IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනබලයේ කිරි පැකට් ගැන වෙන්නප්පුව ප්‍රා. සබේත් ගාලගෝට්ටියක්


 
 
චන්දන ප්‍රනාන්දු
 
පාලක පක්ෂයේ පොදුජන පෙරමුණේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ ඇලෙක්ස් නිසාන්ත මහතා අද (13) පැවති ප්‍රාදේශීය සභා රැස්වීමේදී සභාවට නොබෝදා කොළඹ පැවති ජනබල උද්ඝෝෂණයේදී ලබාදුන් කිරි පැකට්ටුවක් ඉදිරිපත් කිරීම හේතුවෙන් සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය.    


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කොළඹදී සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට සහභාගී වූ වෙන්නප්පුව ජනතාවට ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන් කුමන්ත්‍රණකාරි ලෙස විෂ සහිත කිරිපැකට් ලබාදීම හේතුවෙන් ඒවා පානය කිරීම නිසා අපහසුවට පත් වූ බව ඔහු පැවසීය.

මෙහිදී විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඇලෙක්ස් නිසාන්ත මන්ත්‍රිවරයාට  චෝදනා කළේ බොරු සන්දර්ශන නොපෙන්වා නීති ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසයි. 


ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ද ඇලෙක්ස් නිසාන්ත මන්ත්‍රීවරයාගේ සහයට එක්වෙමින් එය යහපාලන ආණ්ඩුව ජනබලයට බියවී කළ නින්දිත ක්‍රියාවක් බව පැවසූහ.   


විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව අදහස් දැක්වීමත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එකිනෙකාට අත් දිගු කරමින් ආවේගයෙන් අදහස් දක්වන්නට වූහ.

මෙම ජනබලයෙන් හොරුන් සහ වංචාකරුවන්ව ආරක්ෂා කිරීමට බලාපොරොත්තුවන්නේ නම් එය කවදාවත් සිදුනොවන බව පැවසීමත් සමඟ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අත්පොළසන් දීම විශේෂත්වයක් විය. 



අදහස් (5)

ජනබලයේ කිරි පැකට් ගැන වෙන්නප්පුව ප්‍රා. සබේත් ගාලගෝට්ටියක්

rocky Thursday, 13 September 2018 01:51 PM

ඔය කිරි පැකට් වල වස තිබුන බව කවුද තහවුරු කෙරුවේ? රස පරීක්ෂක වාර්තාවකින් එහෙම කියලා තියනවද? වස වර්ගය මොනවද?

:       28       5

රවින් Thursday, 13 September 2018 02:11 PM

කිරි පැකට් ගැන රස පරීක්ෂක, පොලිස්සිය, නිත්‍යානුකුල පරීක්ෂණ තියනවනේ. මේ උදවිය කරන්නේ ඒවා අවුල්කරන එකයි, ඒ ආරවුලෙන් කියක් හරි හොයාගන්න හදන එකයි. ඇත්තෙන්ම මේ ක්‍රමවේදය පළාත්/ප්‍රාදේශීය ඉවත් කර පැරණි ක්‍රමය ගෙනාවොත් පොදු ජනයාට සෙතක් වේවි. නිලදාරීවාදී අධිකාරිය හොඳයි දේශපාලන අධිකාරියට වැඩිය.

:       18       4

බද්රානි Thursday, 13 September 2018 02:54 PM

කුමක් හෝ කරුණක් අල්ලාගෙන රණ්ඩු කිරීම හැර වෙන මොනවා කරන්නද නේද?

:       29       4

Saththaya Friday, 14 September 2018 03:49 AM

මුදලට සහ බත් පැකට් එකට වහල් වෙලා යන ජනයා මින් පසු ප්‍රවේසම් විය යුතුයි තමන්ගේ ආහාර පාන ලබා ගනිද්දී .

:       12       0

abiya Friday, 14 September 2018 07:44 AM

වැඩක් කරොත් හත් පොලේ ගාගන්නවා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 68 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 935 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site