IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහානායක චාරිකාරාමය ප්‍රතිසංස්කරණයට

(අංජුල මහික වීරරත්න)

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මහානායක චාරිකාරාමයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අයත් කොළඹ 07, විජේරාම මාවතෙහි පිහිටි චාරිකාරාම ගොඩනැගිල්ල මහානායක ස්වාමීන් වහන්සේලා කොළඹට වැඩම කරන අවස්ථාවලදී නවාතැන් පහසුකම් සලසා ගැනීම සඳහා භාවිත කරනු ලබයි. 

මෙම ආරාමයේ පොදු පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නාවික හමුදා ශ්‍රම දායකත්වය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු 2021 වර්ෂයේ ආරම්භ කර ඇත. 

වෙළෙඳ පොළ තුළ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ හඳුනාගත් අමතර කාර්යයන් ඇතුළත් කිරීමට සිදුවීම හේතුවෙන් ආරම්භක පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කළ යුතුව තිබෙන බව රජය පවසයි. 

ඒ අනුව අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වන ඇස්තමේන්තුව රුපියල් මිලියන 86.97 ක් ලෙස සංශෝධනය කිරීමටත්, 2024 වර්ෂය සඳහා අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන රුපියල් මිලියන 31.86 ක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙත ලබා ගැනීම පිණිසත් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

මහානායක චාරිකාරාමය ප්‍රතිසංස්කරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site