(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්මලාන, අඟුලාන හන්දියේ සිව්මහල් ගොඩනැගිල්ලක අද(22) අලුයම ගින්නක් හටගෙන ඇතැයි දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කියයි.
මෙම ගොඩනැගිල්ලේ ටයර්, තීන්ත සහ රසායනික ද්‍රව්‍ය තොග වශයෙන් අලෙවි කරන වෙළඳසැල් දෙකක් පිහිටා ඇතැයිද ඔවුහු කියති.
ගින්නෙන් එහි දේපලවලට බරපතල හානි සිදුව ඇති අතර, ගින්න නිවීම සඳහා කොළඹ සහ කෝට්ටේ මහ නගර සභාවේ සහයද ලබාගත් බව වැඩිදුරටත් ඔවුහු කියති.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ඡායාරූප - එච්.එම්.ධර්මපාල



COMMENTS
අද කැබිනට් මණ්ඩලය දිව්රුම් දෙන සුභ නැකැත් දවසක් නේද?
මෙතන තියන ගොඩනැගිලි මගේ මතකයේ හැටියට ගොඩක් පරණ ඒවා.......