IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සියලු පාසල් 30 දක්වා වසයි

(රන්ජන් කස්තුරි)

රටපුරා සියලු පාසල් වසා තැබීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව සියලුම පාසල් මෙම 30 වැනි දා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

අද රැස්වී කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව දිවයිනේ සියලු පාසල් හා උපකාර පන්ති අප්‍රේල් 30 වැනි දා තෙක් වසා තැබීමට තීරණය ගෙන ඇත.
 



අදහස් (9)

සියලු පාසල් 30 දක්වා වසයි

Rata Perata Tuesday, 27 April 2021 08:55 AM

අර විහිළු ගැසට වගේම තමයි මේවත්. දවස් කීපයකට කළින් ලොකු කතා දැම්මා පාසල් වහන්නේ නැහැ කියලා. දැන් වහලා. මේ ආණ්ඩුවේ ඔක්කොම රිවර්ස් තමයි. හරියට කරුණු හොයලා බලලා ප්‍රකාශයක් කරන්න තරම් වත් මොලයක් නැහැ.

:       4       28

banda Tuesday, 27 April 2021 09:39 AM

සතියක් පාසල් වහලා කොරෝනා අවසන් කරන්ඩ... කරුණාකරලා එන්නත් කරන්න

:       2       14

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 27 April 2021 10:43 AM

අප මේ තීරණය ගත යුතු බව කල්තියා පෙන්වා දුන්නා. කෙකර ගගා ඉන්නේ නැතිව මුලින්ම මේ වැඩේ කරා නම් ඉවරයිනේ ...

:       1       11

jayarhtna Tuesday, 27 April 2021 10:56 AM

අවුරුද්දට පසුව තවත් සති2ක් එක දිගටම සියලුම පාසල් විවෘත නොකර හිටියනම් මෙච්චර කලබලයක් ඇතිවෙන්නෙ නෑ නේද. ????

:       1       5

aravinda Tuesday, 27 April 2021 11:30 AM

මේ තමයි කොරෝනා අවදානම තිබියදීත් නිදහසේ නෑ ගමන්, සාප්පු සවාරි, විනෝද චාරිකා යමින් අවුරුදු සැමරීමේ ප්‍රතිඵල... මේ තත්වයට වගකිව යුත්තේ රජය නොව, රටේ මිනිසුන්මයි. තමන් අනාරක්ෂිතව සිට, රෝගය පැතිරුණාට පසු, එහි වරද රජයට පැවරීම මිනිසුන්ගේ සිරිත වී ඇත. රටේ මිනිසුන්ට හැමදේම තොත්ත බබාලාට මෙන් ඇඟිල්ලෙන් ඇන කියාදෙන්න ඕනේද?

:       4       11

jagathTuesday, 27 April 2021 12:05 PM

අරවින්ද, ඔච්චර දෙයක් තේරුම් ගන්න පුළුවන් ජනතාවක් ඉන්නවා නම් නඩු 32ක් තියන කෙනෙක්ව ජනාධිපති කරයිද? රජයකට බලය දීලා තියෙන්නේ මිනිස්සු නොදැනුවත් නම් මෙවැනි ආපදාකාරී තත්වයකදී බලය පාවිච්චි කරලා පාලනය කරන්න.

:       5       6

aravindaTuesday, 27 April 2021 01:46 PM

පසුගිය වසර පුරා වසංගතයෙන් ආරක්ෂා වන අකාරය පිළිබඳව රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන්, කෙටි පණිවිඩ ආකාරයෙන් ඕනෑවටත් වඩා ජනතාව දැනුවත් කර තිබුණා. දැන් අවශ්‍ය වන්නේ රටේ මිනිසුන් ලඟට ගොස් ඇඟිල්ලෙන් ඇන දැනුවත් කිරීමද?

:       1       3

mihira Tuesday, 27 April 2021 12:12 PM

තීරණයක් ගන්න කොන්දක් නැති ආණ්ඩුවල් පැයෙන් පැයට ගැසට් ගහනවා.

:       3       4

මුණසිංහ Tuesday, 27 April 2021 12:31 PM

ඕක තමයි අපි මුල ඉඳන් කිව්වේ... නියමිත වෙලාවට හරි තීන්දුවක් ගන්නේ නැතිව නිකං සවුත්තු වෙනවා. මහාචාර්යවරු දෙන්නෙක් ඉන්න අමාත්‍යාංශයක්. වැඩ නම් බිංදුවයි.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site