(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ සියලු සියළු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික වෛද්‍යවරයකු පිළියන්දල දී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියයි
එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට දින තුනකට පමණ ඉහතදී ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ලියනගේ දයාසේන නැමැති 65 හැවිරිදි සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව බව පොලීසිය කියයි
පිලියන්දල දිසා රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කර තිබූ එම සැකකරු ඒ ආසන්නයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබූ අතර එවකට එහි ආරක්ෂක නිලධාරියා ලෙස පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු ක්‍රියා කර තිබූ බවත් විමර්ශනවල දී හෙළි වූ බව උසස් පොලිස් නිලධාරීන් පැවසීය
එම සැකකරුට මුදල් මෙන්ම බෝම්බය ලබාදී ඇත්තේ මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බවද මේ වන විට තොරතුරු හෙලි වෙමින් පවතින බවත් එයට හේතුව අද 18 රාත්‍රී වනතුරුත් නිශ්චිත ලෙස අනාවරණය නොවූ බවත් උසස් පොලිස් නිලධාරියා කීය
නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට මීට මාස කීපයකට ඉහතදී බෝම්බය තැබීමටද කටයුතු කර ඇත්තේ මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බවට ද බවට ද තොරතුරු අනාවරණ නමුත් එය තහවුරු කරගැනීම සඳහා වෛද්‍යවරයාගේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බවත් උසස් පොලිස් නිලධාරියා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ.
හේතුව අනාවරණය වෙන්නේ නෑ. මොකද හේතුවක් හදන්නනේ තියෙන්නේ. එක එක නාට්‍ය රඟ දක්වනවා, ජාතිවාදී කලබලයක් ඇති කරන්න බැරි වෙච්චි තැන...
ආ දැන් එයාද ඒ ගමන මහ මොලකරු ?හරි ෂෝයි නේ,එතකොට අර මුනි හාදයාට මොකද වෙන්නේ?
විශ්‍රාමික නිසාද නම දාන්න බැරි..?
මෙයා තමයි, මෙයා තමයි... මෙයාව ඇතුළට දාලා වැඩේ අහවරයක් කරන්න..
රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරන්න ගොතපු කතාවක් වගෙයි. අර ගිනි ගත්තු එක්ස්ප්‍රස් පර්ල් නැවේ කචල් එක වහන්න පියුමි හංසමාලිගේ කතාවක් ඇද්දා වගෙයි...
නිකන් ජනතාව නොමග යවන්න කරන වැඩ.බයියෝනම් ෆෝම් වෙයි
මේ වෛද්‍යවරයාගේ ගිනි පැට්ටියේ ගිනි කූරූ කීයක් අඩු වෙලාද?
අර නාමල් කුමාරට වැඩේ බාර දුන්නා නම්, සියලු තොරතුරු අනාවරණය කළ හැකියි.