IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දරුකමට හදාගන්න දුන් දරුවන්ට ඩීඑන්ඒ දත්ත බැංකුවක් පිහිටුවන්නැයි ඉල්ලීමක්

(බිඟුන් මේනක ගමගේ )

දරුකමට හදාවඩාගැනීම සඳහා විදේශිකයන්ට දරුවන් දුන් මව්වරුන්ට සිය දරුවන් සොයාගැනීම සඳහා නෙදර්ලන්ත රජයේ අනුග්‍රහයෙන් ඩී.එන්.ඒ දත්ත බැංකුවක් පිහිටුවීමට කටයුතු කරන්නේ යැයි ‘දරුවන් සොයන ශ්‍රී ලංකා මවුවරු’ සංවිධානය පවසයි.


එසේ සිය දරුවන් සොයමින් සිටින මවුපියවරුන් තම සංවිධානයට තොරතුරු ලබාදෙන්නේ නම් එම දරුවන් දැන් වාසය කරන රටවල් සමඟ සන්නිවේදන කටයුතු කර ඔවුන් එකිනෙකාට මුණගැස්සවීමට කටයුතු කළ හැකි යැයි එම සංවිධානයේ නියෝජිතවරියක වන ෆන් රොසන් මෙනෙවිය ‘ලංකාදීප’ යට පැවැසීය.


සැබැු මවුපියවරුන් සෙවීමට ඇති එකම මග ඩී.එන්.ඒ තාක්ෂණය පමණකැයි කී ඇය ඒ සඳහා විශාල මුදලක් වැය වන බැවින් විදේශ රාජ්‍ය අනුග්‍රහය ලබාගත හැකි වැඩපිළිවෙලක් මගින් මෙම කටයුත්ත වඩා පහසු වන්නේ යැයි කීය.


sri lanka mothers searching for their children යන නමින් අන්තර්ජාලය විමසීමෙන් හෝ  +31 64 3525 451 දුරකථන අංකයට ෆන් රොසන් ඇමැතීමෙන් මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගත හැකි බව එම සංවිධානය පවසයි.

1980 දශකයේදී දරුකමට හදාගැනීම සඳහා වංචනික තොරතුරු ඉදිරිපත් කරමින් මෙරටින්දරුවන් දහස් ගණනක් විදේශයන්ට අළෙවි කර ඇතැයි නෙදර්ලන්ත වාර්තා චිත්‍රපටියකින් පසුගිය වසරේ අනාවරණය කෙරුණු අතර එම දරුවන්ගේ මවුපියන් හඳුනාගැනීම සඳහා ඩී.එන්.ඒ දත්ත ගබඩාවක් සකස් කරන්නේ යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ද පවසා තිබිණි. 
 



අදහස් (0)

දරුකමට හදාගන්න දුන් දරුවන්ට ඩීඑන්ඒ දත්ත බැංකුවක් පිහිටුවන්නැයි ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site