IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නොදන්වා විදුලිය කැපීම ගැන සොයාබලන්න කමිටුවක්

(රංජන් කස්තුරි)

ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් 03 වැනිදා නොදන්වා විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කමිටුවක් පත්කර තිබේ.

විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සමාජිකයින් වන්නේ මහාචාර්ය රාහුල අතලගේ , විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ රත්නසීල සහ සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන්ය.

විදුලිය කප්පාදු නොකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබියදී විදුලිබල මණ්ඩලය ඉකුත්දා 03 වැනිදින රටපුරා ප්‍රදේශ රැසක පැය දෙකක විදුලිය කප්පාදුවක් කර තිබිණි.

 

 



අදහස් (5)

නොදන්වා විදුලිය කැපීම ගැන සොයාබලන්න කමිටුවක්

Hafeel Friday, 07 February 2020 01:47 PM

මේ ආණ්ඩු දෙකටම තියන්නේ එකම විසඳුම් කමිටු පත් කිරීම්... ඔතැනින් ඉවරයි.

:       0       94

Kumar Friday, 07 February 2020 03:29 PM

විදුලිබලය ඉල්ලුම ජනනයට වඩා ඉහළ යන අවස්ථාවේ සමහර පැතිවලට විදුලිය විසන්ධි නොකළොත් සියලුම ජනන යන්ත්‍ර අක්‍රීය වෙනවා.

:       0       1

thilakSaturday, 08 February 2020 12:56 PM

විදුලිබලය ඉල්ලුම ජනනයට වඩා ඉහළ යන අවස්ථාවේ විදුලිය කපාගත්තේ නැත්නම් එකපාරට රටම අඳුරේ. පළමුව එක පෝෂකයක් කපනවා බැරිනම් තවත් කොටසක් කපනවා. බැරිවෙලාවත් සම්පූර්ණයෙන් විදුලිය එකවරම නැති වුණොත් විදුලිය සම්පූර්ණයෙන් ස්ථාපිත කරන්න පැය 4කට වඩා යනවා. එ්ක හින්දා කලින් ඕෆ් කරගන්න එක හොඳයි. විදුලි කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න අය එ් අවස්ථාවේදී වඩාත් හොඳ දේ කරනවා. මේවට කොමිටි ඕනේ නැහැ.

:       0       1

සංජීව Friday, 07 February 2020 05:36 PM

දැන් කමිටු දදා හිටියම ඒ නැතිවෙච්ච පැය දෙක මිනිස්සුන්ට ලැබෙනවද?

:       0       2

විදුලි පාරභෝගිකයා Saturday, 08 February 2020 07:12 AM

බලශක්ති අමාත්‍යාංශයේ මහත්වරුනි..! ඔබතුමන්ලා රටේ මිනිස්සුන්ට විහිලු සපයන්නේ නැතුව ඔබලාගේ වැඩක් බලාගෙන ඉන්න... විදුලිය කැපුවද කියලා රටේ මිනිස්සුන්ට දැන් මතකත් නැහැ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site