ඉන්දිකා රාමනායක
කුලියාපිටිය පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණාගාරයක වාර්තා ප්‍රතික්ෂේප නොකිරීමට මසකට රුපියල් 25,000 බැගින් රුපියල් 75,000 ක් අල්ලස් වශයෙන් ලබාගත් කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හා පෞද්ගලික රෝහලක විකිරණ තාක්ෂණ නිලධාරියකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද අත්අඩංගුවට ගත්තේය.
පෞද්ගලික රසායනාගාර හිමිකරු මේ සම්බන්ධයෙන් කොමිසම වෙත කළ පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර ඇත.
පැමිණිලිකරුගේ රසායනාගාරයේ වාර්තා මෙම විශේෂඥ වෛද්‍යවරයා ප්‍රතික්ෂේක කරන බවත් එසේ නොකර සිටීමට මසකට රුපියල් 25,000 බැගින් මාස තුනකට රුපියල් 75,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවත් පැමිණිල්ලේ සදහන් වේ.
සැකකාර වෛද්‍යවරයා මෙම මුදල අනෙක් සැකකරු මාර්ගයෙන් ලබා ගැනීමට උත්සහ කිරිමේ දී දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
නොමිලේ රජයේ වෛද්‍ය විද්‍යාලවලින් උගත් දක්ෂ වෛද්‍යවරුන් අසරණ රෝගීන්ට සලකන්නේ මෙහෙමයි. සල්ලි පසුපස යන මෙවන් වෛද්‍යවරුන් ගැන කියන්න දෙයක් ඉතිරිවෙලා නැහැ.
මෙතුමා ඉගෙන ගත්තෙත් සයිටම් එකේද එතකොට?
මෙන්න අර ප්‍රමිතියෙන් ඉහල ලංකාවේ දොස්තරලගෙන් එක්කෙනෙක්, මෙයාල මහජන මුදලින් ඉගෙන ගෙන ඊට පසු මහජන මුදලින් පඩිත් ගෙන ජනතාවටම කොකා පෙන්නනවා. මේ අසාධාරණ වලට එකමුතුව එරෙහි වෙනවා වෙනුවට දේශපාලනිකව බෙදී ඇනකොටා ගන්නවද?
මේ පුද්ගලයාගේ නම මොකක්ද?
මෙන්න මේ විදිහට හම්බ කරන්න පුළුවන් ඒකාධිකාරය නැතිවෙනවට තමා ජී.එම්.ඕ.ඒ. එක බය වෙලා ඉන්නේ...
රසායනාගාර වාර්තාවකට රෝගියෙකුගේ ජිවිතයක් තිරණය කරන්න පුළුවන් තරම් තිරණාත්මක දෙයක්. මේ පුද්ගලයා වෛද්‍ය සාරධර්ම අමතක කරලා. බෙහෙත් ගත්ත ලෙඩ්ඩුන් දැනගන්න අවශ්‍යයි තමන් බෙහෙත් ගේ කාගෙන්ද කියලා. ඒ හින්දා නම කිව්වට කමක් නැහැ.
ජී.එම්.ඕ.ඒ. අයගේ තොරතුරු නම් ඇතුව දෙන්න බැරිවෙයිද?
ඔන්න ඕක තමයි කියන්නේ ලංකාවේ ඕනෑම පහත් වැඩක් සල්ලි වලට කරනවා කියලා. මේ අයව ප්‍රසිද්ධියේ ජනතාවට පෙන්වන්න. හොර දොස්තරලා රටේ වැහි වැහැලා. අපරාදේ, මිනිස් ජිවිත එක්ක නේද මේ සෙල්ලම් කරන්නේ?