හරීන්ට ඇප අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා නියෝග කළේය. 20 November 2024
සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි. 20 November 2024
පරිසර ඇමති වැඩ බාරගනියි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය. 20 November 2024
මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින් මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 20 November 2024
පිල්ලයාන් CIDයට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය. 20 November 2024
රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ, එම පියා ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 20 November 2024
භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර ගිනි තබා ඇති බව පුත්තලම පොලීසිය කියයි. 20 November 2024
දේශිය ලූනු තොග මිල ඉහළට දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි 20 November 2024
නව කථානායක අශෝක රන්වල? නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 20 November 2024
මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි. 20 November 2024
ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම පොලීසිය පවසයි. 20 November 2024
කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඊච්චලම් කුලම පොලිසිය පවසයි. 20 November 2024
හරීන් අත්අඩංගුවට හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 20 November 2024
පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දාසය හැදිරිදි පාසල් සිසුවෙකු මියගොස් ඇතිඇති බව පොලිසිය කියයි. 20 November 2024
හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 20 November 2024
අදත් තැනින් තැන වැස්ස උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 November 2024
සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ( 19) ගැසට් නිවේදනයක් නිකුත් කළේය. 19 November 2024
පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා අද (19) පැමිණියහ. 19 November 2024
‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘ පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ මහතා පැවසීය. 19 November 2024
වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක් දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා අමාත්‍යාංශයේ වැඩ බාර ගනිමින් අද (19) පැවසීය. 19 November 2024
තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රියක් තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 19 November 2024
මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළායාමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අද (19) මාකෙවිට ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි. 19 November 2024
ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කලේ යැයි කියන මහා ජාවාරමට සම්බන්ධ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් අටදෙනෙකුට එරෙහිව අල්ලස් හො දුෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ අද (19) නඩු පැවරීය. 19 November 2024
බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් පමණ ප්‍රමාද විය හැකි බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි. 19 November 2024
මුහුදට වැටී ධීවරයෙක් මරුට ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි. 19 November 2024
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 19 November 2024
ගල් බෝර සවි කිරීමට ගිය අයෙක් මරුට බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 19 November 2024
අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදු කෙරිණි. එම නාම ලේඛනය පහත පරිදි වේ. 19 November 2024
නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට? ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය කර ඇත. 19 November 2024
රවීගේ නිවෙසට ආරක්ෂාව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත. 19 November 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026