IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ලග්ගල කසළ වතුර වළකට මුදාහැරීමෙන් ප්‍රශ්න රැසක්

(කාංචන කුමාර ආරියදාස)

දිවයිනේ පළමු හරිත නගරය වන නව ලග්ගල නගරයෙන් ඉවතලන කැළි කසළ නගරය ආසන්නයේ පිහිටි උස් බිමක  වතුර වළකට මුදාහැරීම නිසා  ප්‍රශ්න රැසක් මතුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

ලග්ගල ප්‍රාදේශීය සභාවේ පිරිසිදු කරන්නන්ට ජනතාව වෙන් කර දමා ඇති පොලිතීන් දිරන හා නොදිරන ද්‍රව්‍ය ටැක්ටර් රථයකට වෙනම ලබාගෙන මහවැලි අධිකාරිය මගින් වෙන්කර ලබාදී ඇති ඉඩමකට සියල්ල එකට දමා තිබෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මෙම කසළ බැහැර කිරීම හේතුවෙන්  දුර්ගන්ධයක් මැසි මදුරු කරදරයක් මෙන්ම කුඩා කෘමීන් බෝවීම හේතුවෙන්  ප්‍රදේශයේ දරුවන් රැසකට චර්ම රෝග පවතින බවද ගම්වැසියෝ කියති.

එමෙන්ම මෙම කසළ ආහාරයට ගැනීම සඳහා අලි වැට කඩාගෙන වන අලින් ගම්වැදීම නිරන්තරයෙන් සිදුවන බවද  ප්‍රදේශවාසීහු සඳහන් කරති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලග්ගල නව නගරය විවෘත කිරීමත් සමඟ මෙය දිවයිනේ හරිත නගරය ලෙස නම් කරනු ලැබීය.

නව ලග්ගල නගරයට පිවිසෙන පාලම අසල ඔබ මේ පැමිණෙන්නේ දිවයිනේ හරිත නගරයට යන්න දැන්වීම් පුවරු පවා සවිකර තිබේ.

එහෙත් ලග්ගල ප්‍රාදේශීය සභාවෙන් ඉවත් කරන කැළි කසළ කිසිදු කළමනාකරණයකට ලක් නොකර ජනතාව පදිංචි වී සිටින ප්‍රදේශවල එක ඉහළ කොටසේ වළක් හාරා එළිමහනේ යොදා තිබෙන බවයි.

මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ එම වළ ජලය පිරි දැඩි අපිරිසිදු තත්ත්වයට පත්ව ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පවතින බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පෙන්වා දෙති.

මෙම කසළ බැහැර කරන ස්ථානයට ආසන්නයේ පිහිටි වැවකින් නැවත පදිංචි කරවූ ලග්ගල ජනතාවට මහවැලි අධිකාරිය මගින් ජලය බෙදාහැරීම සිදු කරන බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

ලග්ගල ප්‍රදේශයේ ජනතාව නගන මෙම පරිසර චෝදනාව පිළිබඳව ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තම සේවකයන් කසළ එකතු කිරීමේදී වෙන වෙනම දිරන හා නොදිරන ද්‍රව්‍ය වශයෙන් එකතු කරන බවයි. කිසිම ආකාරයෙන් වෙන් නොකර මුදා හැරීමක් සිදු නොකරන බවද හෙතෙම සඳහන් කළේය. 

කෙසේ වෙතත් මහවැලි අධිකාරිය මගින් ඉඩමක් වෙන් කර දී තිබෙන බවද ඉදිරියේ දී  ප්‍රවාහන සඳහා වාහන ලැබුණහොත් දඹුල්ල ප්‍රදේශයේ කසළ අංගනයට මෙම කසළ රැගෙන යා හැකි බව ද හෙතෙම සඳහන් කළේය.



අදහස් (2)

ලග්ගල කසළ වතුර වළකට මුදාහැරීමෙන් ප්‍රශ්න රැසක්

රවින් Thursday, 17 October 2019 07:43 AM

හරිත නගර ව්‍යාපෘතියේ පෙර අධ්‍යයන වාර්තා, සැලසුම් නැද්ද? පරිසර අධ්‍යන වාර්තා? කිසිම අධ්‍යයනයක් නොකර දේශපාලුවෙකුගේ නම් ගම් ප්‍රසිද්ධ කරන්න හදපු ව්‍යාපෘතියක්ද?

:       0       2

chinthaka Thursday, 17 October 2019 11:40 AM

නිර්භයව මෙම එළිදරව්ව කරපු ලංකාදීප මාධ්‍ය වාර්තාකරණයට අපේ ප්‍රණාමය...!!! 

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 57 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1009 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site