ඉන්දියාවේ හිටපු අගමැති මං මෝහන් සිං අභාවප්‍රාප්ත වේ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 27 December 2024
මින්නේරියේදී වාහනයක පිළිස්සුණු අයගේ තොරතුරු ටිකක් හමුවේ පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේදී ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සිී මියගොස් ඇත්තේ ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටහතරක් වයසැති පිරිමි පුද්ගලයකුගේ යැයි බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බව මින්නේරිය පොලිසිය සඳහන් කරයි. 27 December 2024
පුද්ගලික බසයට යටවී යතුරුපැදිකරු මරුට කොල්ලූපිටිය ගාලු මෝදර හෝටලය ඉදිරිපිටදී අද (26) දහවල් පුද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගිය බව කොල්ලූපිටිය පොලිසිය කියයි. 26 December 2024
පියුමාලීගේ පෙර ඇප ඉල්ලුමට පොලිස් ලොක්කා උසාවි කැඳවයි ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ පනහක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් ලබාගෙන වංචා කළේ යැයි කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි පියුමාලී නැමැත්තියට පූර්ව ඇපයක් නියම නොකිරීමට හේතු ඇත්නම් ලබන 02 දින අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහාවත්ත මහත්මිය මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරමින් නියෝග කළාය. 26 December 2024
ලොව වයස් ගතම සංගීත කණ්ඩය ලොව වයස්ගතම ගී ගායන කණ්ඩායමට හිමි ලෝක වාර්තාව ’’ප්‍රයිම් ටයිමර්ස්’’ නම් ගායන කණ්ඩායම පසුගියදා හිමිකර ගත්තේය. ’’ප්‍රයිම් ටයිමර්ස්’’ ගායන කණ්ඩායමේ සාමාජිකයන් 17 දෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 87 ත් 99 ත් අතර වේ. 26 December 2024
ප්‍රේමණීය ප්‍රියා අවසන් වරට ගුවන් විදුලියට එයි අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන ආවේය. 26 December 2024
ලංවිම වෘත්තීය සමිති නායකයන් 62 කට සියලු දීමනා ලැබෙයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව පසුගිය වසරේ අඛණ්ඩ විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙන් වැඩතහනම් කර දිමනා සහ වරප්‍රසාද අහිමි කළ එම මණ්ඩලයේ වෘත්තිය සමිති නායකයන් 62 කට අහිමි වූ සියලුම දීමනා සහ වරප්‍රසාද සමඟින් අද (26) නැවත සේවයේ පිහිටවූ බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 26 December 2024
ලක් ක්‍රීඩාවට සහය දෙන්න කියුබාව පොරොන්දු වෙයි කියුබානු මහකොමසාරිස් ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලේස් ගැරිඩෝ මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (26) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවත්විණි. 26 December 2024
බීමත්ව රිය පැදවුවහොත් අවුරුද්දක තහනමක් බීමත්ව රියපැදවීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 26 December 2024
දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. 26 December 2024
සහල් නිෂ්කාශනය ආරම්භයි ආනයනික සහල් නිශ්කාශන කටයුතු රේගුව නැවත ආරම්භ කළ බව අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අද (26) පස්වරුවේ පැවසීය. 26 December 2024
හරි පාරෙන් ඊශ්‍රායලයට ගිය කණ්ඩායමකට යළි රට යන වරම් නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකික පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීම ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කෙරිණි. 26 December 2024
තව දිස්ත්‍රික්ක තුනක වගා හානි පරීක්ෂා 29දා අවසන් මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක තුනේ වගා හානි පරීක්ෂා කටයුතු මෙම 29 වැනිදා අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි. 26 December 2024
ගෙළෙහි ඇණුන ලී දඬුවක් සාර්ථකව ඉවත් කරයි ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව වවුනියාව රෝහල පවසයි. 26 December 2024
’’කුඩු ලෝලියා ඇල්ලුවට කුඩු මුදලාලි ඇල්ලුවේ නෑ’’ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැනීම වෙනුවෙන් සියලු පියවර ලබන වසරේ ආරම්භ කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසුවේය. 26 December 2024
අනවසර විදුලි රැහැනේ පැටලී මරුට කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 26 December 2024
සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය. 26 December 2024
අත්නොමතික මාරු කිරීම් සොයන්න සජබෙන් විශේෂ ඒකකයක් රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ. 26 December 2024
රිය අනතුරින් සිඟිත්තිය මරුට යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී ඊයේ (25) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක මියගොස් අැගේ මව, පියා සහෝදරිය අැතුළු තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකොට අැතැයි කිලිනොච්චිය පොලිසිය කියයි. 26 December 2024
අඩු ආදායම් ලාභීන්ට නිවාස දෙන්න චීනයෙන් කෝටි 2,200ක් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට බෙදාදීමට නිවාස ඒකක 1,888 සහ ප්රවිණ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108 ක් ඉදිකිරීමට චීන ආණ්ඩුව යුවාන් මිලියන 552 ක් හෙවත් රුපියල් කෝටි 2,,200 ක ප්‍රදානයක් දෙයි. 26 December 2024
’’බැංකුව අයකරන බද්ද නැවත දෙන ක්‍රමයක් නෑ’’ අඩු ආදායම් ලාභීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ආදායම පෙන්වා බදු නිදහස හිමිකරගන්නා තෙක් බැංකු පොලියෙන් අය කරන සියයට 10 ක බද්ද නැවත ජනතාවට දීමේ ක්‍රමයක් ආණ්ඩුව සකස් කර නොමැති බවත් ඒ පිළිබඳව ඉදිරියේ කටයුතු කරන බවත් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (26) පැවසීය. 26 December 2024
ශ්‍රී ලංකාවේ හැඩය ගත් නිල් මැණිකක් ශ්‍රී ලංකාව හැඩය ඇති දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් තමන් මිලදී ගත් බව රත්නපුර නිවිතිගල මැණික් ව්‍යාපාරිකයෙක් අද( 26) පැවසුවේය. 26 December 2024
රූපවාහිනියේ අලුත් සභාපති වැඩ බාර ගනී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා මහතා අද (26) පෙරවරුවේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී තනතුරේ රාජකාරී ආරම්භ කළේය 26 December 2024
‘අස්වැසුම’ පවුල්වල සෑම දරුවෙක්ටම රුපියල් 6,000ක් ‘අස්වැසුම’ ප්රතිලාභ ලබන පවුල්වල අධ්‍යාපන ලබන සියලුම දරුවන්ට සහ ආර්ථික දුෂ්කරතා ඇති සෙසු පවුවල දරුවන්ට එළඹෙන පාසල් වාරයට පෙර රුපියල් 6,000 බැගින් දීමනාවක් ලැබෙන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (26) පැවසීය. 26 December 2024
සෞඛ්‍ය ඇමති නෙවිල් ප්‍රනාන්දු රෝහල බලන්න යයි මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රටට අතිශය ඵලදායී ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 26 December 2024
සුළු හා මාධ්‍ය ව්‍යාපාරවලට තවත් මාස 9 ක සහනයක් ජාතික ජනබලවේගයේ මැතිවරණ සමයේ ප්‍රකාශ කළ පරිදි නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ කාර්ය සඳහා සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ප්රමුඛ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ‘පරාටේ’ නීතිය අත්හිටුවිමේ කාලය මාස තුනකට දීර්ඝ කර තවත් සහන කාලයක් දීමට පියවර ගෙන ඇතැයි මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (26) පැවසීය. 26 December 2024
සොර කල්ලියක් ගලහදී අත්අඩංගුට රටවටේ මහා පරිමාණයෙන් ව්‍යාපාරික ස්ථාන හා ගෙවල් බිදීම් ඇතුළු වී මහා පරිමාණයෙන් සොරකම් රැසක් සිදුකල සොර කල්ලියක් අත් අඩංගුවට ගැනීමට ගලහ පොලීසිය සමත් වී ඇත. 26 December 2024
ජනපති හමුවෙන්න ඕනෑ කියා කලබල කළ අයෙක් අත්අඩංගුවට පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු පුද්ගලයෙකු පොලිසිය මැදිහත් වී පාලනයකර අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි. 26 December 2024
ඇමෙරිකාවේ නත්තල් ගසක මිල අහස උසට දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන කාලගුණික අපදාවල බලපෑම සහ ශ්‍රම බළකා හිඟය හේතුවෙන් ඇමෙරිකාවේ නත්තල් ගස් කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් මෙවර නත්තලේදී ගසක් ඇමෙරිකානු ඩොලර් 80-100 ( ශ්‍රී ලංකා රුපියල් 25,000 ක පමණ) ත් අතර මිලකට අලෙවි වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 26 December 2024
ඇල්පිටියේ පුංචි මෙම්බර්ලාත් වියදම් වාර්තා හංගලා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සියයකට වැඩි පිරිසක් වියදම් වාර්තා තවමත් ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය 26 December 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026