
(ජේ.කේ.එල්. චාමින්ද)
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 38ක රාජ්‍ය ලාංඡනය යෙදිම සහ වාහන බදෙහි ආයතනයේ නම සටහන් කිරිමට කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛය අනුව රාජ්‍ය ලාංඡනය යෙදිම සහ වාහන බදෙහි ආයතනයේ නම සටහන් කළයුතුය.
එමෙන්ම ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 09ක් සම්බන්දයෙන් ලේඛන යාවත්කාලීනව පවත්වා නොතිබු අතර එම වාහනවල වටිනාකම තක්සේරුකර ගිණුම්ගත කිරිමට කටයුතු කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
තවද ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 04ක් පිළිබද තොරතුරු අනාවරණය කර නොතිබු අතර එම වාහන මධ්‍යම පළාත් සභාවේ ආයතන විසින් භාවිතා කරණ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වි නොතිබුණි.
එමෙන්ම මධ්‍යම පළාත් සභාව සතු ඝර්භිත වාහන 38ක් 2017 වර්ෂයේ දි වෙන්දේසිකරතිබුනද එම වාහනවල ලියාපදිංචි අයිතිය අදාල පුද්ගලික පාර්ශවයන් වෙත පැවරිමට කටයුතු කරනොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ම.ප.ප්‍රධාන ලේකම් කාර්යාල වාහන 38ක රාජ්‍ය ලාංඡනය නැහැ
Nilantha Tuesday, 22 October 2024 04:09 PM
පුදුමයක් නැහැ. සමහර පළාත් සභාවල තියෙන්නේ පෙඩරල් ආණ්ඩුව කියලා මධ්‍යම පළාත් සභාව කියලා ටයිප් කලාම පළාත් සභාව කියලා එන්නෙත් නැහැ. ඒවා එක් එක් අයට අවශ්‍ය ආකාරයට තමයි කටයුතු කරන්‍නේ. 1987 රජිව් ගාන්ධියා ජේ.ආර් බයකර බලෙන් පැටවීමක් කළ පළාත් සභා කියන්නේ තනිකරම සුදුම සුදු අලියෙක් පමණයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා නම් ඒවා පටන්ගත් කාලයේ පළාත් සභාවලට විරුද්ධව කැරැල්ල ඇති කළ අයට සම්බන්ධ ආණ්ඩුව ඒවා අහෝසි කරනවා නම් ලොකු සෙතක් වෙනවා.