ඩී.ජී.සුගතපාල
ගාල්ල දඩල්ල ආදාහනාගාරයේ මළ සිරුරක් ආදාහනය කරමින් සිටියදි ආදාහනය නතර කරන ලෙසට මරණ තර්ජනය කර ආදාහනාගාර සේවකයින්ගේ රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(11) නියෝග කලේය.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ගාල්ල දඩල්ල පදිංචි වැල්ලගේ චතුර සුදේශ් හෙවත් ලාරා නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.
මියගොස් ඇත්තේ අකුරැස්ස මලිදුව කොහුගොඩ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අංශභාගි රෝගි තත්වය මත ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
එසේ ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටියදී කොරියාවේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධයනයවි පැමිණ සිටි ඔහුගේ පුතෙකු උපස්ථාන කටයුතු සඳහා ලඟ සිට ඇත.
එසේ සිටියදී එම පුතාට කොරෝනා වැළඳිම නිසා අයි.ඩි.එච්.රෝහලට යැවිමෙන් පසු පියා මියගොස් ඇත. එහෙත් පියාට කොරෝනා වැළඳි නැති බව තහවුරුවි තිබුනත් සෞඛ්‍ය බලධාරින් තිරණය කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා රෝගින්ගේ මළ සිරුරු සඳහා නිකුත් කර ඇති රෙගුලාසි අනුව පියාගේ මළ සිරුර ආදාහනය කිරිමටය.
ඒ අනුව ඊයේ මළ සිරුර දඩල්ල ආදාහනාගාරයේ ආදාහනය කරමින් සිටියදි පැමිණි සැකකරු ආදහනය නතර කරන ලෙසට මරණිය තර්ජන කර ආදාහනාගාර සේවකයින්ගේ රාජකාරියට බාධා කර ඇති අතර එම අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරින් ඔහු අත් අඩංගුවට ගෙන මෙසේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදි.
නඩු විභාගය ජූලි මස 28 වන දින දක්වා කල් තබන ලදී.
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ආදාහනයට බාධාකළ සැකකරු ඇප මත මුදා හැරේ
සමන්ත Saturday, 11 April 2020 11:00 AM
එතකොට නිරෝධාන රෙගුලාසි වලට අභියෝග කරන අහවල් ශ්‍රී ලාංකිකයින් අත්අඩංගුවට ගන්නේ නැද්ද? සිංහලයින් විතරද අත්අඩංගුවට ගන්නේ? ආදාහනාගාරයට ඇවිත් රාජකාරියට බාධා කලත් ජනමාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කලා කියන්නෙත් නිරෝධායන පනත උල්ලංඝනය කීරීමක්. නීතිය සැමට එක විය යුතුයි..
Raveendra Saturday, 11 April 2020 11:09 AM
ඇත්තෙන්ම මෙම හරකුන් දෙදෙනාව මුදා හැරීමට තිබුනේ නිරෝධ මධ්‍යස්ථාන වැසිකිලි සුද්ද පවිත්‍ර කිරීමට..
sanjeeva Saturday, 11 April 2020 04:24 PM
මෙතන අපි සැළකිල්ලෙන් බැලිය යුතු කාරනා තිබෙනවා.. මීට දවස් කිහිපයකට පෙර මහියංගනය ප්‍රදේශයේ එක්තරා පුද්ගලයෙක් මියගොස් එම දේහය මිහිදන් කිරීමට ගෙනගිය අවස්තාවේදී අසල්වාසීන් එක්වී මහා විරෝධතාවයක් දක්වලා තිබුනා. හේතුව වුනේ කොරෝනා රෝගය හේතුවෙන් මිය යන අයගේ සිරුරු මිහිදන් නොකර ඒවා ආදාහනය කිරීම පමණක් කලයුතුයි කියා තිබීමයි.. නමුත් ඒ මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව කොරෝනා නොවන බව එහි සිටි නිලධාරින් දිගින් දිගටම පැහැදිලි කල අතර ගම්මුන් කෙසේ එය පිළිගත්තා ද නැද්ද අවිනිශ්ච්තයි. .. දැන් ගාල්ලේ වෙලා තියෙන්නේ ඊට වෙනස් දෙයක්. ආදාහනය කරන්න තිබුණු දේහයක් එය නොකරන ලෙස විරෝධතාවයක් ඇතිවීම.. මෙම සිදුවීම් දෙකේම තියෙන්නේ මිනිසුන්ගේ නොදැනුවත්කම, දත්ත දැනගැනීමේ නොසැලකිල්ල සහ ඇත්ත වටහාගැනීමේ අකමැත්ත ... ඉතින් අපි දැන් කොහේ ගොහිල්ල නවතීද ?
හසිත Monday, 13 April 2020 01:10 AM
මම නම් කියන්නේ උන් කෑගහන්න ඇත්තේ දරා ගන්න බැරි වේදනාවට වෙන්න ඇති.. එ්ත් මේ කොරියාවේ ඉඳලා ආපු කෙනාව නිරෝධායනයට නෙමෙයි දාන්න ඕනේ.. මේ හින්දා අපිටත් ජීවත් වෙන්නත් බයයි..