
(අංජුල මහික වීරරත්න)
පොල් වගා කිරීමේ මණ්ඩලය ජංගම අලෙවි රථ මඟින් අඩු මුදලකට පොල් විකිණීමේ වැඩසටහනක් අද (23) සිට ක්‍රියාත්මක කළේය.
පොල් මිල වැඩි වීම හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.
එහි පළමු අදියර කොළඹ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, කඩුවෙල නගර සභා බල සීමා ප්‍රදේශ වල ක්‍රියාත්මක කරන බවද පොල් වගා කිරීමේ මණ්ඩලය කියයි.
කොළඹ බල ප්‍රදේශයේ වැලිකඩ පොලීසිය අසල, කිරුළපන පොදු වෙළද පොළ සහ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය ආසන්නවත් ජංගම ලොරි රථ මගින් බෙදා හැරීම් සිදු වන බවත් ශ්‍රී ජයවර්ධන පුර කෝටටේ නගර සභා සීමාවට අයත් වැලිකඩ පොලිසිය ආසන්නව සහ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨය අසල ද පොල් බෙදා හැරීමේ ජංගම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් මණ්ඩලය කියයි.
කඩුවෙල සහ බත්තරමුල්ල බල ප්‍රදේශයන් ආවරණය කරමින් සෙත්සිරිපාය රජයේ කාර්යාල පරිශ්‍රය ආසන්නව සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව පොල් වගා කිරීමේ මණ්ඩලය පිහිටි ස්ථානය ආසන්නව පාරිභෝගිකයින්ට පොල් මිලදී ගැනීමට පහසුකම් සපයා තිබෙන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.
පසුව සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතය.
රුපියල් 100-120 අතර මිලකට මෙහිදී පොල් විකිණීම සිදුකරන බව බවද පොල් වගා කිරීමේ මණ්ඩලය වැඩිදුරටත් කියයි.
(ඡායාරූප ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් මිල පාලනය කරන්න මැදිහත් වෙන්න. ඉන්න පොල් සංවර්ධන අධිකාරිය දූශිත නිලධාරී කණ්ඩායමක පාලනයට යට වෙලා නිසා පොල් මිල අහස උසට නැග්ගා. මාලිමාවෙන් පත් කරල ඒවපු අලුත් සභාපති මේ දූශිත නිලධාරි කන්ඩායමටම එකතු වෙලා ටෙන්ඩර් වලින් හම්බ කරන්න පටන් ගත්ත නිසා පොල් ප්රශ්නය ඇහින් දැක්කෙ නෑ. ඒ අතින් මහඡනතාව ගැන හිත උනුවෙච්ච පොල් වගාකිරීමෙ මණ්ඩලේ නිලධාරීන් රත්තරන් වගේ.
පාරිභෝගිකයින් සඳහා සාධාරණ වෙළඳපොල මිලක් ලබා දීමට ගත් හොඳ පියවරක්. සහල් මිල පාලනය සඳහාත් මෙවැනි දෙයක් කළ යුතුයි.
ඇතැම් කෘෂිකාර්මික බෝග වල සැපැයුම කාලචක්‍රය අනුව වෙනස්වීම සවභාවිකයි, හනසු මාසය නිසාවෙන් පොල් අස්වැන්න අඩුවී ඇත. මෙයට වගකිවයුත්තේ ස්වභාවධර්මය මිස කිසිදු පුද්ගලයෙකු නොවේ . නමුත් මෙය වෙනත් අයෙකුගේ පාලනකාලයේදී සිදුවුයේ නම් මෙතන වැටෙන කොමෙන්ට් මිට වඩා වෙනස්වෙන්න තිබුනා .
අම්මෝ දැනෙන සනීපේ
පෝලිම් ඇතිකිරීමෙන් ප්රශ්නය විසඳන්න බෑ. ගෝඨාගේ පලමුවෙනි පෝලිම පොල් පෝලිම යි.
