ප්‍රසාද් මුතුකුඩ
රුපියල් ලක්ෂ 10 කට වැඩි වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් ගමන් මල්ලක සූක්ෂම ලෙස සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ලාංකික ගුවන් මගියකු කටුනායක ගුවන්තොටුපළ පොලීසිය විසින් අද (4) අත්අඩංගුවට ගනු ලැබීය.
ලාංකික ගුවන් මගියා කොළඔ ග්‍රැන්පාස් හි පදිංචි (22) වියෙහි පසුවෙන්නෙකි.
වෙන්නායි සිට පැමිණි ඒ අයි 273 දරණ ගුවන් යානයෙන් මොහු පැමිණ තිබු අතර ගුවන්තොටුපළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව් ඒ ජයනාත් වනසිංහ මහතාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මොහු නිතර චෙන්නායි වෙත ගොස් රෙදිපිළි ගෙන එනු ලබන්නෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd