපත් කළ බවලංකා විදුලි බල මණ්ඩලය පවසයි. 25 October 2024
රන්ජන්ගේ අපෙක්ෂකත්වයට එරෙහිව පෙත්සමක් තමන් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට නුසුදුසු බව දැන දැනම නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම තුළින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව සඳහන් කරමින් ඔහුට මෙවර මැතිවරණය සඳහා තරඟ කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකු වන මහින්ද සේනානායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 25 October 2024
වන අලි ගම් වැදී දඹුල්ලේ ගම්මුන්ට පීඩා දඹුල්ල කිරලගොල්ල, තලකිරියාගම , නික්ගොල්ලයාය යන ගම්මාන වලට දින කිහිපයක සිට ඇතුන් දෙදෙනකු ඇතුළු වන අලින් හත් දෙනෙකු ගම් වැදීම නිසා ගම්මුන් දැඩි භීතියට පත්ව සිටිති. 25 October 2024
ජනපති-තානාපති හමුවක් ජනාධිපති අනුර දිසානායක මහතා සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද(25) පැවැත්වීමට නියමිතය. 25 October 2024
කඩු කිනිසි සමඟ තිදෙනෙක් අත්අඩංගුවට කඩු කිනිසි රැගෙන ප්‍රදේශ කිහිපයක භීෂණය පැතිර වූ තිදෙනකු කඩු කිනිසි යකඩ බට හා යකඩ පොලු සමඟ අල්ලෙහි නගර් ප්‍රදේශයේ දී ඊයේ (24) රාත්‍රියේ සේරුනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිණ. 25 October 2024
විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35ක වෛද්‍ය හිඟයක් මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972 කගේ පමණ හිගයක් පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ. 25 October 2024
කෝටි 18ක සහල් වසර 6ක් තිස්සේ රේගුවේ මිනිස් පාරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින රුපියල් දහඅටකෝටි හැටලක්ෂ,පනස්අටදහස්,නවසිය විසිදෙකක් වටිනා සහල් සහිත බාහලුම් 53ක් දැනට වසර හයක පමණ කාලයක සිය රේගුවේ රදවාගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 25 October 2024
රිය අනතුරින් හතරක් රෝහලේ බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ පල්ලත්තර වංගුවේදී මාලු ලොරියක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් හතර දෙනෙකු බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි . 25 October 2024
සේරුවිල පාසලකට අලියෙක් ඇවිත් සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දෙහිවත්ත මහා විද්‍යාලයට අද (25) අලුයම වන අලියෙක් කඩා වැදී ඇතැයි පොලීසිය කියයි. 25 October 2024
දඹුල්ලේ එළවලු මිල බැහැලා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීග්‍රයෙන් පහත වැටි ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. 25 October 2024
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026