මම අක්කර 1, 1/2 පොල් වගකරලා තිබෙනවා , නමුත් මම දිර්ගකාලින බදු බලපත්‍රයකට ඉල්ලුම් කරලා දැනට වසර 2 පමණ වෙනවා , එක ප්‍රාදේශීය ලේකම් කර්යලෙන් , ප්‍රාදේශීය සභාවට , එතනින අපහු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට , ඊට පස්සේ හම්බන්තොට ඉඩම් කර්යලේට , එතනින් ප්‍රාදේශීය ලේකම් කර්යලේට යවනවා කිසිම පිළිවෙලක් නැහැ , හම්බන්තොට පරිපාලන සන්කිරනේ ඉඩම් කාර්යාලේ ඉන්නවා නිලධාරීන් 10 පමණ නමුත් ඔවුන් දිනකට ලිපිගොනු 3-4 වත් වැඩ ඉවර කරන්නේ නැහැ , මට පෙන්නේ විදිහට එක සම්මත වෙලා එනකොට තව වසර 6 වත් යාවි , බලපත්රේ තවම හැදිලා නැති නිසා , වගාවට අවශ්‍ය පොහොර සහනාධාරයක් උපදෙස් ටිකක හෝ මොකවත් ගොවිජන සේවා එකෙන් ගන්න බැහැ , බැංකු ණයක් , වග ණයක් ගන්නත් බැහැ කාණු ටිකක් කපල පොහොර ටිකවත් දමාගන්න බැහැ , කම්ඹී ටික දිරල ගිහින් හරක් පනිනවා , කම්ම්බි මිලත් ඉහල ගිහින් , ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ , කෘෂිකර්ම කාර්යාලවල කොපමණ රජයේ සේවකයෝ සිටියත් ඔවුන්ගෙන් වැඩක් කරගන්න පගාව දෙන්න ඕනේ එහෙම නැතිනම් දන හදුනුම්කමක් තිබෙන්නේ ඕනේ , බලමු අලුත් ආණ්ඩුව වත් ඉදිරි වසර තුල මේවා වෙනස් කරනවද කියල ,
ඉක්මනින් හොඳ පලදාව දෙන අලුත් ප්‍රභේද තිබෙනවා කියල අහලා තිබෙනවා , නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැල තවාන්වල මේවා ගන්න නැහැ , පුද්ගලික පැල තවාන්වල හොද ප්‍රභේද කියල විකුනන්නේ සාමාන්‍ය ගස්වලින් බෝකරගනු ලබන පොල් වලින් හදන පොල් පැල , සාමාන්‍ය මනුෂ්‍යයෙකුට මේවා වෙන් කරලා අදුන ගන්න බැහැ , ගොවිජන සේවා මධ්‍යස්ථානේ නිලධාරියෝ හිටියට , ඒගොල්ල හමු වෙන්න ඉතා අපහසුය , බොහෝ විට ඔවුන් කරන්නේ උදේ පොත අත්සන්කරලා , ෆීල්ඩ් එකේ යනවා කියල පුද්ගලික වැඩවල යෙදෙන එක. හවස ඇවිත් පොත අත්සන් කරලා ගෙදර යනවා. නිලධාරියෝ හිටියට නිසි සේවයක් රටට ලැබෙන්නේ නැහැ. නිලධාරීන් හරියට වැඩ කළානම් මෙහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ. මේ ෆීල්ඩ් එකේ යනවා කියල යන නිලධාරියෝ පාලනයට GPS තාක්ෂණය යොදාගන්න වෙනවා.
දියුණු ප්රභේදවල පොල් වසර 5 යනකොට පිදෙනවා, නිසිලෙස නඩත්තු කලොත් සාමාන්‍ය ගහකට වැඩිය 3 ගුණයක් පමණ වැඩි අස්වැන්නක් ලැබෙනවා , අලුත් ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති මැදිහත් වෙලා මේ වැනි ප්‍රශ්න විසදුවොත් වසර 5 යනකොට පොල් ප්‍රශ්නේ විසදන්න පුළුවන් . රටේ වැඩි හරියක් බිහිවෙන්නේ කෘෂි ක්ෂේත්රයට අදාළ උපාධිදාරියෝ. මේ ගොල්ල හරියට වැඩ කරනවා නම් රටේ කෘෂිකර්මය දියුණුවෙන්න ඕනේ. ගොවිජන සේවා මධ්‍යස්ථාන කියන්නේ බොරුම කරන රජයේ ආයතන , පැල තවන් වැනි වගාවට අවශ්‍ය දේවල් බොහෝවිට ඒගොල්ල නඩත්තු කරන්නේ නැහැ . ඒගොල්ල කරන්නේ වැඩකට ගියාම අදාළ නිලධාරියා නැහැ මේ ලිෆ්ලට් එක බලලා වගාකරන්න කියලා කොළ කැබැල්ලක් අතේ ගුලි කරන එක. ඔක්කොටම කලින් මේ ඉන්න නිලධාරීන් නිසි ලෙස පරිපාලනය කරගන්න වෙනවා. සුභ නැකතින් රට අනුරට කියල මන්තරේ වගේ කියා කියා හිටියට රටේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ.
තඹුත්තේගම අනුර ඩබල් පොකට් ෂර්ට් ඇඳගෙන තව් talk දෙනකොට, එයාගේ ගොට්ටෝ ටයි දාගෙන පොල් පෝලීමේ පොල් බෙදනවා. අනේ මෙහෙම විගඩම්.