ඉකුත් පාලනය රටවිරු වාහනයටත් විදලා විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විශේෂ විගණනයකදී හෙළිවී ඇත. 22 November 2024
නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් විමතිය පළ කරයි ‘කොවිඩ්’ පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබා රැඳවියන් 11 දෙනකුගේ මරණ සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (22) විමතිය පළ කළේය. 22 November 2024
චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක් චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍රයක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය. 22 November 2024
ලොව උසම කත සහ මිටිම කත හමු වී මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය. 22 November 2024
ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ UN කොමිසමේ අසුනක් ලංකාවටත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව ඇත. 22 November 2024
තායිලන්තයට රැගෙන ගිය මුතූගේ දළ කපන්න යයි ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන්ත මාධ්‍ය වාර්තා කළේය. 22 November 2024
තනිව යන සංචාරකයන්ගේ හොඳම නවාතැන ලංකාව තනිව ලෝකය වටා ගමන් කරන සංචාරකයන් ලබන වසර සඳහා වෙන්කරගෙන ඇති ජනප්‍රියතම සංචාරක ගමනාන්ත දහය අතර ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බව ෆ්ලෑෂ් පැක් සංචාරක සමාගමේ නවතම ප්රවණතා වාර්තාවෙන් හෙළි වී ඇත. 22 November 2024
මාදිවෙල නිල නිවාසවලට මන්ත්‍රීන් 35ක් පෝලිමේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා නවක මන්ත්‍රීවරුන් 35 දෙනකු ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 22 November 2024
කළුතරට වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයකු නැතිලු කලුතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ බල ප්‍රදේශයට ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයකු නැතැයි සෞඛ්‍ය අංශ චෝදනා කරයි. 22 November 2024
මහනදරාවේ ගොයමට තවම පොහොර සහානාධාර නැතිලු මහ කනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයට අයත් කුඹුරු අක්කර 8050 පොහොර සහනාධාරය ලැබී නැතැයි ගොවිහු චෝදනා නඟති. 22 November 2024
මේ සැරේ වැරදුනොත් මිනිස්සු සුබ සිහින දකින එකක් නෑ පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වුවහොත් ජනතාව සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින දැකීම ද අතහරිනු ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය. 22 November 2024
’’සහල් හිඟයකට ඉඩ තියන්නේ නෑ’’ නාඩු සහල් හිඟය මත පාරිභෝගිකයන් ගසා කෑමට අතරමැදියන් ට ඉඩ නොතබන බවකෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා අද (22) පැවසීය 22 November 2024
අධ්‍යාපනයේ ගොඩනැගිල්ලක අකුණු සන්නායකය ගලවන් ගිහින් බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය පිහිටි ගොඩනැගිලි පරිශ්‍රයේ මුදුනත සවිකර තිබු රුපියල් ලක්ෂ ගණනාවක අකුණු සන්නායක තබ පටි තොගයක් එහි සේවය කරන කිසියම් අයකු හෝ කණ්ඩායමක් සොරාගෙන ඇතැයි තලංගම පොලිසිය කියයි. 22 November 2024
IMF - සජිත් අතර හමුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී සිදුකෙරිණ. 22 November 2024
ජනපති ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ බාර ගනී එක අරමුණකින් වැඩ කර මාතෘභූමිය මීට වඩා හොද රාජ්‍යයක් බවට පත් කිරීමට එක්වෙමු යැයි සියලු රාජ්‍ය සේවකයන්ට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 22 November 2024
IMF තුන්වන සමාලෝචන සාකච්ඡාව සාර්ථකයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ජනාධිපති කාර්යාලය පවසයි. 22 November 2024
ජනාධිපති ලේකම්- ජපාන තානාපති අතර හමුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) මහතා අතර හමුවක් අද (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. 22 November 2024
