(ටී.කේ.ජී.කපිල )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) අලුයම සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරයක් සඳහා පිටත්ව ගියේය .
ජනපති සමඟ තවත් 18 දෙනෙකු දූත පිරිස ලෙස මෙම සංචාරය සඳහා එක් වී සිටියහ .
මෙම පිරිස අද (8) අලුයම 2.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 707 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් සීෂෙල්ස් බලා පිටත්ව ගොස් තිබේ.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය සංචාරය නිමා කර බදාදා (10) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමා එනකොට ජනාධිපති යනවා.. අර ජනධිපති තුමා එක්ක ගිහින් තියන 18 දූත පිරිස මොක්කුද අප්පේ.. අපේ සල්ලි.. ඕගොල්ලෝ කති බොති ..........
වැඩි කල් යන්න කලින් මෙතුමා අපිට “නව යුගයක් ” බිහි කරන බව ඉතා පැහැදිලිය. මේ බලවත් රාජ්‍යය සමඟ සාකච්චා කර ආර්ථිකයද ගොඩ දමන බවත් නිසැකය.
රටේ ප්‍රශ්න නැතුවා වගේ. අන්තිමට පත්තරෙන් තමයි රටේ වෙන්නේ මොනවද කියලා දැනගන්න වෙන්නේ.කමක් නැහැ තව මාස දොළහයිනේ ඒ ටිකත් උඩු ගුවනට වෙලා ඉන්න.
සල්ලි හංගන්නද? නැතිනම් හංගන හැටි දන ගන්නද?
ලොකු හීනයක් තිබුණා මගෙ හදේ දරා ...... රටවල් ගණන් කෙරුමට ගොස් එරට කරා... නොදනිමි වගකීම මා සතු සිහසුනේ අරා ..... ලෙඩා මළත් බඩ සුද්දයි සකි මමයි ගුරා....
මහින්ද මේ රටේ කෝටි 1750 ඩිපොසිට් කරලා තියෙනවා. විමල් කෝටි 80 ඩිපොසිට් කරලා. නාමල් කෝටි 1000.... මේ අයට යන වියදම් පේනවද? අපට කන්නවත් නැත..
අපට කන්න නැත.. මොවුන් එල්ලුම් ගහේ යවලත් මදි. සල්ලි නැති කර රට කන මොවුන්ට හෙනම තමයි.
සීෂෙල්ස් නෙමේ අගහරු ලොවේ ගියත් වැඩක් නැහැ රාජ්‍ය තාන්ත්‍රික දැනුම හැකියාව අත්දැකීම් නැත්නම්.
මේක කලාවක් වෙලා දැන් මේ රටේ. ජනාධිපතිගේ ධුර කාලය අවසන්වීම කට ළඟ තියාගෙන සීෂෙල්ස් යාම ඒ අයගේ දිනපොත්වල ලියාගෙන තිබෙනවා වගෙයි ! මහින්දගේ අවසන් කාලයේ එයාත් "සල්ලි මලු ගණන් පුරෝගෙන චක්ගෝලයන්" සමග ගුවන් යානයක්ම "නොමිලේ බද්දට අරන්" ඒ ලස්සන දූපතට ගියාලු. දැන් අපේ යහපාලන ජනපතිතුමාටත් එරටට කෙල හැලිලා වගෙයි ! එමෙන්ම මා ජීවත්වන රටේ නම් ජනපති හා අගමැති එකවර විදේශ ගතවන්නේ නැහැ. දෙන්නා පිටරට යන්නේ මාරුවෙන් මාරුවට. මෙහේ ජනපති පිටරටකදී මළොත් රට පාලනය කරන්නේ අගමැති. අපේ ශ්‍රී ලංකාවේ එහෙම වුණොත්, අප්පුවා තමයි රට පාලනය කරන්නේ..... එහෙමද ?
දැන් මේ තැන් වලට ගිහින් පුරුදු වෙන්න ඕන පරණ අය කළා වගේ........ගොඩේ ගොඩ ගුරු සිත නොරිදවා , අකුරු ඉගෙනගනියි ගෝලයා බැති පෙම් උපදවා .
මෙයා යනවා, එයා එනවා. ගිවිසුම් ගහනවා, ඩොලරය වැඩි වෙනවා. තවත් අවුරුද්දක් ඉතුරු වෙලා තියන්නේ. හැකි තරම් ඉක්මනින් ඉතුරු රටවලට ගිහින්, ගිවිසුම් ටික ගහල ඩොලරය 300 ට නග්ගන්න.
නන්දලාල් - රට පාලනය කරන්න කොච්චර අය බලාගෙන ඉන්නවද, පටස් ගාල පාලනය කරයි. දුෂිත නඩු එක දවසින් ඉවරයි.
ජනාධිපති තුමනි දේශපාලකයන්ගේ මුදල් සීෂෙල්ස් වල බැංකු වල තියෙනවා කියලා කතාවක් තියෙනවා නේ එය හරියට සොයාගෙන එන්න කොහොමහරි
සල්ලි ටිකක් බැංකුවකට දාන්න දෝ මන්දා.?