IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සා.පෙ. උත්තර කියාදුන් ගුරුවරයා රාජකාරියෙන් ඉවතට

(දයාරත්න ඇඹෝගම)

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් පිරිසකට ප්‍රශ්න පත්‍ර සදහා පිලිතුරු ලිවිමට ආධාර උපකාර කළ බව කියන පාසල් ගුරුවරයෙකු විභාග නිරීක්ෂණ රාජකාරියෙන් ඉවත් කළ බව උතුරු මැද සහකාර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක (විභාග)  එස්.ආර්.ප්‍රියංකර මහතා අද (01) පැවසිය.

මෙසේ විභාග රාජකාරියෙන් ඉවත් කරන ලද්දේ අනුරාධපුර,කරුක්කංකුලම විජයබා විදුහලේ විභාග නිරික්ෂණ රාජකාරියේ නිරතව සිටි පාසල් ගුරුවරයෙකි.

මෙම පාසල් ගුරුවරයා එම ප්‍රදේශයේ උපකාරක පංති පවත්වා ගෙන යන ගුරුවරයෙකි.

ඔහු සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින තම උපකාරක පංතියට පැමිණෙන සිසුන් පිරිසකට පිළිතුරු ලිවිම සදහා ආධාර උපකාර කරන බවට දෙමාපියන් විසින් අධ්‍යාපන බලධාරින්ට සිදුකළ පැමිණිල්ලක් මත විභාග රාජකාරි වලින් ඉවත් කළ බව විභාග අධ්‍යක්ෂකවරයා මෙහිදි පැවසිය.



අදහස් (12)

සා.පෙ. උත්තර කියාදුන් ගුරුවරයා රාජකාරියෙන් ඉවතට

Bunny Preena Thursday, 01 June 2023 02:39 PM

ගුරැවරයෙකුට ඔබින නැති වැඩක් තමයි කරල තියෙන්නෙ.

:       8       26

පැරකුම් Thursday, 01 June 2023 03:19 PM

එදා මෙන් නොව ගුරුකමත් දැන් මහාපරිමාණ මුදල් ගරන ව්‍යාපාරයක් වී හමාරයි...

:       2       8

මට්ට තට්ටෙයා Thursday, 01 June 2023 03:51 PM

විභාග රාජකාරි වලින් ඉවත්කලාම ඇද්ද මිනිහා ගුරුසේවයට මෙන්ම සමස්ථ රාජ්‍ය සේවයට කලේ වරදක් ඒකට විනයානුකූලව කටයුතු කරන්න කියලා මතක්කරන්නත් ඕනද

:       10       33

අස්ජාන්Thursday, 01 June 2023 10:01 PM

ඔච්චර නපුරු වෙන්න එපා...

:       7       9

අසාධාරණ Thursday, 01 June 2023 04:48 PM

තමන්ගේ අධ්‍යාපන කඩයට පැමිණෙන ගනුදෙනු කරුවන් වන සිසුන්ට තමාගේ තනතුර උපයෝගී කරගෙන පුද්ගලික කටයුතු සඳහා රාජකාරිය යොදාගෙන බව පැහැදිලියි. පැමිණිලි කළ දෙමාපියනි, ඔහුට විරුද්ධව මූලික විමර්ශනයක් කරන්න කියා ඉල්ලන්න ඔහු කරලා තියෙන්නේ ඔබලාගේ දරුවන්ට බලවත්ම අගතියක් කියලා තේරෙනවා නේද?

:       1       8

K.m .s.c.Herath Friday, 02 June 2023 01:57 AM

හරි හරි.. ඒ ගුරුවරයාගේ දේශපාලන පසුබිම බලලා සුදුසු දඞුවමක් දෙමු. එතෙක් නිශ්ශබ්ද වෙමු. සමහර විට අපේ පොරක් ද දන්නේ නැහැනේ...

:       3       7

Gurusinghe Nihal Friday, 02 June 2023 08:17 AM

පැමිණිල්ලක් විතරයි. විභාග කරලා හරිනම් විතරයි දඩුවම් කරන්න ඕනේ.

:       6       7

කැලුම් රූපරත්න Friday, 02 June 2023 08:33 AM

සිසුන්ට නිදහසේ ඔවුන්ගේ දැනුම යොදාගන්නට ඉඩ දිය යුතුයි. එයට ආධාර් කිරීම අදාළ නොවන ක්‍රියාවක්.

:       4       8

damayanthi Saturday, 03 June 2023 10:14 AM

නිසි පරික්ෂණයක් අවශ්‍ය යි.. සමහර විට පිලිතුරු ලියා ගත නොහැකි වු දරුවන් තම දෙමාපියන් ගේ බැණූම් වලින් වැලකෙන්න මෙවැනි අසත්‍ය චෝදනා ගෙන එන්නත් පුලුවනි.

:       2       5

අතුල Saturday, 03 June 2023 10:37 AM

ඒ අහිංසක දුප්පත් ගොවීන්ගේ ළමයි හද අල්ලන්න යන් නැහැ

:       0       5

sampath Saturday, 03 June 2023 02:31 PM

ටියුෂන් ගුරුවරුන් විභාග රාජකාරිවලට යොදානොගත යුතුයි මින් ඉදිරියටවත්...

:       1       4

Silva Friday, 09 June 2023 03:44 AM

නියමයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site