කොස්ලන්දෙන් හිස නැති මළසිරුරක් හමුවෙයි කොස්ලන්ද අලුත්වෙල හාමිනාකන්ද රක්ෂිතයේ තිබි හිසකදින් වෙන්ව ඝාතනයට ලක්වූ තරුණයකුගේ මළසිරුරක් අද (22) පස්වරුවේ සොයාගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි . 22 November 2024
අල්ලස් ගත් විදුහල්පතිනියගේ ඇපෑල විසිවෙයි 2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 (එක් ලක්ෂ පනස් දහසක)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ රාගම කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකාරිය ලබන 06 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (22)නියෝග කළේය. 22 November 2024
උසාවි නියෝගයෙන් අධිවේගී රක්ෂිතයේ නිදන් වස්තු සොයයි වේයන්ගොඩ වඳුරව රාජමහා විහාරයට සමීපව අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් වස්තු ඇතැයි කියන ස්ථානයක් රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඉදිරියේ කැණීම් සිදුකරන ලෙසට අත්තනගල්ල අධිකරණයේ නියෝග මත ඊයේ (21) උදේ කැණීම් කටයුතු ආරම්භ කරන ලද අතර පස්වරු 4.00පමණ වන විට කිසිදු ප්‍රතිඵලයක් නොමැතිව මහවැසිමැද එම කටයුතු අද දිනය දක්වා කල් තැබීමට පොලිසියට සිදුවිය 22 November 2024
උත්සව සමය ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම් එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 22 November 2024
යුක්රේනයට අවි දුන් රටවලට පුටින්ගෙන් රතු එළි රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්රේනයට ලබාදුන් සිය අවි භාවිත කිරීමට අවසර දුන් රටවල ඇති හමුදා පහසුකම් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට රුසියාවට අයිතියක් තිබෙන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය ජනාතව අමතමින් පසුගියදා ප්‍රකාශ කළේය. 22 November 2024
මුහුදේ පාවී ආ පාර්සලය පුපුරා ධීවරයින් දෙදෙනකුට තුවාල මන්නාරම සවුත්භාර් මුහුදු සීමාවේදී මුහුදේ පාවෙමින් ආ පර්සලයක් පරික්ෂා කිරීමේදී එය පුපුරා යාම හේතුවෙන් ධීවරයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබ ඊයේ (21) දින රෝහල්ගත කොට ඇතැයි මන්නාරම් පොලීසිය පැවසීය. 22 November 2024
විද්‍යා තාක්ෂණ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පත් කරයි ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කර තිබේ. 22 November 2024
බත්තරමුල්ලේදී මෝටර් රියක් ගිනි ගනී බත්තරමුල්ල නගරය හරහා ධාවනය වූ සුඛෝපභෝගි මෝටර් රථයක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එම රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පවසයි. 22 November 2024
ඊ.පී.එෆ්.අය කරගන්න පෞද්ගලික නඩු 14,096ක් සේවක අර්ථසාධක අරමුදල විසින් එම අරමුදලට රුපියල් මිලියන 12,755.09ක මුදලක් අයකරගැනිම සදහා ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දිනවනවිට බාහිර ආයතනවලට එරෙහිව නඩු 14,096ක් පවරා ඇති බැව් ජාතික විගණන කාර්යාල පවසයි. 22 November 2024
උඩු මහළින් වැටී පුද්ගලයෙක් මරුට බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට ඇඳ වැටි පුද්ගලයෙකු අද (22) මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 22 November 2024
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් අද(22) උදෑසන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 22 November 2024
හිසකෙස් වර්ණ ගන්වන ව්‍යාජ ආලේපන තොගයක් පිටකොටුවෙන් සොයා ගනී ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ව්‍යාජ ආලේපන තොගයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු සමඟ පිටකොටුව පැරණි නගර ශාලා ගොඩනැගිල්ලේ හා පීපල්ස් පාර්ක් හිදි අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 22 November 2024
කාලගුණයෙන් දැනුම් දිමක් නොවැම්බර් 23 වැනි දා වනවිට ගිනිකොණ බෙංගාල බොක්ක ආශ්රතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ දි එය නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 November 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026